News Line| Off Air
Generic placeholder image

Nov
18

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයක් නරඹා අවබෝධයක් ලබා ගන්නැයි යොවුන් පාර්ලිමෙන්තුවෙන් ආරාධනා

Generic placeholder image

මේ වන විට රටේ පවතින තත්ත්වය නිසා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයක් නරඹා අවබෝධයක් ලබා ගන්නා ලෙස යොවුන් පාර්ලිමෙන්තුව සඳහන් කරයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.


Nov
18

සර්ව පාක්ෂික සමුළුවට එන්නෙ නෑ | කථානායක

Generic placeholder image

අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක සමුළුවට එක්නොවන බව කථානයාක කරු ජයසූරිය මහතා සඳහන් කරනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම සඳහා අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණද අදාළ හමුව සඳහා එක්නොවන බව දන්වා තිබෙනවා.


Nov
18

රනිල් – මෛත්‍රි අද තනිව හමුවෙයි ?

Generic placeholder image

අද (18)එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර වෙනම හමුවක්  සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පවසනවා. අද පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුව පිළිබද අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා. “ගිය සතියේ එතුමාගේ උපදෙස් අනුව තමයි අපි සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කළේ. එතුමා පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව මත සිට […]


Nov
18

අබ්දුල් රහුමාන් මිලියන 25ක කුඩු සමග අත්අඩංගුවට

Generic placeholder image

අවුරුදු 33ක් වයසැති මොහොමඩ් මොහිදීන් අබ්දුල් රහුමාන් නැමැති සැකකරුවෙක් රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඊයේ (17දා) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සුඛෝපභොගී මෝටර් රථයකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Nov
18

එජාපය විශේෂ සාකච්ඡාවකට සැරසෙයි

Generic placeholder image

හෙට (19) දිනයේ පාර්ලිමේතුව රැස්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 7 ට එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කරන්නේ. එසේම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව රැස්වන ආකාරය පිළිබදව සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.


Nov
18

ෆේස්බුක් අක්‍රීය වෙයි

Generic placeholder image

ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය මීට සුළු මොහොතකට පෙර අක්‍රීය වී තිබුණා. ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ ඡායාරූප , පෝස්ට් ආදිය පෙන්වන නිව්ස් ෆීඩ් තීරුව තුළ මේ වන විට කිසිවක් දර්ශනය වන අතර Something went wrong යනුවෙන් එහි සටහනක් පල වී තිබුණා. කෙසේ වෙතත් මෙම තත්ත්වය නැවත යතා තත්ත්වයට පත් වී තිබෙනවා.


Nov
18

ජනපතිගේ කැඳවීමට ජවිපෙ බෑ කියයි

Generic placeholder image

ද පස්වරු 5ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනවා. පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට නියමිතව තිබෙනවා.


Nov
18

ශ්‍රී ලංකාව පරදවමින් එංගලන්තය ජය ගනී

Generic placeholder image

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය මේ වන විට එංගලන්ත කණ්ඩායමට හිමි වුණා. ඒ ලකුණු 57ක ජයක් ලෙසයි. අද (18) අවසන් දිනයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක් දැවී ලබා ගත්තේ ලකුණු 243ක් පමණයි


Nov
18

අද ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අලුත්ම තත්ත්වය මෙන්න

Generic placeholder image

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (18) අවසන් දිනයේ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 240ක් ලබා ඉතා අසීරු තත්ත්වයක පසු වන බව වාර්තා වෙනවා. ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ සිව් […]


Nov
18

අද හවස ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයෙයි විපක්ෂයෙයි සියලු නායකයින්ට එන්න කියලා

Generic placeholder image

අද (18) පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික හමුවක් ජනාධිපතිවරයා විසින් කැඳවා තිබෙනවා. අද පස්වරු 5.00 ට මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. මෙම සර්ව පාක්‍ෂික හමුවේ අරමුණ පාර්ලිමේන්තුව තුළ ඉකුත් දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරි තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු […]


Nov
18

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කර ගැනීම සඳහා සාර්ව පක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. අද පස්වරු 5.00ට මෙම සමුළුව ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සමුළුව සඳහා කතානායක කරු ජයසූරිය මහතාටත් ආරාධනා කර තිබෙනවා.


Nov
18

රජය වෙනුවෙන් ඩීල් දාන්න මට වෙලාවක් නැහැ | යෝෂිත රාජපක්ෂ

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින්ත යෝෂිත රාජපක්ෂ මහතා තම ටුවිටර් ගිණුමේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.මනම රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුන වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබෙනවා. තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post