News Line| Off Air
Generic placeholder image

Oct
24

අද රාති‍්‍රයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. එම ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසිද අපේක්ෂා කරන බව කාලගුණ […]


Oct
24

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඒකකයක්

Generic placeholder image

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ කඩ කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙම පැමිණිලි භාර ගැනීමේ ඒකකය පිහිටුවා ඇති බව සදහන්. පැය 24 පුරා ක්‍රියාත්මක එම ඒකකයට 1996 ක්ෂණික අංකය අමතා පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම, […]


Oct
24

සිසුවියක් පණ පිටින් පිළිස්සූ චූදිතයන් 16කට මරණ දඬුවම

Generic placeholder image

නුස්රත් ජහාන් රාෆි නමැති බංග්ලාදේශ ජාතික සිසුවියක පණ පිටින් පිළිස්සූ සිද්ධියක් සම්බන්දයෙන් වරදකරුවන් වූ 16 දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය අප්‍රේල් මාසයේදී මෙසේ ඝාතනය ෆෙනී නගරයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර මේ හේතුවෙන් මිට විරුද්ධව එරට උද්ඝෝෂණ සිදු කල අතර වැරදිකරුවන්ට දැඩිව නිතිය ක්‍රියාත්මක කල […]


Oct
24

පොල් සදහා පනවා තිබු පාලන මිල ඉවතට

Generic placeholder image

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පොල් සදහා රුපියල් 75 ක ලෙස පනවා තිබු උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. තරගකාරී වෙළදපොලක් ඇති කිරීම උදෙසා මෙලෙස පොල් සදහා උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙන අතර එය ඔක්තෝබර් 23 දා සිට බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර තිබෙනවා.


Oct
24

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් තද වැසි පිලිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද උදෑසන එම දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල මෙම අවවාදාත්මක නිවේදනය හෙට පෙ.ව. 6.30 දක්වා වලංගු වෙනවා. දිවයිනේ බස්නාහිර, වයඹ හා උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල හා මාතර යන ප්‍රදේශයන්ට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.


Oct
24

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඕස්ට්‍රේලියානු අගමැති අතර හමුවක්

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක් සදහා ගොස් සිටින ලසිත් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබෙන බව වාර්තා වෙනවා. දෙරට අතර තරග තුනකින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 27 වෙනිදා වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Oct
24

වෙළෙදපලේ ගෑස් හිඟයක්?

Generic placeholder image

මේ දිනවල සෑම ප්‍රදේශයකම පාහේ ගෑස් හිඟයක් පවතින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල ගෘහස්ථ ගෑස් මිලට ගැනීමට පවා නොමැති බවයි සදහන් වන්නේ. එමෙන්ම ගැස් සමාගම් විසින් ඔවුන්ට ලැබෙන ගෑස් දෛනිකව අලෙවි නියෝජිතයන්ට ඉතා සිමිත ප්‍රමාණයක් ලබා දෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.


Oct
24

බත් කනවාද? වෙඩි කනවාද? තීරණය ජනතාව සතුයි – රනිල්ගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ලග්ගල නව නගරයේ පැවැති ජන රැලිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ ඉදිරි ජනපතිවරණයේදී මේ රටේ ජනතාව බත් කනවද, වෙඩි කනවද, පිළිබද යම් තීරණයක් ගත යුතු බවයි. ඒ අනුව බත් කන්න ඕනෑ නම් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දිය යුතු බවත් වෙඩි කන්න […]


Oct
24

ඉන්දීය ක්‍රිකට් ලොක්කා ලෙස සව්රව් ගංගුලි පත් වෙයි

Generic placeholder image

ලෝක ක්‍රිකට් ආයතනයන්හි ප්‍රබල ආයතනයක් වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව එම ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහ පුටුවට හිටපු ටෙස්ට් නායක සව්රව් ගංගුලි මහතා තේරී පත් වී තිබෙනවා. මුම්බායිහිදී ඊයේ පැවැති රැස්වීමකදී ඔහුව ඒ අනුව ඒකමතිකව තේරී පත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත්කරන ලද කමිටුවක අධීක්‍ෂණය යටතේ මෙම පාලක මණ්ඩලය පාලනය වනවා. සව්රව් […]


Oct
24

රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපාලා – කාරක සභා අවසන් වාර්තාවෙන් හෙළිවේ

Generic placeholder image

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන හේතුව ලෙස රාජ්‍ය බුද්ධි අංශයේ අඩුපාඩු බව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද විමර්ශනයට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව තුලින් හෙළිව තිබෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන්ම ආණ්ඩු වෙනස් වුවද මේ පුද්ගලයින් පිලිබදව දැඩි අවදානයකින් පසු වුයේ නම් මෙවැනි අන්තවාදී […]


Oct
24

කොළඹට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දැඩි රථවාහන තදබදයක්

Generic placeholder image

මේ වන විට කොළඹ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනවා. මේ හේතුවෙන් බොහෝ මාර්ගයන් ජලයෙන් යට වී තිබෙන බව අප වාර්තාකරුවන් සදහන් කරනවා. විශේෂයෙන්ම හයිලෙවල් මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තද බදයක් ඇතිව තිබෙන අතර මේ හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුවත් කර සිටිනවා.


Oct
24

ජනතාව කේන්‍ද්‍ර කරගත් ආර්ථික සැලසුමක් තමා සතු බව ගෝඨාභය කියයි

Generic placeholder image

පොහොට්ටුවෙන් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ තලාතුඔය ප‍්‍රදේශයේ පැවති මහජන රැළියක් අමතමින් සදහන් කලේ සෑම ජන කණ්ඩායමකගේම ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි ජනතාව කේන්‍ද්‍ර කරගත් ආර්ථික සැලසුමක් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post