News Line| Off Air
Generic placeholder image

Nov
24

වසරේ ජනප්‍රියම වචනය

Generic placeholder image

මේ වසරේ ලොව වැඩිම වාර ගණනක් භාවිත කළ වචනය “කොරෝනා වෛරස්” බවට පත්ව තිබෙනවා. මෙලෙස සෑම වසරකම ලොව වැඩියෙන්ම භාවිත කළ වචනය නම් කරනු ලබන්නේ, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය සකසන සහ යාවත්කාලීන කරනු ලබන සංවිධානය විසින්. ඒ අනුව එම සංවිධානය ලොව වැඩියෙන්ම භාවිත කළ වචන තුනක් නම්කර ඇති අතර ඉන් පළමු තැන හිමිව ඇත්තේ, “කොරෝනා […]


Nov
24

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම සහ මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ් කරන ලෙස අද අධිකරණය නියෝග කළා. ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායිල් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. මින් පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් […]


Nov
24

ඝාතනයකට චෝදනා ලැබ බන්ධනාගාරයේ සිටි පිල්ලෙයාන්ට ඇප

Generic placeholder image

ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පස්දෙනෙකුට අද අධිකරණය ඇප නියම කළා. ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්. එම ඝාතනයට අදාළ නඩුව අද මඩකලපුව මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා නියෝගකර ඇත්තේ, එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා […]


Nov
24

“නිවාර්” චණ්ඩ වන ලකුණු – උතුරු, නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නොයෙදෙන්නැයි දැනුම් දීමක්

Generic placeholder image

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “නිවාර්” සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම සුළි කුණාටුව ඉදිරි පැය 36ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ […]


Nov
23

තවත් කොරෝනා මරණ 3ක් – සමස්ත මරණ ගණන 90 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා. හෙයියන්තුඩුව, කොළඹ 15 සහ කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු […]


Nov
23

තවත් ආසාදිතයින් 131 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා ආසාදනය වූ තවත් 131 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 335 දෙනෙක් හඳුනාගෙන ඇති අතර දිවලුපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 16,978ක්. එමෙන්ම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 20,508ක් ලෙසයි.


Nov
23

පොලිස්පති ධුරය වැඩබලන පොලිස්පතිවරයාට ද?

Generic placeholder image

වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත් කිරීමේ නිර්දේශය පාර්ලිමේන්තු සභාව අද තහවුරු කළා. ඒ සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශකර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.


Nov
23

නව ආසාදිතයින් 204ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 204 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.


Nov
23

පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල කිරීමේ වරදට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එම සිසුවා සිය මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිට ඇති අතර පන්දුව අදාළ වෛද්‍යවරයාගේ නිවස පිහිටි ඉඩමට ගොස් තිබුණා. එය ගැනීම සඳහා ඊට ඇතුළු වූ සිසුවාට කිසිඳු සොයා බැලීමකින් තොරව වෛද්‍යවරයා […]


Nov
23

විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීම අද සිට

Generic placeholder image

2019 සහ 2020 යන අධ්‍යයන වර්ෂ වෙනුවෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අදින් ආරම්භ වුණා. මාර්ගගත ක්‍රමයට (Online) ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර ඒ අනුව ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 41,500ක් බවයි.


Nov
23

පීඩන අවපාතය සුළි කුණාටුවකට පෙරළෙයි – ඉදිරි පැය 48 මුහුද රළු විය හැකි බවට අනාවැකි

Generic placeholder image

බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ත්‍රිකුණාමලය වෙරළට කිලෝ මීටර 325ක දුරින් ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉදිරි පැය 24 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි. ඉදිරි පැය 48 තුළ එය වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ […]


Nov
23

ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිපදවූ කොරෝනා එන්නතෙහි සාර්ථකත්වය සියයට 70ක්

Generic placeholder image

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවූ කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන එන්නත සියයට 70ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක් පෙරමුණ ගෙන කටයුතුකර තිබීම ද විශේෂත්වයක්. කෙසේ වෙතත් කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාවේ සමාගම් දෙකක් එක්ව නිෂ්පාදනය කළ එන්නතක් සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම්කර ඇති බව පසුගිය දා […]


News Articles
Latest Videos
Most Popular Post