News Line| Off Air
Generic placeholder image

Nov
5

ඇමරිකාවේ අවසන් ප්‍රාන්ත පහේ ජනාධිපතිවරණ ප්‍රතිඵල තවමත් ප්‍රමාදයි

Generic placeholder image

ඇමරිකාවේ ජනාධිපතිවරණයට අදාළව තීරණාත්මක ප්‍රාන්ත පහක ඡන්ද ප්‍රතිඵල තවමත් නිකුත් වී නොමැති බව ඇමරිකානු මාධ්‍ය පවසනවා. ජනාධිපතිවරණය වංචාවක් බවත්, ඡන්ද ගණනය කිරීම නවතන ලෙස ඉල්ලමින් අධිකරණයට යන බවත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මින් පෙර පවසා තිබුණා. ඒ අනුව පෙනිසිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල ඡන්ද ගණනය නවතන ලෙස ඉල්ලා තමන් මිචිගන් ප්‍රාන්ත අධිකරණය හමුවට යන බවට […]


Nov
5

වැලිකඩ බන්ධනාගාරයටත් කොරෝනා

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියින් ඇතුළු 7 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. රැඳවියින් දෙදෙනෙකු, කාන්තා රැඳවියින් සිව්දෙනෙකු සහ නිලධාරියෙකු එලෙස හඳුනාගත් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ. ඒ අනුව සියලුම කාන්තා රැඳවියින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.


Nov
5

අධිකරණයෙන් නියම කළ දඩය ගෙවා ගැනීමට නොහැකි වූ තරුණයෙක් සිර කුටිය තුළදීම දිවි හානිකර ගනියි

Generic placeholder image

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තරුණයෙකුට අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකව සියදිවි හානි කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු වරද පිළිගෙන ඇති බවයි. ඒ අනුව අධිකරණයෙන් ඔහුට රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙසත්, එය ගෙවීමට අපොහොසත් වන්නේ නම් මසක සිර දඩුවමකට යටත් විය යුතු […]


Nov
5

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 273ක් වෙයි

Generic placeholder image

මේ වනවිට පොලිස් නිලධාරීන් 273 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 180 ක් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන්. එමෙන්ම නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1, 302ක්. මේ අතර වරාය සේවකයින් […]


Nov
5

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් – සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අධික වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආපදා කළමණකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් ප්‍රදේශ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් ප්‍රදේශ ඉලක්ක කර […]


Nov
5

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් තාවකාලිකව වැසේ

Generic placeholder image

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. තැපැල්පතිවරයා පැවසුවේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අදාළ තීරණය ගෙන ඇති බවයි.


Nov
5

ගවයන් ප්‍රවාහනය කළ රථයක් පසුපස හඹා යාමේදී අනතුරට ලක් වූ ආණමඩුව ට්‍රැෆික් ඕ.අයි.සී මරුට

Generic placeholder image

ඊයේ මධ්‍යම රාත්‍රිෙය්දී සිදු වූ රිය අනතුරකින් ආණමඩුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  කොට්ටුකච්චිය ප්‍රදේශයේ ගොවිපොලකින් අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුක් මත එම ස්ථානාධිපතිවරයා තවත් නිලධාරියෙකු සමග අදාළ රථය පසුපස හඹා ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ, නිලධාරියාට රථය පාලනය කරගත නොහැකිව ආණමඩුව ඔරලෝසු කණුවේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බවයි. අනතුරින් […]


Nov
4

සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

සහල් මිල සඳහා නව පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ඇති. අදාළ ගැසට් නිවේදනය පහතින් :


Nov
4

මියගිය තවත් පුද්ගලයෙකුට කොරෝනා – එය කොරෝනා මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය අංශ කියයි

Generic placeholder image

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු නිවස තුළ ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පසුගිය 2 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මියගොස් තිබෙනවා. ඔහුගේ දේහය සම්බන්ධයෙන් අද දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මියයාමට ආසන්නතම හේතුව අනුව එම මරණය […]


Nov
4

24 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය නිවසේ සිටියදී මියගොස් ඇති අතර ඇයගේ දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම කාන්තාව කොරෝනා ආසාදිතව සිට ඇති බව හඳුනාගෙන තිබෙනවා. අදාළ කාන්තාව මසකට අධික කාලයක් රෝගී වී නිවසේ සිට ඇති බවත්, නිධන්ගත රෝගවලින් පෙළී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. එම කාන්තාව මිය […]


Nov
4

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු නොකිරීමට අදාළ දඩ පනවන්නේ නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම ආදායම් වාර්තා ගොනු කිරීමට අදාළ අවසන් දිනය මේ මස 30 වැනිදා වුව ද දැනට රට තුළ පවතින තත්ත්වය මත බදු ගෙවන්නන්ට […]


Nov
4

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවයි – තවත් ආසාදිතයින් 274ක්

Generic placeholder image

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවමින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 274 දෙනෙකු වාර්තා වුණා. ඉන් 7 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගැනුණු අතර අනෙක් 267 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ආසාදිතයින් 6097 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය […]


News Articles
Latest Videos
Most Popular Post