මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට සිට යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, අවම කාර්යය මණ්ඩලයක් සහිතව එම කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කරන බවයි. ප්‍රධාන කාර්යාලය යළි විවෘත කළ ද සේවාවන් ලබා ගැනීම සඳහා කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් […]
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 14,497ක්. එමෙන්ම තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන අසාසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 5,587ක් ලෙසයි.
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 87ක් දක්වා ඉහළ නංවමින් තවත් සිව්දෙනෙකු මරණයට පත් වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, කොළඹ 15, කොළඹ 12, බොරැල්ල සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු එලෙස මියගොස් ඇති බවයි. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :
අද මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා. ඒ, අද රාත්‍රී තවත් නව කොරෝනා ආසාදිතයින් 216 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,643ක් වන අතර අද දිනයේ මේ දක්වා කාලය තුළ […]
කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පත් කළ විශේෂඥ කමිටුව සිය නිගමනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ, අදාළ මළ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමිදානය කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තෙක් දැනට ක්‍රියාත්මක […]
කොරෝනා තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ කිසිඳු නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි. වසංගත තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත්කර ඇති උපදෙස්වලට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ […]
බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල පාසල් හැරුණු කොට පාසල් 5,100කට ආසන්න සංඛ්‍යාවක් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා හෙට සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, සියලු පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය උපදෙස් අනුව මේ වනවිට නිකුත්කර ඇති […]
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. ඒ, කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ සහ ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, එලෙස ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇතැම් නිලධාරීන් තැපැල් සහ ඖෂධ බෙදීම් රාජකාරී සඳහා […]
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව හෙට සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමගින් පෙන්වා දී ඇත්තේ, හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස්බල ප්‍රදේශ හරහා දුම්රිය නොනවත්වා ධාවනය කරන බවයි. එලෙස ධාවනය කෙරෙන දුම්රිය පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි, තද සුළං සහ මුහුදු ප්‍රදේශ රළු වීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කළා. එහි දැක්වෙන්නේ, දිවයිනට ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 48 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි. මේ අතර […]
දිවුලපිටිය සහ පැලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් නව ආසාදිතයින් 175 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,427ක්.
දිනකදී සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින් තවත් කොරෝනා මරණ 9ක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළඹ 2, වැල්ලම්පිටිය, දෙමටගොඩ, කොළඹ 10, කොළඹ 13, වැල්ලවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 9 දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගියා. […]