සිය නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිම දිගේ ඇදගෙන ගිය පිරිසක් පිළිබඳව මෙක්සිකෝවෙන් තොරතුරු වාර්තා වනවා. මාර්ග පිළිසකරකර දෙන බවට වූ පොරොන්දුවක් නගරාධිපතිවරයා ඉටුනොකිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස කටයුතු කර ඇති අතර මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ නගරයක නගරාධිපතිවරයා වාහනයක ගැටගසා බිමදිගේ ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. සිදුවීමෙන් නගරාධිපතිවරයා සුළු තුවාල ලබා ඇති බව සදහන්. […]
ඉදිරි මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුව ලකුණින් තරග කරන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ ඒ සම්බන්ධයෙන් දේපාර්ශවයම එකගතාවයක් ඇති කර ගත් බවයි.
ඉදිරි ජනපතිවරණය පිලිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විශේෂ සකච්ඡාවක් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඊට ප්‍රතිචාර දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණි පසු ඒ සදහා හැකි දිනයක් ලබා දීමට එකගතාවය පල කර තිබෙනවා.
රටවල් 126 ක දළ දේශීය නිෂ්පාදිත සලකා බලමින් ෆෝකස් ඉකොනොමික්ස් නම් ආර්ථික විශ්ලේෂක ආයතනයක් ලොව දුප්පත් රටවල්වල නවතම වාර්තාවක් එළිදක්වා තිබෙනවා. මෙම ලැයිස්තුවට අනුව දුප්පත්ම රටවල් අතර පළමු ස්ථානය හිමිව ඇත්තේ කොංගෝ ජනරජයටයි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මොසැම්බික් රාජ්‍යය හා උගන්ඩා රාජ්‍යය ලෙස නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ලොව දුප්පත්ම රටවල් අතර හිමිව […]
2009 ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිර්ඝ තරග සංචාරයක් සදහා නැවතත් පකිස්ථානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ දීමනාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බවක් වාර්තා වෙනවා. ප්‍රවීන ක්‍රීඩකයින් ජිවිත අවධානම නිසා මෙම තරග සංචාරය ප්‍රතික්ෂේප කල අතර නවක ක්‍රීඩකයින් තම ජිවිත අවධානම ගැන නොතකා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පකිස්ථානයට පිටත්ව ගියා. මෙහිදී […]
නිවසේ තිබී ගිනිඅවි හමුවීමේ සිද්ධියට අදාළ නඩුවකට ඇප ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකර ලබන 17 වැනිදා වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරිය අද නියෝග කළා.ඒ නඩුවට අදාළ ඇප කොන්දේසි ඔහු කඩ කල බවට ඔප්පු වීම හේතුවෙන්ය. එනම් එම නඩුවට අදාලව ඔහු ඇප ලබා සිටියේ හලාවත පොලිසියේ ඔහුට පෙනී […]
පොහොට්ටුවේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාන්දර 12.50 ට පමණ සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.මෙසේ ඒ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙන්නේ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සඳහා බව පැවසෙනවා.
සම්පුර්නයෙන්ම ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් හා නිර්මාණශිල්පීන්ගේ නිර්මාණශිලිත්වයෙන් හැඩවුණු මෙම වේගා මෝටර් රථය Design, Electronic, Software යන නිපදවීමේ කටයුතු ලංකාව තුල සිදුවන අතර තප්පර 3.15 න් පැයට කිලෝමීටර් 100ක් වේගයෙන් මෙය ධාවනය වන බවයි වාර්තා වන්නේ. මෙය ඉතා දියුණු බ්රේක් පද්ධතිය සහ සස්පෙන්ශන් පද්ධතියකින් සමන්විත බව සදහන් වනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර ඊයේ පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේදී පැවති තෙවැනි අවසන් 20යි 20 තරගයේදී ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත්වුණා. ඒ අනුව මෙය ශී‍්‍ර ලංකාව 3 ට 0 ක් ලෙස 20 යි 20 පූර්ණ තරගාවලි ජයක් හිමිකරගත් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ද වාර්තා පොත් අලුත් කරමින් […]
ජනපති ධුර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව පවසමින් ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව අද දිනයේ දී ඒ පිලිබදව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කරන බවයි වාර්තා වන්නේ.
ඉදිරි ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් ආරම්භ කර තිබෙනවා. එම කටයුතු විශේෂ ආරක්ෂාවක් යටතේ සිදුවන බවයි වාර්තා වන්නේ. ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනාගේ නම් සිංහල ආකාරාදි පිළිවෙලට මෙම ඡන්ද පති‍්‍රකාවට ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව මෙම මුද්‍රණය වන ජන්ද පත්‍රිකා ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න බවයි වාර්තා වන්නේ.
අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සමග අකුණු ඇතිවීමේ අවධානමක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ සබරගමුව,මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් උතුරු සහ උතුරු මැද පළාතේ මිලිමීටර 75 – 100 අතර තද වර්ෂාපතනයක් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]