News Line| Off Air
Generic placeholder image

Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන 8 දක්වා ඉහළට – විමර්ශ කටයුතු සී.අයි.ඩීයට

Generic placeholder image

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම සිද්ධිය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8ක් බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා තහවුරු කළා. එමෙන්ම සිද්ධියත් සමග රැඳවියන් භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඔවුන්ගෙන් මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් මෙන්ම […]


Nov
30

ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා බවින් ඉවතට

Generic placeholder image

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් අද උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව යන පොලිස් වසම් මෙලෙස හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බවයි. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යන පොලිස් බලප්‍රදේශ ද යළි විවෘත කෙරුණා.


Nov
30

අද සිට හුදෙකලා වන ප්‍රදේශ

Generic placeholder image

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ තැබීමට බලධාරීන් තීරණයකර තිබෙනවා. ඒ අනුව වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්ඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය සහ සාලමුල්ල හා විජයපුර යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 5 සිට හුදෙකලා බවට පත් කෙරුණා. එමෙන්ම මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් […]


Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ එක් නිලධාරියෙකුට බරපතලයි

Generic placeholder image

ඊයේ මහර බන්ධනාගරයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළුව 43 දෙනෙකුට තුවාල සිදු වුණා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, එම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් නිලධාරියෙකුගේ තත්ත්වය බරපතල බවයි. එමෙන්ම අදාළ සිද්ධියෙන් මියගිය රැඳවියන් ගණන 6 දක්වා ඉහළ ගිය බව අද උදෑසන නිවේදනය කෙරුණා.


Nov
30

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි

Generic placeholder image

සති අන්තයේ සීමා කෙරුණු පොදු ප්‍රවාහන සේවා අද සිට යළිත් සාමාන්‍ය ලෙස සිදු කෙරෙන බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සති අන්තයේ සීමා කෙරුණු දුම්රිය පසුගිය සතියේ ධාවනය වූ පරිදි අද සිට යළි ධාවනයට එක් කෙරෙන බවයි. එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ සහ අන්තර් පළාත් බස් රථ සාමාන්‍ය කාල සටහන්වලට අනුව […]


Nov
30

ඇන්ටිජන් කට්ටල රජයේ සියලු ප්‍රධාන රෝහල් වෙත – පෞද්ගලික රෝහල්වලටත් ඒ සඳහා අවසර

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන ඇන්ටිජන් පරීක්ෂණවලට අවශ්‍ය කට්ටල රජයේ සියලු ප්‍රධාන රෝහල් වෙත ලබා දී තිබෙනවා. එමෙන්ම පෞද්ගලික රෝහල්වලට ද එම පරීක්ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය අවසරය මේ වනවිට ලබා දී ඇති අතර එහි අධීක්ෂණ කටයුතු සිදු වන බව රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පැවසුවා. ඔහු පැවසුවේ, […]


Nov
30

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය ගණන 6 දක්වා ඉහළට – 43ක් රෝහලේ

Generic placeholder image

මහර බන්ධනාගාරයෙ ඊයේ අැති වූ නොසන්සුන්තාව හේතුවෙන් මියගිය ගණන 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 43 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර අැති අතර එ් අතරට බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු ද අයත්. එමෙන්ම එම සිද්ධියත් සමග බන්ධනාගාරයේ හටගත් ගින්න මේ වනවිට පාලනයකර තිබෙනවා. එහි තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. මහර […]


Nov
29

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් පසු මළ සිරුරු 4ක් සහ තුවාල ලැබූ 24 දෙනෙකු රාගම රෝහලට

Generic placeholder image

මහර බන්ධනාගාරයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු රාගම ශික්ෂණ රෝහල වෙත ගෙන ආ මළ සිරුරු 4ක් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සිද්ධියෙන් තුවාල ලැබූ 24 දෙනෙකු ද මේ වනවිට රෝහල්ගතකර ඇති බවයි.


Nov
29

මහර බන්ධනාගාරයේ සිද්ධිය සමග ඇති වූ ගින්නක් පාලනයට ගිනි නිවන රථ යෙදවේ

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාරී තත්ත්වය සමග හටගත් ගින්නක් පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ යොදවා තිබෙනවා. ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සඳහා සිය රථ 6ක් පිටත්කර හැර ඇති බවයි. එමෙන්ම සිද්ධියෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ තවත් 5 දෙනෙකු රාගම රෝහල වෙත ඇතුළත්කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් ද […]


Nov
29

කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. කොළඹ 2, ගොතටුව, මොරටුව, හලාවත, අකුරැස්ස, කොළඹ 13 සහ මරදාන යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 7 දෙනෙක් එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 116ක් දක්වා ඉහළ ගියා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Nov
29

මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන සෙවීමට කමිටුවක්

Generic placeholder image

මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් පත්කර තිබෙනවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අදාළ සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 5 දෙනෙකු රාගම රෝහලට ඇතුළත්කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා. මේ අතර එම සිද්ධිය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් තැබූ වෙඩිල්ලකින් රැඳවියෙකු […]


Nov
29

පී.සී.ආර්. මඟ හරින අයට හෙට සිට වැඩ වරදින ලකුණු

Generic placeholder image

පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිට, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව හෙට සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, දැනට හුදෙකලාකර ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන බවට තොරතුරු වාර්තා වන බවයි. සතියකට ආසන්න කාලයක් මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවත් […]


News Articles
Latest Videos
Most Popular Post