පවුල් ආරවුලක් දුරදිග යාම නිසා සිය දියණියන් සිව්දෙනාටම වසා පොවා ඔවුන්ගේ මව ද වස පානයකර රෝහල්ගත කිරීමේ පුවතක් කිළිනොච්චියෙන් වාර්තා වනවා. පොලිසිය පැවසුවේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව වැඩිමහල් දියණිය මියගොස් ඇති බවයි. එම දියණියන්ගේ පියා ආනන්දපුරි ප්‍රදේශයේ ඉදි කළ කෝවිලක ආගමික කටයුතු සදහා රැඳී සිටිමට ගත් තීරණයක් සම්බන්ධයෙන් මව උරණ වී තිබුණා. එම ආරවුල දුරදිග යාම […]
මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නොපවත්වා ඒ වෙනුවට 25දෙනෙකු පමණක් සහභාගී කරවාගනිමින් ලුහර් සලාතය ඉටු කරන ලෙස සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මුස්ලිම් දේවස්ථානවල භාරකාර මණ්ඩලවලට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ මතුව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ආගමික කටයුතු සඳහා එක් රැස්විය හැකි ප්‍රමාණය 25 කට සීමා කිරීමට මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් අදාළ තීරණය […]
වසංගත රෝග විද්‍යා අංශය මගින් සකස් කළ කොරෝනා සම්බන්ධ තත්ත්ව වාර්තාවට අනුව මෙරට තුළ තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 12,570ක්. ඒ, විදේශිකයින් 100 දෙනෙකු, ශ්‍රී ලාංකිකයින් 1,465 දෙනෙකු, ශ්‍රී ලංකාව තුළදී වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් 950දෙනෙකු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් 651 දෙනෙකු, මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ 9,091 දෙනෙකු […]
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලියට අන්තර් කාලීන විසඳුමක් ලෙස ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සේවා සැපයීමේ ක්‍රමවේදයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භකර තිබෙනවා. පුද්ගල ජීව දත්ත සහ ජීව මිතික දත්ත ඇතුළත් කරමින් මෙම තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට නියමිතයි. ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව, මෙම වැඩපිළිවෙල සමඟ […]
ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් එරට වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රාන්ත කිහිපයක අධිකරණ හමුවේ නඩු ගොනු කළා. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු ගොනුකර තිබුණේ මිචිගන්, පෙනිසියුලා සහ ජෝර්ජියා යන ප්‍රාන්ත අධිකරණ හමුවේයි. එලෙස පැවරූ නඩු විභාගයට ගත් අධිකරණ, ට්‍රම්ප්ගේ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නැති බව ප්‍රකාශකර තිබෙනවා . එබැවින් යළි ඡන්ද ගණන් […]
මින් පෙර හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කර තිබූ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බදුගම නව ජනපදය යළි විවෘත කෙරුණා. ඒ අනුව එම ප්‍රදේශය මේ මොහොතේ සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.
රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ පොලිස් රථ වාහන අංශ මගින් නිකුත් කර ඇති ස්ථානීය දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වූවන් සඳහා සහනදායී වැඩ පිළිවෙළක් සකස්කර තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෞඛ්‍ය නිර්දේශ මත වසා දමා ඇති ප්‍රදේශවල සහ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල තැපැල් කාර්යාල විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් අදාළ […]
වෛරසය මර්දනය කළ හැකි එන්නතක් නිශ්චිතවම සොයා ගන්නා තෙක් මෙරට තුළ එම පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පැවැතිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ, ඉදිරි වසර දෙක තුනක් දක්වා මෙම අවදානම පැවැතිය හැකි බවයි. […]
රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර දිවයින පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. ඉන් 85 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති අතර බස්නාහිර පළාතෙන් පොලිස් නිලධාරීන් 199 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය […]
නිරෝධායනය වන පුද්ගලයින් සඳහා ලබා දෙන බඩු මල්ල ගැනීමට වංචනික උත්සාහයක නිරත වූ තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවේ, එම බඩු මල්ල ගැනීමේ අරමුණින් නිරෝධායනය වූ අදාළ පුද්ගලයින් තිදෙනා පිළිබඳ දැනටමත් තොරතුරු ලැබී ඇති බවයි. ඔවුන් එලෙස නිරෝධායනය වී ඇත්තේ, තමන් පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසැලට ගිය බවත්, එහි වෙළෙඳුන්ගෙන් මාළු මිල […]
මාවනැල්ලේ මංගල උත්සවයක මනාල යුවලකට සහ මනාලයාගේ මවට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මනාලයා කොළඹ ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු වන අතර මංගල උත්සවයට කොළඹ සිට පැමිණි මනාලයාගේ පාර්ශවයේ සිව්දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වුණා. ඉන් පසු මනාල යුවළට සහ මනාලයාගේ පාර්ශවයට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී එම යුවලට සහ මනාලයාගේ […]
රිජ් ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 33 දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 20 දෙනෙකු දරුවන් වන අතර 12 දෙනෙකු මව්වරුන් බව රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. මේ අතර එම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණා. කෙසේ වෙතත් එම වෛද්‍යවරයාට වෛසරය වැළඳී ඇත්තේ රෝහල තුළින් නොවන බව තහවුරු වී […]