News Line| Off Air
Generic placeholder image

Oct
31

ඡන්දය දැමීම ගැන විදේශගත වී සිට පැමිණෙන ජනතාවට මැතිවරණ කොමිසමෙන් උපදෙස්

Generic placeholder image

විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ,ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී ජාතික හැදුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආයුතු බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. මෙවෙනි ඡන්ද හිමියෙකුට විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කලද ,ඊට අමතරව සිය අනන්‍යතාවට අදාළව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක් ද ඉදිරිපත් […]


Oct
31

ජන්දය ප්‍රකාශ කර අදාල ජායාරූප ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරන්නන්ට වැඩ වැරදි

Generic placeholder image

රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යයක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් […]


Oct
31

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් මෝර ප්‍රහාරයකට ගොදුරු වෙයි

Generic placeholder image

ඕස්ට්‍රලියාවේ ක්වින්ස්ලන්ඩ් විට්සන්ඩේ දුපතේදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් මෝර ප්‍රහාරයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම අනතුරෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ස්වීඩන්ජාතික දෙදෙනෙක් සමත්ව තිබෙනවා. මෙම සංචාරකයාගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වී තිබෙන අවස්ථාවේදී මොවුන් දෙදෙනා මෙම අනතුරට පත් පුද්ගලයාට හදිසි ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ඔවුන් දෙදෙනා ස්වීඩන්ජාතික හෙදියක් සහ වෛදයවරයෙක් බවයි පැවසෙන්නේ.


Oct
31

සජිත්ගෙන් තවත් මැතිවරණ පොරොන්දුවක්

Generic placeholder image

සෑම දිසාපති කොට්ඨාසයක්ම ආවරණය වන පරදි තාක්ෂණ උද්‍යාන නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජන රැළියක් ඊයේ(31) පස්වරුවේ තොටළඟ ප්‍රදේශයේ දී පැවැත්වුණු අතර එම රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. රටේ ඉදිරි ගමනේ ප්‍රධානතම පාර්ශවකරුවන් […]


Oct
31

පාකිස්තානයේ දුම්රියක් ගිනි ගනි – 64 ක් මරුට

Generic placeholder image

පාකිස්තානයේ කරච්චි සිට ලාහෝර් බලා ගමන් කරමින් තිබු දුම්රියක ඇතිවු හදිසි ගින්නකින් පුද්ගලයින් 64 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් කෑම පිසිම සදහා යොදා ගත් ගෑස් සිලින්ඩරයක් හදිසියේ පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බව පකිස්තාන බලධාරින් පවසයි. ගින්න දුම්රිය මැදිරි 03කට පැතිරි ගොස් ඇති අතර ගින්නට හසුවු […]


Oct
31

මහේෂ් සේනානායක සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යාල්දේවියෙන් ‍යාපනයට

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා කොළඹ සිට යාපනය බලා ධාවනය වන යාල්දේවි ‍දුම්රියෙන් ඊයේ යාපනය ප්‍රදේශයේ සිය ප්‍රචාරණ කටයුතු සදහා ගිය බව වාර්තා වෙනවා.


Oct
31

පොලිසියේ 102 කට උසස් වීම්

Generic placeholder image

පොලිස් කොමිසම විසින් මැතිවරණ කොමිසමේ එකඟතාව මත පොලිස් අධිකාරීවරුන් 102 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයට උසස් කර තිබෙන බව වාර්තා වෙනවා.


Oct
31

මන්ත්‍රීවරු 225 අතරින් පසුගිය වසර හතරටම 90%ට වඩා පාර්ලිමේන්තු පැමිණීම සටහන් කර ඇත්තේ මන්ත්‍රීවරු 15 පමණයි

Generic placeholder image

ඡන්දය,මාධ්‍යය සහ පාර්ලිමේන්තුව යන මාතෘකාව ඔස්සේ සංවිධානය වූ විශේෂ සංවාදමය වැඩසටහනක් ඊයේ දිනයේදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙය සංවිධානය කරනු ලැබුවේ ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරික්ෂණය වෙබ් අඩවිට වන Manthri.lk වෙබ් අඩවිය විසිනුයි. මෙහිදී පාර්ලිමේන්තුවේ වසර හතරක ක්‍රියාකාරිත්වය පිලිබන්ද කෙටි විශ්ලේශනයක් ඉදිරිපත්වූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම වසර 4 මුළුල්ලේ පාර්ලිමේන්තුවේ මුලු ඵලදායි […]


Oct
31

ශ්‍රීලනිප හා පොහොට්ටුව ගිවිසුම් ගත වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ මෙන්ම පක්ෂ 17ක් ඒකරාශි වී ගිවිසුමකට අද කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින්ය. ඒ අනුව මෙම සන්ධානය එක්ව එළැඹෙන මහා මැතිවරණය සදහා පුටුව ලකුණින් තරග වැදීමට නියමිතව තිබෙනවා


Oct
31

රට කෙළෙසූ කිසිඳු අයෙකුට තමාගේ අත්සනකින් කිසිඳු පත්වීමක් ලබා නොදෙන බවට සජිත්ගෙන් සහතිකයක්

Generic placeholder image

ඊයේ දඹුල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ මේ රට දුෂණය වංචාව පැතිර වූ කිසිම කෙනෙකුට තම අත්සනින් කිසිම පත්වීමක් ලබා නොදෙන බවයි. තම රජයක් යටතේ පත්වීම් ලබා දෙන්නේ දෑත් පිරිසුදු අයට පමණක් බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ. විශේෂයෙන්ම බලයට පත් වූ පසු දැනට […]


Oct
31

කොරියානු චිත්‍රපට දැක්මක් ලබන මස මුල සිට

Generic placeholder image

ලබන නොවැම්බර් මස 08 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලා පරිශ්‍රයේදී කොරියානු චිත්‍රපට දැක්මක් පැවැත්වීමට කොරියානු තානාපති කාර්යාලය කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව ලබන 08 වෙනිදා – ලිට්ල් ෆොරස්ට්, 09 වෙනිදා – ස්ටෑන්ඩ් බයි මි , 10 වෙනිදා – ටනල් , 11 වෙනිදා – රන් ඔෆ් යන චිත්‍රපට මෙම […]


Oct
31

කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න – දෙමළ දේශපාලන පක්ෂ එම රාජ්‍ය සේවකයින්ට කියයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාල තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම අද සිට ආරම්භ වූ අතර දෙමල රාජ්‍ය සේවකයන් හට සිය කැමැත්ත අනුව ජන්දය ප්‍රකාශ කල හැකි බව එම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ‍යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය හා දෙමළ දේශපාලන පක්ෂ විසින් කරුණු 11 යුක්ත යෝජනාවලියක් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයින් හට ඉදිරිපත් කර තිබුනද එය කිසිම අපේක්ෂකයෙක් […]


News Articles
Latest Videos
Most Popular Post