පසුගිය කාලයේම කෙතරම් අසාර්ථක වුවද කුසල් මෙන්ඩිස්ට සහ නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ අවස්‍තාව ලබා දෙන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. ඒ එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදීයි. එහිදි ඔහු පවසන්නේ දක්ෂතා දැක්වීම ප්‍රමාද වුවද කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල දක්ෂ ක්‍රීඩකයන් නිසා දිගින් දිගටම […]
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීම සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ගැලරියට මහජනතාවගේ පැමිණීමක් සිදුනොවේ. කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.
මෑත කාලයේ ගොඩක් දෙනා සමාජජාල වෙබ් අඩවිවල කතාබහ කරපු ආදරය කරපු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි කූඹියෝ ටෙලි නාට්‍යය.මේ නාටයයේ තිර රචකයකු වන දමිත සාගර චන්ද්‍රසිරි අතුරුදන් වී ඇතැයි වාර්තා වෙනවා. මෙම අතුරුදහන් වීම පිළිබඳව තමන්ට පැමිණිල්ලක් ලැබුනු බවට වැලිකඩ පොලීසිය පවසනවා. දමිත චන්ද්‍රසිරි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වත්තල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි ජීවත්ව […]
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් භාවිත කරණ ලද බවට සැකකෙරෙන කිළිනොච්චියෙන් හමු වූ භූගත බංකරය විනාශ කොට දැමීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.මේ භූගත බංකරය යුද හමුදාවේ 14 වෙනි ජාතික ආරක්ෂක බල ඇණියට හමු වුයේ මීට වසරකට පමණ ඉහතදීය. කිළිනොච්චියේ පුන්නෙයිනීරාවි ප්‍රදේශයෙන් හමු වූ මේ භූගත බංකරය සාමාන්‍ය වැසියෙකුට අයත් ඉඩමක තිබී හමු වූ […]
පාර්ලිමේන්තුව රැස්වන මීළග දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්නැයි ලංකා ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි නායක අධීනීතීඥ චින්තක වීරකෝන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දැනට පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වය නිමා කිරීමට ජනාධිපතිවරයාට දායක විය හැකි බවයි. පාර්ලිමේන්තුවේ නිසි පරිදි විශ්වාසභංගයක් පවත්වා ඡන්ද විමසීමක් සිදු කර බහුතර මන්තී‍්‍ර කණ්ඩායමට බලය ලබා දීමට කටයුතු […]
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතාවයක් අද දින දහවල් කිරිදිවැල නගරයේදී පැවැත්විණ. ඒ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාවට එරෙහිව වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිලිවෙළට එරෙහිවයි. ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වුහ.කිරිදිවැල රජවීදියෙන් විරෝධතාව ආරම්භ වු අතර පසුව කිරිදිවැල පොදු […]
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. කෙසේ වෙතත් ඔක්තෝබර් 26 දා යින් පසුව එය වෙනස් වී ඇති බවත් සුළු පක්ෂ ඔහුට සහාය නොදක්වන බවත් ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශ්‍යක දැක්වෙනවා.
නව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. පවුලේ සමීපතමයන්ගේ සහභාගීත්වයෙන් ඔහු තම උපන් දිනයේ සමරා තිබුණේ මේ ආකාරයටයි.
රාජකීය විද්‍යාලයේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් ගායන ශිල්පී සුනිල් පෙරේරා විසින් ”පින් සිදු වන්නේ අනේ බාල ලමුන්නේ” යන ප්‍රසිද්ධ ගීතයේ තාලයට වචන වෙනස් කරමින් ගීතයක් ගායනා කර තිබෙනවා. එය ආරම්භ වූවේ පින් සිදු වන්නේ අනේ ජනපතිතුමනි යනුවෙනි.ඊට වීඩියෝව පහතින් දැක ගත හැකියි. https://youtu.be/65Q-jpDnJv4
අග්‍රාමාත්‍යවරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් යෝජනාවක් ගෙන ආ යුතු පියවර සඳහන් ලිපිය නිවැරදි නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
අද (18) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුවට සහභාගි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ දැනුම් දී තිබෙන අතර ඊට හේතු වූ කරුණු 5 ක් ද එම ලිපියේ දක්වා තිබෙනවා.එම ලිපිය පහතින් දැක ගත හැකියි.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (18) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසනවා. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ මෑත ඉතිහාසයේ සිදු […]