කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 485 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15,000 ඉක්මවූ අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 15,447ක් ලෙසයි.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරුණු අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇපකරුවන් ඔහුගේ ළඟම ඥාතීන් විය යුතු බවයි. එමෙන්ම අධිකරණය රිෂාඩ් මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක් […]
නව ආසාදිතයින් 171 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් දිවලුපිටිය සහ පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාව 458ක්. එහි සමස්තය දැක්වෙන්නේ 17,436ක් ලෙසයි.
තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ගිනිගත්හේන ප්‍රදේශයේ 74 හැවිරිදි පුද්ගලයෙක්, සියඹලාපේ ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද […]
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව අද පස්වරුව වනවිට කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර 280ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එය ඉදිරි පැය 36 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. තවදුරටත් උතුරු සහ නැගෙනහිර මුහුදේ ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි […]
පසුගිය දා මහනුවර – දිගන, අලුත්වත්ත, අඹකොටේ, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවල ඇතිව තිබූ භූ කම්පනයට හේතුව හුණු ගල් කැනීම නොවන බවට ආනරවණ වී ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව පවසනවා. ඒ පිළිබඳ විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා සය පුද්ගල කමිටුවක් පත් කළේ පරිසර අමාත්‍ය මහින්ද […]
පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 17,000 ඉක්මවා ගියා. ඒ, අද එම පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 287 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එලෙස හඳුනාගත් ආසාදිතයින් පෑලියගොඩ පොකුරෙන් මින් පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 17,265ක් ලෙසයි.
මහනුවර, අකුණ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක් සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා. ඔහු පැවසුවේ, ඊයේ දක්වා මහනුවරින් ආසාදිතයින් 144 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ අකුරණ ප්‍රදේශයෙන් බවයි. ඒ අනුව අකුරණ – තෙළැඹුගහවත්ත සහ බුළුගහතැන්න යන ග්‍රාම […]
ගර්භණී මවකට යම් රෝගී තත්ත්වයක් හෝ සංකූලතාවක් පවතින්නේ නම් නිවසට වී නොසිට වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. මේ වනවිට හුදෙකලාකර ඇති ප්‍රදේශවල වෙසෙන ගර්භණී මාතාවකට යම්කිසි අවදානම් තත්ත්වයක් මතු වුවහොත් ගර්භණී සටහන් පොත භාවිත කළ හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම හුදෙකලා තත්ත්වයේ පවතින ප්‍රදේශවල මාතෘ හා ළමා සායන නියමිත පරිදි […]
අපරාධ නඩු 9,688කට අදාළ කටයුතු පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද අවසන්කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව අදාළ නඩුවල චූදිතයින් 4,019 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුයේ අධි චෝදනා ගොනුකර ඇති බවයි.
ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් ජෝ බයිඩ්න්ට විධිමත් අයුරින් බලය පැවරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් බවට වන ලිපියක් ට්‍රම්ප් පරිපාලනය විසින් බයිඩ්න්ට යොමුකර ඇති බවයි. මැතිවරණ පරාජය පිළිගනිමින් “කළ යුතු දේ කළ යුතු” බව ට්‍රම්ප් පවසා තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මෙම […]
කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 14,962 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ, අද තවත් ආසාදිතයින් 465 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමගයි.