News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

දෙහිවල දී ෆේස්බුක් සාදයක් වටලයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ දෙහිවල හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තවන් 17 දෙනෙකුද සිටින බවයි පොලිසිය සදහන් කරන්නේ. මෙම පිරිස දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සිට පැමිණි අය වන බවත් මෙහිදී කේරළ ගංජා ඇතුළු නීති විරෝධී මත් දුම්වැටි, මත් පැන් තොගයක් අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.


Nov
3

චන්ද්‍රිකාට එරෙහිව ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණ

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව විනය පරීක්ෂණ ගැනීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මිට හේතුව වශයෙන් සදහන් වන්නේ පසුගියදා හිටපු ජනාධිපතිනි ‘ අපි ශ්‍රී ලංකා කදවුර නමින් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වීමයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා […]


Nov
3

ජනපතිවරණය සම්බන්ධ TNA අවසන් තීරණය අද

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාල දෙමළ ජාතික සන්ධානයේ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මිට ඉහතදී දේශපාලන පක්ෂ නායකයන් හා යාපනය විශ්ව විද්‍යාලය එක්ව කරුණු 13 කින් යුක්ත යෝජනාවලියක් ප්‍රධාන අපේක්ෂකයින් හට ඉදිරිපත් කලද ඒ කිසිවෙකුගෙන් ඒ පිලිබද ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඒ අනුව අද වව්නියාවේදී මෙම දෙමල සියලු දේශපාලන පක්ෂ ඒකරාශී වී […]


Nov
3

නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය අදයි

Generic placeholder image

ජනපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සදහා අද දිනය විශේෂ දිනයක් ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජනතාව අද දිනය තුල පුළුවන් හැකි පමණින් නිවෙස් තුල රැදී සිටමින් ඒ සදහා සහය පළ කරන ලෙස එම කොමිසම වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.


Nov
3

දිවයින පුරා අදත් සවසට වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ යන පළාත් වලට අද සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං ද අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Nov
2

යොවුන් පරපුරට සජිත්ගෙන් ඩිජිටල් විප්ලවයක්

Generic placeholder image

යොවුන් පරපුර ඩිජිටල් විප්ලවයක් හරහා නව තාක්ෂණය හා එක්කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා. බුලත්සිංහල නගරයේ ඊයේ පස්වරුවේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ බුලත්සිංහල නගරයේදී පැවැත්වුණා.


Nov
2

රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද

Generic placeholder image

2019 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද ජපානයේ යොකොහමා හිදී පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2 යි 30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි. රග්බි ලෝක කුසලානයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ සමත් වූ අතර එම තරගයේදී ඔවුන් අතින් පරාජයට පත් වුයේ වේල්ස් කණ්ඩායමයි.


Nov
2

හොද පර්ෆියුම් එකක් තෝරාගන්නේ කොහොමද?

Generic placeholder image

පර්ෆියුම් කියන්නේ අද කාලේ විශේෂයෙන් තරුණ ගැහැණු පිරිම දෙපාර්ශ්වයටම ඉතාම වැදගත් දෙයක්. නමුත් පර්ෆියුම් තෝරා ගන්න කොට තමන්ට ගැළපෙන හරි විදියේ එකක් තෝරාගත යුතුයි. පර්ෆියුම් එහෙම නැත්නම් සුවද විලවුන් වුණත් පාවිච්චි කරන්න නිවැරදි ක‍්‍රමයක් තියෙනවා. අන්න ඒ ගැන දැන ගන්න මේ කරුණු ටික බලන්න. 01. එක එක සුවද පර්ෆියුම් වර්ග එක එක විදියේ සුවද විලවුන් […]


Nov
2

නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වැසේ

Generic placeholder image

අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය රියදුරන්ට දැනුම් දීමක් සිදුකළා. එම අලුත්වැඩියා කටයුත්ත සති අන්තයේ අවසන් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.


Nov
2

තැපැල් ඡන්දය දමා ඒවා ඡායාරූප ගත කළ තිදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

තැපැල් ඡන්ද සලකුණු කර, ඒවා ඡායාරූප ගත කළ ගුරුවරු දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොළ, කැකිරාව, කටුගස්තොට ප්‍රදේශයන් හිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා. පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා. මේ අතර, ඡන්දය සලකුණු කරන ලද […]


Nov
1

තරඟාවලියේම ජය ඕස්ට්‍රේලියාවට

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (01) පැවැත්වුණ තුන්වන සහ අවසන් 20යි 20 තරගයේ ජය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ පන්දුවාර 17යි පන්දු 4කදී කඬුලු 3ක් දැවී ලකුණු 145ක් ලබා ගනිමින්. ඒ අණුව තුනට බින්දුවක් ලෙස තරඟාවලියේම ජය ඕස්ට්‍රේලියා කණ්ඩායම හිමිකරගත්තා. කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් […]


Nov
1

කේන් විලියම්සන් චෝදනා වලින් නිදහස් වෙයි

Generic placeholder image

නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව පරීක්ෂණවලදී තහවුරු වී තිඛෙනවා. එබැවින් ඉදිරි තරගවලදී ඔහුට සුපුරුදු ලෙස පන්දු යැවීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. පසුගිය ශ්‍රී ලංකා තරග සංචාරයේ ගාල්ලේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා එල්ල වුණා.


News Articles
Latest Videos
Most Popular Post