News Line| Off Air
Generic placeholder image

Nov
14

දීපවාලි උත්සවය අදයි – ජනපති අගමැති සුබ පතයි

Generic placeholder image

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි. තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්. හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, […]


Nov
13

“කොරෝනා මෘත දේහ භූමිදානය ගැන තවමත් අවසන් තීරණයක් නැහැ” – පවිත්‍රා වන්නිආරච්චි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානය සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කිසිඳු තීරණයත් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ සම්බන්ධයෙන් විවිධ ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුවෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බවත් ඇය ප්‍රකාශ කළා. අදාළ කමිටුවේ ඉතිරි වාර්තා ලැබීමෙන් පසු ඒවා සළකා බලා ඉදිරි […]


Nov
13

තවත් ආසාදිතයින් 198ක් – පෑලියගොඩ පොකුර 12,425ට නගියි

Generic placeholder image

දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්‍රයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 12,425ක් දක්වා ඉහළ ගියා. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම ආසාදිතයින් සියල්ලන්ම පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


Nov
13

තවත් කොරෝනා මරණ 5ක්

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ නංවමින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ, රත්මලාන සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
13

රැඳවියන් පිරිසක් අදත් බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක

Generic placeholder image

කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී අද පස්වරුවේ සිට විරෝධතාවක නිරත වනවා. ඒ, ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ කඩිනමින් අවසන්කර සිය නිවෙස් වෙත යාමට ඉඩ දෙන්නැයි ඉල්ලමින්. පවතින වසංගත තත්ත්වය හේතුවෙන් හැකි ඉක්මනින් තමන්ට නිවෙස් වෙත යා යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇප ලබා දෙන ලෙසත් විරෝධතාවයේ නිරත රැඳවියන් […]


Nov
13

මහමඟදී සිදු වූ මරණවලට හේතුව කොරෝනා යැයි අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන්ට එරෙහිව පරීක්ෂණ

Generic placeholder image

මහමඟ මියගොස් සිටියදී හමු වන පුද්ගලයින්ගේ මරණවලට හේතුව කොරෝනා වෛරසය යැයි විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පතුරුවන්නන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි පුද්ගලයින් සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භකර ඇති බවයි. මේ වනවිට මෙරට සිදුව ඇත්තේ […]


Nov
13

කොළඹ මහනගර සභා සීමාවේ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවෙස්වල පදිංචිකරුවන්ට දැනුම් දීමක්

Generic placeholder image

කොළඹ මහනගර සභා සීමාව තුළ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට නිවෙස්වලම රැඳී සිටින් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග සහ පිළිකා වැනි රෝග එම රෝග අතරට අයත් වන අතර එවැනි රෝගවලට ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් […]


Nov
13

තවත් 378කට සුවයි – සුව වූ සංඛ්‍යාව 11,000 ඉක්මවයි

Generic placeholder image

වෛරසය වැළඳී සුව වූ ගණන 11,000 පසු කරමින් තවත් පුද්ගලයින් 378 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,031 දක්වා ඉහළ ගියා. එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 4,644 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


Nov
13

කොරෝනා මළ සිරුරුවලට කළ යුතු දේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිපියකින් පහදයි

Generic placeholder image

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ බැහැර කිරීමට ඇති එකම ක්‍රමය ආදාහනය පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එම සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා තිබෙනවා. එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, කොරෝනා මරණ බැහැර කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී […]


Nov
13

අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

ගල්කිස්ස ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමු වූ බව පොලිසිය පවසනවා. ලද තොරතුරක් මත කළ සොයා බැලීමකදී අද උදෑසන අදාළ මළ සිරුර හමු වී ඇති අතර මේ වනවිට එම මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත්කර තිබෙනවා. අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇති බවයි පොලිසිය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස, ශ්‍රී ධර්මපාලාරාම ප්‍රදේශයේ පදිංචිව […]


Nov
13

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට

Generic placeholder image

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේදන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මැද පෙරදිග ඇතුළු රටවල සිටින පුද්ගලයින් කාණ්ඩ වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.


Nov
13

මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයෙක් ඇද වැටී හදිසියේ මියයයි

Generic placeholder image

පානදුර, බණ්ඩාරනායක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකෙු ඇද වැටී මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා එම අනතුරට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල්. එම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post