ඉදිරි ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් ආරම්භ කර තිබෙනවා. එම කටයුතු විශේෂ ආරක්ෂාවක් යටතේ සිදුවන බවයි වාර්තා වන්නේ. ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනාගේ නම් සිංහල ආකාරාදි පිළිවෙලට මෙම ඡන්ද පති‍්‍රකාවට ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව මෙම මුද්‍රණය වන ජන්ද පත්‍රිකා ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න බවයි වාර්තා වන්නේ.
අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සමග අකුණු ඇතිවීමේ අවධානමක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ සබරගමුව,මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් උතුරු සහ උතුරු මැද පළාතේ මිලිමීටර 75 – 100 අතර තද වර්ෂාපතනයක් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]
එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ හෙවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන පළමු මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම්.
” සිය දිවිහානි කර ගැනීම වළක්වා ගනිමු ” යන්න තේමාව කර ගනිමින් මෙවර එය සමරනු ලබනවා. සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සිය දිවි හානි කර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වල සදහන්. සිය දිවි හානි කර ගැනීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රට වලයි.
ඉන්ධන මිල සංශෝධනය කිරීමේ කමිටුව අද යළි රැස්වීමට නියමිතයි. සංශෝධිත මිල ගණන් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බවයි මුදල් අමාතයාංශය සඳහන් කළේ. අවසන් වරට ඉන්ධන මිළ සංශෝධනය වූයේ සැප්තැම්බර් මස 10 වනදායි. එහිදී ඔක්ටේන් 95 සහ සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කලා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අඩු වුනේ රුපියලකින්. ඔටෝ […]
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්. සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සදහා ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. ජන්දය ප්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් 53 384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. මේ වන විට ඇල්පිටිය ප්‍රදේශයේ ඉතා සාමකාමී තත්වයක් පවතින බවයි සියත වාර්තාකරු ඞී ජේ විජේසිහ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබීමට නියමිතයි. පෙරවරු 10 යි 10 ට යෙදෙන සුබ මොහොතින් ගිවිසුමට අත්සන් තැබෙන්නේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දීයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එහිදී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතයි. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා […]
තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව කඩුලු 07 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා. ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 78 ක් ලබාගත්තා. මේ වන විට පන්දුවට පහරදෙන පාකිස්ථානු කණ්ඩායම කඩුළු 1 ක් දැවී ලකුණු 38 ක් ලබාගෙන තිබෙනවා.
ගත වු පැය 24 ක කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 46 ක් ලැබී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කළ අතර තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි 1ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 45 ක් ද වාර්තා වී ඇති බව සදහන්. මීට අමතරව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානවලට […]
නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (8) අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ගිණිකොන නාවික විධානය සහ කල්මුණේ, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය එක්ව අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 03 ක් සමඟ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව සදහන්. එහිදී, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම […]
තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය තව සුලු මොහොතකින් ලාහෝර් කී‍්‍රඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ දසුන් ශානක අද දවසේද මුලින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගත්තා. අද දිනයේ ශී‍්‍ර ලංකා සංචිතයේ වෙනස්කම් 05 ක් සිදුව තිබෙනවා. ඒ අනුව මිනෝද් භානුක, අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප් අද තරගයට […]
බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකාවක් වූ ඩයනා කුමරිය “වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක්. ඇය ගැන ලෝකය පුර නිරන්තරයෙන්ම කතා කරන්නට පටන් ගත්තා සේම ලොවක් හඬවමින් සිදුවූ ඇයගේ මරණය පිලිබදවද ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් […]