විද්‍යුත් තරාදි බලපත්‍ර අළුත් කිරීමකට අදාළව අල්ලස් ගැනීමට තැත් කිරීමේ සිද්ධියකට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ, මිනුම් සේවා හා උපක්‍රම පරීක්ෂකවරියක් අද බලංගොඩ නගරයේදී අත්අඩංගුවට පත් වුණා. ඇයව අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්. විද්‍යුත් තරාදි 42ක බලපත් ලබන වසර සඳහාර අළුත් කිරීමට නියමිත මුදලට වඩා රුපියල් 300 බැගින් […]
මඩකලපුව, පුදුකුඩිඉරිප්පුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය බිරිඳට පිහියෙන් ඇණ බරපතල තුවාල සිදුකර තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා බිරිඳගෙන් වෙන්ව ජීවත් වන අතර දරුවන් දෙදෙනාට සහ බිරිඳට නඩත්තු නොගෙවීම හේතුවෙන් ඔහුව වසරක් රක්ෂිත බන්ධනාගාරගතකර තැබූ අයෙක් බවයි. ඉන් නිදහස් වී පැමිණ තිබූ එම පුද්ගලයා සිය බිරිඳට පිහි දෙකකින් 13 වතාවක් ඇණ තුවාල සිදුකර පළා ගොස් තිබුණා. තුවාල […]
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යයත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල්ම ණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එක් දරුවෙකුට රුපියල් 15,000 බැගින් ශිෂ්‍යත්ව 9,000ක ප්‍රමාණයක් එලෙස පිරිනැමීමට නියමිත බවයි. ඒ සඳහා වන ඉල්ලුම්පත් පහත වෙබ් අඩවිය මගින් ලබාගත හැකි වනවා. www.etfb.lk
කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. පසුගිය 9 වැනිදා එම කාර්යාලය තුළ පැවැත්වූ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තාවලට අනුව ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. තැපැල් කාර්යාලයේ රියදුරෙකු ඇතුළු තිදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති අතර ඒ අනුව නැවත දැනුම් දෙනතුරු අදාළ කාර්යාලය වසා දැමීමටයි බලධාරීන් කටයුතු කළේ.
දොඩම්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ ඕලන්දයේ ජිනවංස හිමිගේ අපවත් වීම ඝාතනයක් යැයි මාධ්‍ය මගින් පළ වන වාර්තාවලට විරෝධය දක්වමින් බම්බලපිටියේ සිරි වජිරාරාමය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වූ එම හිමිනමගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිය දිවි හානිකර ගැනීමකට තුඩු දෙන කරුණු හෙළිදරව් වී ඇතත් වැඩිදුර කරුණු සනාථකර ගැනීමට අවශ්‍ය […]
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඊට අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දුන්නා. අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර එම සාකච්ඡාව අද උදෑසන පැවැත්වුණේ, විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි. පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද […]
ගුවන් තොටුපල විවෘතකර සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සංචාරක අමාත්‍ය කාර්යාලයේදී ගුවන් සේවා නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ කෙරුණා. සෞඛ්‍ය බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි එම සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණේ්.
කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 570 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 22,831ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෛනික කොරෝනා තත්ත්ව වාර්තාවට අනුව ආසාදිතයින් 7,636 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළඳුණු බවට සැක පුද්ගලයින් 604 දෙනෙකු වෛද්‍ය අධීකරණය […]
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සීමාවේ වසා දැමුණු පාසල් 45න් පාසල් තුනක් හැර සෙසු පාසල් 42 එළැඹෙන සඳුදා සිට යළි විවෘත කරන බව අද උදෑසන නිවේදනය කෙරුණා. ඒ අනුව මහනුවර – ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෛයිමගල් දෙමළ විද්‍යාලය යන පාසල් එදිනට විවෘත නොකරන පාසල් වනවා. අද මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මධ්‍යම […]
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ, කුරුණෑගල දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතායි. එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පැවැත්වූ පරීක්ෂණවලදී නැගෙනහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද ඉස්ලාම් අන්තවාදින් බලවත්ව සිට ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි. එම […]
කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්වුණා. වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු, වියළි භූමියක් තෝරා ගත යුතු යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නා. […]
විදෙස් රටවල සිට මෙරටට පැමිණි පිරිසකටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 69ක්. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 538ක් දක්වා ඉහළ ගියා.