News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

තාරුණ්‍යයේ රැකියා අවස්ථා වැඩිදියුණු කරනවා – ගෝඨාභය

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කලේ සිය ධුර කාලය තුල තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන බවයි.


Nov
4

20යි 20 වෙනුවෙන් සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකාව සටන් කරන රටවල් 03 මෙන්න

Generic placeholder image

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රටවල් ත්‍රිත්වයක් සමග තරග වැදීමට සිදුවනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින රටවල් වන්නේ ඕමානය , අයර්ලන්තය, පැපුවා නිව්ගිනියාවයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ පළමු තරගය අයර්ලන්තය ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Nov
4

ඉන්දියාවේ වායු දුෂණය ඉහලට

Generic placeholder image

ඉන්දියාවේ පවතින අධික වායු දුෂණය හේතුවෙන් නව දිල්ලි අගනුවර මේ වන විට වායු ගුණාත්මකභාවය සැලකිය යුතු අයුරින් පහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ හේතුවෙන් අගනුවර ආශ්‍රිත ජනතාගේ දෛනික ජිවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ආශ්‍රිත සියලු පාසල් වසා දමා තිබෙන අතර මාර්ග කිහිපයක්ද ගුවන් වාර බොහොමයක්ද එම […]


Nov
4

ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට එරෙහි පෙත්සම් විභාගයට අවසර

Generic placeholder image

රූපවාහිනී සංස්ථාව ජනපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට එරෙහිව පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අතරින් පෙත්සම් දෙකක් 2ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.


Nov
4

තිලංග කණගාටුවෙන හේතුවක් මෙන්න

Generic placeholder image

පසුගියදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇති කරගත් ගිවිසුම පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසන්නේ එම තීරණය සම්බන්දයෙන් තමන් අතිශයින්ම කණගාටුවන බවයි. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙලෙස සහය පල කිරීම කිසිසේත්ම ශ්‍රීලනිපය රැකගැනීමට සිදු කරන දෙයක් නොවන බවයි.


Nov
4

සජිත්ට තවත් සහයක්

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනපතිවරණයේදී සිය සහය පල කරන බව රුහුණු ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අජන්ත ද සොයිසා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඊයේ පැවති හමුවකදී


Nov
4

සුපිරි නිළි දීපිකාගේ Instagram ගිණුම මිලියන 40 ඉක්ම වූ රසිකයින්ගෙන් පිරි යයි

Generic placeholder image

බොලිවුඩ් සුපිරි නිලි දීපිකා පදුකෝන්ගේ Instagram ගිණුම මිලියන 40 ඉක්ම වූ රසික රසිකාවියන් පිරිසක් සිටින බව වාර්තා වෙනවා. ඇය වත්මන් බොලිවුඩයේ සිටින ඉතා ජනප්‍රියම කාගේත් සිත් දින ගන්නා ආකර්ශනීය නිළියක්. ඇයද මීට ප්‍රතිචාර දක්වමින් සදහන් කරන්නේ තමන් එම රසිකයින්ට තමාගේ ස්තුතිය පුද කරන බවයි.


Nov
4

සුළු අපනයන බෝග සඳහා ස්ථාවර මිලක් – සජිත්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ මාපලගම පැවති ජනරැලියක් අමතමින් සදහන් කලේ සුළු අපනයන බෝග වගාවක් වෙනම අධිකාරියක් ස්ථාපනය කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම සුළු අපනයන බෝග සඳහා ස්ථාවර මිලක් ලබා දී, නොමිලේ පොහොර ලබා දී මටද තම බලයට පත් වූ පසු කටයුතු කරන බවයි.


Nov
4

ජාතික ආරක්ෂාවලට මුල් තැන – ගෝඨාභයගෙන් සහතිකයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ තවත් ජන රැලි කිහිපයකට සහභාගී වුණා. ඒ අනුව ඊයේ අහුංගල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කලේ තමා සහ තම කණ්ඩායම රටේ ජාතික ආරක්ෂාවට මුල් තැනක් දී කටයුතු කිරීමට කැපවෙන බවයි. මෙම රජය ඊට මුල් තැන ලබා නොදීම හේතුවෙන් මෙලෙස අන්තවාදී ප්‍රහාරයන්ට […]


Nov
4

පළමු 20යි 20 තරගයෙන්ම ඉන්දියාව බංගලියන් හමුවේ දැවැන්ත පරාජයකට

Generic placeholder image

ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ බංගලාදේශය සමග පැවති පළමු පන්දුවාර 20 යි 20 තරගයෙන්ම දරුණු පරාජයක් ඉන්දීය කණ්ඩායම බංගලාදේශය හමුවේ ලබා ගත්තා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 කට රැස් කලේ ලකුණු 148 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශය කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසු කිරීමට සමත් වුණා. ඒ අනුව 20යි […]


Nov
4

නයගරා දිය ඇල්ල දෙසට ගසා ගෙන ආ පෞරාණික නෞකාව

Generic placeholder image

1918 පමණ නයගරා දිය ඇල්ල මුදුනේ ගල් පර අතර සිර වී තිබු නෞකාවක් වසර 100 කට මතු වී තිබෙනවා. මෙය කැනඩා දේශසීමාවෙන් නයගරා දිය ඇල්ල ඇද වැටෙන ආසන්න ප්‍රදේශයේ සිට ජල පහරවල වේගවත් භාවය නිසා මෙලෙස එම ස්ථානයෙන් ගසා ගෙන පැමිණ ඇති බව එම බලධාරීන් පවසනවා.


Nov
4

තැපැල් ඡන්ද විමසීම අදත්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාල තැපැල් ජන්ද විමසීම අද දිනයේත් රජයේ සේවා ස්ථාන තුල පැවැත්වෙනවා. ඒ අනුව අද දිනයේ සියලු පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට සිය තැපැල් ජන්දය භාවිතය සදහා අවස්ථාව හිමිවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post