News Line| Off Air
Generic placeholder image

Oct
10

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Generic placeholder image

” සිය දිවිහානි කර ගැනීම වළක්වා ගනිමු ” යන්න තේමාව කර ගනිමින් මෙවර එය සමරනු ලබනවා. සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සිය දිවි හානි කර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වල සදහන්. සිය දිවි හානි කර ගැනීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රට වලයි.


Oct
10

ඉන්ධන මිල අඩු වෙයිද?

Generic placeholder image

ඉන්ධන මිල සංශෝධනය කිරීමේ කමිටුව අද යළි රැස්වීමට නියමිතයි. සංශෝධිත මිල ගණන් අද පස්වරුවේ ප‍්‍රකාශයට පත් කරන බවයි මුදල් අමාතයාංශය සඳහන් කළේ. අවසන් වරට ඉන්ධන මිළ සංශෝධනය වූයේ සැප්තැම්බර් මස 10 වනදායි. එහිදී ඔක්ටේන් 95 සහ සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කලා ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල අඩු වුනේ රුපියලකින්. ඔටෝ […]


Oct
10

ඇල්පිටිය ජන්ද විමසීමට සියලු කටයුතු සුදානම්

Generic placeholder image

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්. සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සදහා ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. ජන්දය ප‍්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් 53 384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. මේ වන විට ඇල්පිටිය ප‍්‍රදේශයේ ඉතා සාමකාමී තත්වයක් පවතින බවයි සියත වාර්තාකරු ඞී ජේ විජේසිහ […]


Oct
10

ශ්‍රීලනිප හා පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබීමට නියමිතයි. පෙරවරු 10 යි 10 ට යෙදෙන සුබ මොහොතින් ගිවිසුමට අත්සන් තැබෙන්නේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දීයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය – පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එහිදී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතයි. ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා […]


Oct
9

පාකිස්තානයට ලකුණු 148 ක අභියෝගයක්

Generic placeholder image

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව කඩුලු 07 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා. ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 78 ක් ලබාගත්තා. මේ වන විට පන්දුවට පහරදෙන පාකිස්ථානු කණ්ඩායම කඩුළු 1 ක් දැවී ලකුණු 38 ක් ලබාගෙන තිබෙනවා.


Oct
9

තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

Generic placeholder image

ගත වු පැය 24 ක කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 46 ක් ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කළ අතර තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි 1ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 45 ක් ද වාර්තා වී ඇති බව සදහන්. මීට අමතරව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානවලට […]


Oct
9

ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (8) අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ගිණිකොන නාවික විධානය සහ කල්මුණේ, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය එක්ව අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 03 ක් සමඟ මෙම සැකකරුවන් ‍තිදෙනා අත්අඩංගුවට ගත් බව සදහන්. එහිදී, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම […]


Oct
9

වෙනස්කම් පහක් සහිතව ශී‍්‍ර ලංකාව අද තරග බිමට

Generic placeholder image

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය තව සුලු මොහොතකින් ලාහෝර් කී‍්‍රඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ දසුන් ශානක අද දවසේද මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගත්තා. අද දිනයේ ශී‍්‍ර ලංකා සංචිතයේ වෙනස්කම් 05 ක් සිදුව තිබෙනවා. ඒ අනුව මිනෝද් භානුක, අවිශ්ක ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඉසුරු උදාන, නුවන් ප‍්‍රදීප් අද තරගයට […]


Oct
9

ඩයනා කුමරියගේ රුවට සමාන සුරූපී තරුණිය

Generic placeholder image

බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකාවක් වූ ඩයනා කුමරිය “වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක්. ඇය ගැන ලෝකය පුර නිරන්තරයෙන්ම කතා කරන්නට පටන් ගත්තා සේම ලොවක් හඬවමින් සිදුවූ ඇයගේ මරණය පිලිබදවද ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් […]


Oct
9

රට ස්වයංපෝෂිත කිරීමට ගොවිජනතාවට සහය වන බව මහින්ද රැළිය අමතමින් කියයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය මේ වන විට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැවෙනවා. පළමුව කළ යුත්තේ රට ස්වයංපෝෂිත කිරීම වන බවත් රට ස්වයංපෝෂිත කරන තුරු ගොවි ජනතාව වෙත පොහොර නොමිලේ ලබාදෙන බවත් එම රැළිය අමතමින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා. එමෙන්ම ගොවි ජනතාවගේ ගොවි […]


Oct
9

ගෝඨාභය රාජපක්ෂ අනුරපුරයේ රැළිය අමතයි

Generic placeholder image

අනාගත පරම්පරාවට ආඩම්බර විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය අමත්මින් එතුමා සදහන් කළා. බිය සැක නැති රටක් – අතමිට සරු හෙටක් දායාද කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය […]


Oct
9

හේමසිරි සහ පූජිත් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර තිබෙනවා. ඔවුන් දෙදෙනාට ඇප ලබාදෙමින් මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දී තිබූ ඇප නියෝගය කොළඹ මහාධිකරණය නිෂ්ප්‍රභ කිරීමත් සමඟ මෙම නියෝගය ලබා දී ඇති බව […]


News Articles
Latest Videos
Most Popular Post