News Line| Off Air
Generic placeholder image

Nov
4

වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව ජනපති කියයි

Generic placeholder image

කොරෝනා වෛරසයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිතුමා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොවිඩ් මර්දන කාර්යය සාධක බලකා සාමාජිකයින් අද හමු වූ අවස්ථාවේදීයි. […]


Nov
4

22වැනි සහ 23වැනි මරණ වාර්තා කරමින් ඊයේ මියගිය කාන්තාවන් දෙදෙනාටම නිධන්ගත රෝග තිබූ බවට හඳුනා ගැනේ

Generic placeholder image

මෙරට 22 වැනි සහ 23 වැනි කෝරෝනා මරණ ඊයේ වාර්තා වූ අතර ඔවුන් දෙදෙනාම කොළඹ මහනගර සභා සීමාව තුළ පදිංචිව සිටි කාන්තාවන්. ඉන් එක් කාන්තාවක් පසුගිය පළමුවැනිදා මියගොස් තිබුණා. 68 හැවිරිදි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත්තේ ඇයගේ දේහය පිළිබඳ කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවයි. ඒ අනුව එය මෙරට සිදු වූ 22වැනි කොරෝනා […]


Nov
4

මොණරාගල බන්ධනාගාර ගැටුමේ සුලමුල

Generic placeholder image

මොණරාගල බන්ධනාගාරයේ නිලධාරීන් හා සිරකරුවන් අතර ඊයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිරකරුවෙකු මියගොස් නියාමකවරයෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ක්‍රියාත්මකයි. අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි උලුපිටිය ගමගේ උපුල් නිලන්ත නොහොත් “මැක්කා” නැමැත්තා බවට කරුණු අනාවරණ වී තිබෙනවා. ඊයේ පෙරවරුවේ සිර කුටි විවෘත කිරීම ප්‍රමාද වීම ගැටුමට හේතුව බවයි බන්ධනාගාර […]


Nov
4

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

දිවයිනේ ඇතැම් පළාත් සහ දිස්ත්‍රික්කවලට ඇතිවිය හැකි වැසි තත්වය පිළිබඳ සඳහන් නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඌව, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා. එම ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා […]


Nov
4

කොරෝනා මරණ කාණ්ඩ දෙකකට වර්ග කෙරේ

Generic placeholder image

කොරෝනා මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෘජු කොවිඩ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කොවිඩ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන් කර දැක්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයන කොරෝනා වෛරස් රෝගීන් අයත් වන්නේ […]


Nov
4

මොණරාගල බන්ධනාගාරයේ සිද්ධිය ගැන හොයන්න විමර්ශනයක්

Generic placeholder image

මොණරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සහ බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඊයේ ඇති වූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. එම නියාමකවරයාට මියගිය රැඳවියා පහර දී ඇති බවට අනාවරණ වී ඇතැයි ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. ඒ […]


Nov
4

නිරෝධායනය වන ජනතාවට සහන සැලසීමට ඔක්තෝබරයේ පමණක් රුපියල් බිලියන 7කට අධික මුදලක්

Generic placeholder image

නිරෝධායනය වෙමින් සිටින ජනතාවට සහන සැළසීමට රජයෙන් රුපියල් බිලියන 7.3කට අධික අරමුදලක් (මිලියන 7355.53) වෙන්කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය යළිත් වාර්තා වීමත් සමග මේ දක්වා කාලය තුළදී අදාළ මුදල් ප්‍රමාණය වෙන් කර තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු පාර්ශවයන්ගේ ඉල්ලීම මත තවදුරටත් අවශ්‍ය මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන බව මහාභාණ්ඩාගාරය නිවේදනය […]


Nov
4

ගොඩ ගැසී තිබූ මාළු කිලෝ 80,000ක් ධීවර සංස්ථාවෙන් මිලට ගනියි

Generic placeholder image

ධීවර වරායවල ගොඩ ගැසී තිබූ මාළු කිලෝ ග්‍රෑම් 80,000ක් මේ වනවිට මිල දී ගෙන ඇති බව ධීවර සංස්ථාව පවසනවා. බලයා කිලෝවක් රුපියල් 200කටත්, ලින්නා කිලෝවක් රුපියල් 150කටත්, කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 350කටත් මිල දී ගන්නා අතර තලපත් කිලෝවක් රුපියල් 550කටත් කොප්පරා කිලෝවක් රුපියල් 600ක මිලකටත් ගැනීමට කටයුතු යොදා ඇති බව ධීවර සංස්ථාව පැවසුවා. එලෙස මිලට ගන්නා […]


Nov
4

මැතිවරණය වංචාවක්! ඡන්ද ගණනය නවතන්නැයි ඉල්ලා අධිකරණයට යන බව ට්‍රම්ප් කියයි

Generic placeholder image

ජනාධිපතිවරණය වංචාවක් බවත් ඡන්ද ගණනය නවතැන්නැයි ඉල්ලා තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත් ජෝ බයිඩ්න් සිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.


Nov
4

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

Generic placeholder image

බස්නාහිර පළාත තුළ මේ වනවිටත් තාවකාලිකව අත්හිටුවා ඇති වාහන බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු තවදුරටත් අත්හිටුවන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් සහ ගණන් දීමේ නිලධාරීන් පවසනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස එම ක්‍රියාමාර්ගය ගත් බවයි අදාළ නිලධාරීන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් www.motortraffic.wp.gov.lk වෙත පිවිසීමෙන් ඔන්ලයින් ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බව […]


Nov
4

ඇඳිරි නීති පලපත්‍ර විකිණූ පුද්ගලයෙක් පොලිස් දැලේ

Generic placeholder image

ඇඳිරි නීති බලපත්‍ර තුනක් අලෙවි කළ පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, කුලී රථ සේවා සපයන පෞද්ගලික ආයතනයක් සදහා නිකුත් කර තිබූ ඇදිරිනීති බලපත්‍ර, අදාළ පුද්ගලයා වෙනත් පිරිසකට මෙලෙස අලෙවි කර ඇති බවයි. සැකකරු රුපියල් දොලොස්දහසක මුදලකට එම බලපත්‍ර අලෙවි කර ඇති බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.


Nov
4

බයිඩ්න් සහ ට්‍රම්ප් කරට කර සටනක

Generic placeholder image

නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය නිකුත් කර තිබූ ඇමරිකානු ජනාධිපතිවරණයේ ආසන්නතම ඡන්ද ප්‍රතිඵල සටහන පහතින් :


News Articles
Latest Videos
Most Popular Post