News Line| Off Air
Generic placeholder image

Nov
27

හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා කියයි

Generic placeholder image

මඩකලපුව, පූනානි හි පිහිටි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කළ පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ එය පවරා ගැනීමෙන් පසු අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා එම විශ්වවිද්‍යාලයේ සම්පත් යොදා ගැනීමට කටයුතු කරන බවයි. අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් […]


Nov
27

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

Generic placeholder image

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත්කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇති බවයි. මින් පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතායි.


Nov
27

සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා සමු ගනියි (ඡායාරූප)

Generic placeholder image

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ බුවනොස් අයරෙස්හිදී සිදු කෙරුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෞද්ගලික මට්ටමින් සිදු කෙරුණු අවසන් කටයුතු සඳහා සමීප ඥාතීන් සහ මිත්‍රයින් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටි බවයි. ඉන් පෙර මැරඩෝනාගේ දේහය බුවනොස් අයරෙස්හි පිහිටි ජනාධිපති මන්දිරයේ තැන්පත්කර තැබුණු අතර අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ […]


Nov
27

ජනපති, රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නා හිමියන් බැහැ දකියි (ඡායාරූප)

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවා. උන්වහන්සේ වැඩ වාසය කරන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙණ වෙත ගිය ජනාධිපතිවරයා උන්වහන්සේ වෙත සිය සුභාශිංසන පිරිනැමුවා. ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට […]


Nov
27

මහනුවර පාසල් වසා දැමුවේ ඇයි?

Generic placeholder image

මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ඊයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පෙරේදා පියවර ගත්තා. ඒ, මහනුවර නගරය සහ ආශ්‍රිත නගර කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන්. එමෙන්ම පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වන තවත් කරුණක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, බස් රථ ආදි පොදු ප්‍රවාහන සේවාවල ප්‍රමාණය […]


Nov
27

සීමාව ඉක්මවා මගීන් ගෙන යන බස් රථවලට එරෙහිව නීතිය තදින්ම

Generic placeholder image

සීමාවක් නොමැතිව මගීන් පටවා ගන්නා බස් රථ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසනවා. පෞද්ගලික මගී ප්‍රවාහන බස් ගාස්තු ඉහළ දැමීමක් කරනු ලැබුවේ මගීන් සීමාකර ධාවනය කිරීමේදී සිදුවන පාඩුව මග හරවා ගැනීමට වුවත් ඇතැම් බස් රථ පෙර පරිදිම මගීන් ගෙන යන […]


Nov
27

කොරෝනා ආසාදිත ශානි අබේසේකරව අයි.ඩී.එච්. වෙත මාරු කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

කොරෝනා ආසාදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා අංගොඩ මූලික රෝහල වෙත මාරුකර යවන ලෙස පාර්ශව කිහිපයක් ඉල්ලීම්කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ හිටපු අධ්‍යක්ෂවරයාව අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් […]


Nov
27

කොරෝනා ආසාදනය වූ තවත් 410 දෙනෙකුට සුවයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 410 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16,226 දක්වා ඉහළ ගියා.


Nov
26

තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි – මෙරට මරණ සංඛ්‍යාව සියයේ සීමාව අභියස

Generic placeholder image

මීට ස්වල්ප මොහොතකට පෙර වාර්තා වූ තවත් කොරෝනා මරණ තුනක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 99 දක්වා ඉහළ ගියා. කොළඹ 8, බම්බලපිටිය සහ පෑලියගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මෙලෙස මියගොස් තිබූ අතර ඔවුන් 73ත් 87ත් අතර වයස් සීමාවල පසුවන්නන්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Nov
26

නව ආසාදිතයින් 211 හඳුනා ගැනේ

Generic placeholder image

තවත් නව කොරෝනා ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 553ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්තය දැක්වෙන්නේ 18,491ක් ලෙසයි.


Nov
26

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි

Generic placeholder image

මියගිය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද රාත්‍රී නිකුත් වුණා. එම වාර්තාවට අනුව ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. අද උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇද වැටීමෙන් ඔහු මිය ගොස් තිබුණා. මියයන විට 42 හැවිරිදි වියේ පසු වූ […]


Nov
26

එල්.පී.එල්. තරඟාවලිය හම්බන්තොටදී ඇරඹෙයි

Generic placeholder image

ලංකා ප්‍රීමියර් ලීග් T20 ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහි කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් කණ්ඩායම තීරණය කළේ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු රැකීමටයි. තරඟාවලිය දෙසැම්බර් […]


News Articles
Latest Videos
Most Popular Post