News Line| Off Air
Generic placeholder image

Oct
1

අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

Generic placeholder image

ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට අප්‍රේල් මස 30 වනදා දක්වා පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ කාලය තුළ රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුණින් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබනවා. නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් ලබන වසර සදහා විසර්ජන […]


Oct
1

හබරණ ඇතින්නියන් මිය යාම සම්බන්ධයෙන් අතුරු වාර්තාවක්

Generic placeholder image

හබරණ – හිරිවඩුන්න – තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු අස්වභාවික ලෙස මියායාමේ සිද්ධිය විෂ රසායනිකයක් ශරීරගත වීමෙන් සිදුවන්නට ඇති බවට සැක කෙරෙන බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළ අතර ඊට වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග ද එක්ව සිටියා.


Oct
1

මහත්මා ගාන්ධිගේ 150වන ජන්ම දිනයට ජනපති පුෂ්පෝපහාර දක්වයි

Generic placeholder image

ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය නිමිති කර ගනිමින් සංවිධාන කළ විශේෂ සැමරුම් උලෙළක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයට මල් දමක් පලඳවා පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අනතුරුව ඉන්දීය මහකොමසාරිස් තරංජිත් […]


Oct
1

සංඝක්කාර නව පත්වීමේ වැඩ භාරගනී

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අද මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ (ලෝඩ්ස්) හි සභාපතිවරයා ලෙස වැඩ භාරගනු ලැබුවා. මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේහි (MCC) පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා වන ඔහු අද සිට වසරක කාලයක් එම ධුරය දරන බව සදහන්.


Oct
1

දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව අරමුදලක්

Generic placeholder image

විවිධ හේතු නිසා අසරණව සිටින දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දරුවන් සුරකිමු – ජාතික භාර අරමුදල ස්ථාපනය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී සිදු කළා. විවිධ පරිත්‍යාගශීලි පුද්ගලයින්ට සහ සංවිධාන වෙත තම පරිත්‍යාගයන් වගකීමෙන් හා නෛතිකව පිළිගත හැකි අයුරින් ලබාදිය හැකි ව්‍යුහයක් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටු කරමින් මෙම අරමුදල පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය […]


Oct
1

සජින් ද වාස්ගේ නඩුවට දින නියම කරයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ රුපියල් තිස්කෝටියකට වැඩි මුදලක් උපයාගෙන මුදල් විශුද්ධිකරණ වැරදි සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ පෙබරවාරි 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කරනු ලැබුවා. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති පස්දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි […]


Oct
1

ලෝක ළමා දිනය නිමිත්තෙන් තුන් නිවුන් දරුවන්ට ජනපතිගෙන් තෑග්ගක්

Generic placeholder image

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද දින සිය රාජකාරී ආරම්භ කරනු ලැබුවේ දරුවන් වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් ඉටු කරමින්. තුන් නිවුන් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් පවතින ආර්ථික දුෂ්කරතා සඳහා සහනයක් ලෙස පවුල් 03ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව අද (01) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ […]


Oct
1

විදෙස් මත්පැන් නීති ලිහිල් කරයි

Generic placeholder image

විදේශීය මත්පැන් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය කිරීම සහ ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර 7.5 සිට 80 දක්වා ඉහළ දමා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය 27 වනදා විෂයභාර අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ සුරාබදු නිවේදනය මගින් මුළු දිවයිනට බලපවත්වන පරිදි මෙම සංශෝධනය සිදුකර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. ඒ අනුව සුරාබදු ආඥා […]


Oct
1

සියලු ජනපති අපේක්‍ෂකයන් එකම වේදිකාවට ගේන වැඩේට අනුරගේ කැමැත්ත

Generic placeholder image

මාර්තු 12 ව්‍යාපාරය සහ පැෆරල් ආයතනය එක්ව සංවිධානය කරන ඉදිරි ජනාධිපතිවරණයේදී තරගවදින ප‍්‍රධාන අපේක්‍ෂකයින් එක තැනකට ගෙන්වා රට ගොඩනැගීම පිළිබදව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සහ සැලසුම් පිළිබද  සාකච්ඡාවක්  ඔක්තොම්බර් මස 05 වනදා පැවැත්වීමට නියමිතයි. මේ සදහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක  අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා […]


Oct
1

දිවයිනේ සියලු සුරාසැල් ලබන 3 වනදා වැසේ

Generic placeholder image

අනිද්දා එනම් ලබන 3 වනදා සියළු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඊට හේතු වන්නේ ලෝක අමද්‍යප දිනය එදිනට යෙදී තිබීමයි. විශේෂයෙන්ම නීති විරෝදී ලෙස මත්පැන් අළෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීමට හා එම ස්ථාන වැටලීමට මෙහෙයුම් යොදන බව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළා.


Oct
1

පළාත් කිහිපයකට අද සවසත් ගිඟුරුම් සහිත වැසි

Generic placeholder image

පළාත් කීපයක අද(01) සවස ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ මෙලෙස වැසි ඇති විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි […]


Oct
1

අනුරත් ජනපතිවරණයට ඇප වෙයි

Generic placeholder image

ජාතික ජනබල ව්‍යාපාරය විසින් අද (01) දින පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත් ,මහාචාර්ය චන්දන අබේරත්න, නීතීඥ සුනිල් වටගල , නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහින්ද […]


News Articles
Latest Videos
Most Popular Post