බලපත්‍ර නොමැතිව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සමඟ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව් – පුදුමාතලන් වෙරළ තීරයේ ඊයේ සිදුකළ වැටලීමකිදි මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සකකරුවන් අවුරුදු 36 ත් 40 ත් අතර වයස්වල පසුවන කල්පිටිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්. එම කටයුතු සඳහා යොදාගත් යාත්‍රා 4 ක් ද නාවික […]
දකුණු පළාත තුළ කිසිදු පාසලක/ආයතනයක/ප්‍රදේශයක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මේවන විට වාර්තා වී නොමැති බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා වෙත අද (23) පෙරවරුවේ සහතික කර තිබෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (ජාතික පාසල් හා පාසල් කටයුතු) විසින් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත […]
ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 3140 ක් සමඟ හම්බන්තොට – මයුරපුර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගාල්ල ප්‍රදේශයේ සිට හෙරොයින් රැගෙනවිත් මෙලෙස අලෙවි කරන බවට අනාවරණ වී අති බව සදහන්. ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර […]
එංගලන්තයේ එසෙක්ස් ප්‍රදේශයේ ලොරියක තිබී පුද්ගල මළ සිරුරු 39 ක් සොයාගෙන තිඛෙනවා. වැඩිහිටි පුද්ගලයන් 38 දෙනෙකුගේ සහ තරුණයෙකුගේ සිරුරක් ඒ අතර වන බව විදෙස් වාර්තා සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරු වන 25 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
නව ප්රජාතන්ත්රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය ඔස්සේ සියලුම දෙනා ඉදිරියේ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරනවා. එතුමා සිය ටිවිටර් ගිණුම හරහා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. මෙහිදී එකිනෙකාගේ ප්‍රතිපත්ති පිලිබදව රටටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට හැකි බවයි එතුමා එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.
අද රාත්‍රියේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලා ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය බොහෝදුරට අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ, අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලිපැනීමකට ලක්වූ මීනගයා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන්. පීලිගත කළ දුම්රිය මැදිරි සහ පීලිපැනීමකට ලක් නොවූ මැදිරි කිහිපයක් දැනට එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර […]
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් සංචිත තුළ බොර තෙල් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතු කොටගෙන මෙලෙස බොර තෙල් මිල පහල ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 59 කට ආසන්න මිලකටයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සියලුම පක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලබන 31 වනදා නිල වශයෙන් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වේයැයි බියෙන් පසුවන කන්ඩායමක් සමාජයේ […]
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය පිලිබදව අවදානය යොමු කරමින් සිය සමාජ මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතකට යොමු කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් ඒ සදහා තමන් ජනතාව සමග එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් වන බවයි. එමෙන්ම ලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය […]
රටට අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්නවලට සෘජුව පිළිතුර ලබාදෙන ජනාධිපති අපේක්ෂයවරයෙක් බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. පුත්තලම ප්‍රදේශයේ පැවති රැළියන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති අපේක්ෂකවරයෙකු වන පුද්ගලයා අත්දැකීම් හා පලපුරුද්ද තිබුය යතු බව රංජන් රාමනායක මහතා මෙහිදී කියා සිටියා. ජනාධිපතිවරණයේදී සිංහල නොදන්නා ඇමරිකානු පුරවැසියෙකුට ඡන්දය ලබා දෙනවාද නැතහොත් ප්‍රේමදාස මහතාගේ […]
ලොව දීර්ඝතම අතරමග නොනැවතෙන මගී ගුවන් ගමනක් ආරම්භ කිරීමට ‘ක්වොන්ටස් ගුවන් සේවය විසින් පසුගියදා ඊට අවශ්‍ය පියවරවල් පරික්ෂාවට ලක් කළා. ඒ අනුව එම සමාගම විසින් ලන්ඩන් සිට සිඩ්නි දක්වා අතරමග නොනැවතෙන ගුවන් ගමනක් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව යළි ඉන්ධන පිරවීම වළකාලමින් ගුවන් යානයට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීම සඳහා ක්වොන්ටස් […]
වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව පවරා තිබෙන නඩුව මේ මස 07 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා. විත්තිකරු වන අනුර සේනානායක රෝගාතුරව ප්‍රතිකාර ලබන බව විත්තියේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන් අතර ඒ පිලිබදව සලකා බලා ලබන 07 වෙනිදට මෙම නඩුව […]