නව ආසාදිතයින් 173 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා ද මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනා ගැනුණු ආසාදිතයින් ගණන 496ක්. එමෙන්ම මේ වනවිට දිවුලපිටිය සහ […]
පිටකොටුව පොලිස් බලප්‍රදේශය හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කළ ද මැනිං පොදු වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර නොදෙන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එහි හතරවන හා පස්වන හරස්වීදිවල ද තොග සහ වෙළඳාම් කටයුතු සිදු කිරීම නැවත දැනුම් දෙනතුරු සිදු කළ නොහැකි බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, […]
පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 323 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා එම පොකුරේ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රිතව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 19,773ක්.
මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. බන්ධනාගාරයේ රැඳවියෙකු පළා යාමට තැත් කිරීමේදී මෙම නොසන්සුන්තාව හටගෙන තිබුණේ අද පස්වරුවේයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා කැළණිය ජ්‍යෙෂ්ඨ […]
අද තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 107ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොළඹ 13, කොළඹ 9, මරදාන, කොළඹ 15, කොළඹ 2, කොළඹ 10, කොළඹ 13 යන ප්‍රදේශවලින් සහ මැගසින් බන්ධනාගාරයෙන් අදාළ මරණ වාර්තා […]
තවත් කොරෝනා ආසාදිතයින් 221 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා ද පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා එම පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 472ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයින් හමු වීමත් සමග එහි මූලාශ්‍රය ලෙස හඳුනා ගැනෙන්නේ කොළඹ සහ බස්නාහිර පළාත බව සෞඛ්‍ය අංශ පවසනවා. මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බවයි. කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ හුදෙකලාකර තිබුණ […]
රට තුළ පවතින තත්ත්වය හමුවේ හෙට සහ අනිද්දා දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 30 වැනි සඳුදා දින සිට පසුගිය සතියේ ධාවනය වූ පරිදි එම සියලුම දුම්රිය ධාවනය කිරීමට කටයුතුකර ඇති බවයි. ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබෙනවා. එම කාල සටහන […]
අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ, විජේරාම නිල නිවසේදීයි. එහිදී ප්‍රථමයෙන් අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් එක් කළා. කොරෝනා වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් මුහුණ පා ඇති අර්බුදකාරී […]
කොරෝනා ආසාදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අංගොඩ මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, වෛද්‍ය උපදෙස් මත ඔහුව එම රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බවයි. ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණේ පසුගිය බදාදා දිනයේදීයි. ඒ අනුව අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණු […]
මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය තහවුරු කළා. ඇය පැවසුවේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ සායනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතු වීමත් සමග සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි. එම සායනයේ අනෙකුත් කාර්යය […]
නව ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 18,742ක්.