News Line| Off Air
Generic placeholder image

Oct
1

පෞද්ගලික රූපවාහිනි නාලිකා අපක්ෂපාති කරන්න මැතිවරණ කොමිසමෙන් උපදෙස්

Generic placeholder image

මැතිවරණ කාල සිමාවේ මැතිවරණ නීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි නාලිකා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය නියාමන කටයුතු සිදු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දී තිබෙනවා. ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාලිකාවල විකාශනය කෙරෙන ප්‍රවෘත්ති වැඩසටහන් හා වෙනත් විශේෂාංග හේතුවෙන් ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට පත් කිරීමට වැඩි අවස්ථා තිබෙන […]


Oct
1

සියලු සිද්ධස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි කාදිනල් හිමිගෙන් ජනපතිට දැනම් දීමක්

Generic placeholder image

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දේවස්ථාන හා විහාරස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි ලිඛිතව දැනුම් දීමක් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා. ඒ අනුව මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා. මේ පිලිබදව ජනපති වරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ විශේෂ […]


Oct
1

තර්ජනය කිරීමේ සිද්ධියකට පුජිත් CID අත්අඩංගුවට

Generic placeholder image

පොලිස් මුලස්ථානයේ දී පුද්ගලයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. විදුලි සෝපාන ක්‍රියාකරවන පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි සදහන් වන්නේ.


Oct
1

ලෝක ළමා දිනය වෙනුවෙන් චන්ද්‍රසේකර විදුහල් ආදී ශිෂ්‍ය සංගමය විසින් පාවහන් බෙදා දීමක්

Generic placeholder image

හොරතුඩුව චන්ද්‍රසේකර මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් එම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පාවහන් බෙදා දීමේ උත්සවක් සංවිධානය කර තිබුණා. අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක වුණා.  


Oct
1

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ දැක්වීමට වප් පුර අටවක පොහොය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාද්වීපයට බුදු දහම රැගෙන ආ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කළගුණ දැක්වීමක් වශයෙන් වප් පුර අටවක පොහො දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා. මේ අනුව සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් වෙනවා. ඊට සමගාමීව මිහින්තල පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටද […]


Oct
1

ගෝඨාභය විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර පතයි

Generic placeholder image

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීම සදහා විදෙස් ගත වීමට පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා  ස්ථිර  ත්‍රිපුද්ගල මහාධිකරනය වෙත මෝෂමක් ගොනු කරමින් ඉල්ලා සිටිනවා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් තව දුරටත් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකික පුරවැසියකු බවට තහවුරු කිරීමට ද විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසයි. ඒ අනුව මෙම නඩුව ලබන ඔක්තෝබර් මස 03 […]


Oct
1

පිළිකා කාරක අඩංගු වියලි මිරිස් තොගයක් වෙළඳපලට මුදා හැරීමට එරෙහිව අනායනකරුවන්ට නඩු

Generic placeholder image

පිළිකා කාරක අඩංගු වියලි මිරිස් මේට්‍රික් ටොන් 200 කට ආසන්න ප‍්‍රමාණයක් රේගු කොන්දේසි උල්ලංගනය කරමින් වෙළඳපලට මුදා හැරීම සම්බන්ධයෙන් අදාළ අනායනකරුවන්ට එරෙහිව නඩු පවරන බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ආනයනකරුවන් 16 දෙනෙකු වියලි මිරිස් තොග දිවයිනට ගෙන්වා ඇති බවයි. පිළිකා කාරක අඩංගු වියලි මිරිස් තොගය ඉන්දියාවේ සිට ආනයනය කර තිබෙනවා. මෙරටට අනායනය […]


Oct
1

ජනපති සටනට තවත් අපේක්ෂකයින් සිව් දෙනෙක් ඇප බඳී

Generic placeholder image

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 13 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. රොහාන් පලලේවත්ත මහතා ඇප මුදල් තැන්පත් කළේ ජාතික සංවර්ධන පෙරමුණ වෙනුවෙන්. සරත් මනමේන්ද්‍ර මහතා සිහළ උරුමය පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා. මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 9ක් සහ ස්වාධීන අපේක්ෂකයන් 4දෙනෙකු ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිවරණයට […]


Oct
1

නිදහස් පක්ෂ තීන්දුව පස්වනදාට කල් යයි

Generic placeholder image

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත‍්‍රීයේ පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. ශ‍්‍රී ලංකා නිදහස් […]


Oct
1

ලෝක ළමා දිනය අදයි

Generic placeholder image

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. සුමිතුරු දැයකින් දිනවමු දරුවන් යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි. ඒ වෙනුවෙන් ජාතික උත්සවය මාතලේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙනවා. ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ එච්. එම්. අභයරත්න මහතා ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලෝක ළමා දින තේමාව වඩාත් අර්ථවත් කිරීමට නම් සමස්ත සමාජයම ඊට […]


Oct
1

දුම්රිය වර්ජනය තවදුරටත්

Generic placeholder image

ඊයේ කැබිනට් අනු කමිටුව හා දුම්රිය වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡා අසාර්ථක විම හේතුවෙන් සිදු කරනු ලබන දුම්රිය වැඩ වර්ජනය තව දුරටත් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එහිදි සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බැවින් දුම්රිය වෘත්තීය සමිති සදහන් කරන්නේ. මේ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.


Oct
1

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයින පුරා පළාත් කිහිපයකම සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ‍නිවේදනයේ සදහන්. ඒ අනුව උතුරු මැද, මධ්‍යම, බස්නාහිරට ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ. තද වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා […]


News Articles
Latest Videos
Most Popular Post