News Line| Off Air
Generic placeholder image

Nov
5

බුලත්කොහුපිටිය සහ ගලිගමුව යළි විවෘත කෙරේ

Generic placeholder image

මින් පෙර හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන පොලිස්බල ප්‍රදේශ යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව අද සිට එම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.


Nov
5

නව ආසාදිතයින් 170ක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා වෛසරස් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ආශ්‍රිතයින්. ඒ අනුව, අද දිනයේ මේ දක්වා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 383ක් වන අතර මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,570ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 9,092ක් බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.


Nov
5

තවත් ආසාදිතයින් 213ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 213 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.. එහි ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස හඳුනාගත් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව ‍මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,400 දක්වා ඉහළ ගියා.


Nov
5

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

Generic placeholder image

දිනයකදී සිදු වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. එම සංඛ්‍යාව 5ක්. ඒ අනුව කොළඹ 2, වැල්ලම්පිටිය, කොළඹ 12, කොළඹ 14, කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 46, 68, 58, 73 සහ 74 යන වයස් කාණ්ඩවල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මරණ නිවෙස්වල සහ රෝහල්වල ආදී වශයෙන් වාර්තා වී […]


Nov
5

කොරෝනා මර්දනයට අදත් ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් රැසක්

Generic placeholder image

කොරෝනා වෛසරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කෙරෙන දෛනික සාකච්ඡාව අදත් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතරයි. එහිදී ජනාධිපතිවරයා නිලධාරීන් අමතමින් කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි. මේ වනවිට දිවයන පුරා නිවෙස් 31,457ක 84,000කට ආසන්න පිරිසක් […]


Nov
5

අනවසර විදුලි රැහනක් උසස් පෙළ සිසුවෙක්ට මරු කැඳවයි

Generic placeholder image

හතරලියද්ද, ඇලෝටුව ප්‍රදේශයේ පිහිටි කුඹුරු යායක් සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා ඒ වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී 19 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පසුගිය 2වැනිදා සහභාගී වී ඇති අතර පෙරේදා දිනයේ ද විභාගයට සහභාගී වීමට සූදානමින් සිට තිබෙනවා. එම සිසුවා 2වැනිදා රාත්‍රියේ වෙනත් නිවසක සිට සිය නිවස […]


Nov
5

කටුගස්තොටින් ආසාදිතයෙක් – ආශ්‍රිතයින් 12ක් නිරෝධායනයට

Generic placeholder image

කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව කටුගස්තොට පොලිසිය පවසනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාළ පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳ ආයතනයක සේවය කරන අතර ඉකුත් පළමුවැනිදා කුරුණෑගල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වී තිබුණා. ඉන් නිකුත් වූ වාර්තාව අනුව ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ […]


Nov
5

පී.සී.ආර්. කරන්න යුද හමුදාවත් මැදිහත් වෙයි

Generic placeholder image

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට යුද හමුදාව මැදිහත් වී තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවට පී.සී.ආර්. යන්ත්‍රයක් පිරිනමා ඇති බවයි. ඉදිරියේදී තවත් යන්ත‍්‍ර ගෙන්වා දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට යුද හමුදාවේ දායකත්වය ලබා දීමට කටයුතු කරන බව ද යුදහමුදාපතිවරයා කියා […]


Nov
5

දිනකදී සුව වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වෙයි – 765ක් නිවෙස් වෙත

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී, සුව වූ සංඛ්‍යාව අද 6000 පසු කළා. ඒ, රෝහල්ගතව සිටි 765 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. දිනකදී සුවය ලැබූ වැඩිම සංඛ්‍යාවත් මෙය වන අතර මින් පෙර එලෙස 506 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියේ, පසුගිය පළමු වැනිදායි. මේ වනවිට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6,623 දක්වා ඉහළ ගොස් […]


Nov
5

දිගුකාලීන පෙණහලු රෝගීන්ට කොරෝනා ආසාදනය වුණොත් මැරෙනව ද?

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත් වූ බොහෝ දෙනෙකු දිගු කාලීන පෙණහලු දුර්වලතා පැවැති පුද්ගලයින් බවට ලන්ඩන් නුවර පර්යෂෙකයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් තුළ පැවැති මෙම රෝග තත්ත්වයන් “දිගුකාලීන COVID ” ලෙස හැඳින්විය හැකි බවත්, එම රෝගීන් මාස ගණනාවක් පුරා එම රෝග ලක්ෂණවලින් පීඩා විඳිමින් සිටින්නට ඇති බවත් පර්යේෂකයින් පෙන්වා දෙනවා. කොරෝනා වෛරසය වැළඳී මරණයට […]


Nov
5

කොරෝනා මහනුවරත් ආක්‍රමණය කරමින්

Generic placeholder image

මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනකෙු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා. ඒ, මහනුවර – ගඟවටකෝරලය, පාතදුම්බර, මැදදුම්බර, උඩුදුම්බර, උඩපළාත, දෙල්තොට, යටිනුවර, තුන්පනේ, හාරිස්පත්තුව, මිණිපේ, දොළුව, තලාතුඔය සහ අකුරණ යන ප්‍රදේශවලින්. ඒ අනුව එම ආසාදිතයින්ගේ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, ඔවුන් සඳහා රුපියල් […]


Nov
5

අනවසරයෙන් පැවැත්වූ මංගල සාදයක මනාල යුවළටත් කොරෝනා

Generic placeholder image

මාවනැල්ල ප්‍රදේශයේ අනවසරයෙන් පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ ඔවුන්ට සිදුකළ පි.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුවයි. වෛසරය වැළඳී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසුවේ, ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයින් 120 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවයි. මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කය තුළ […]


News Articles
Latest Videos
Most Popular Post