News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවැරදි බව පාර්ශව 05ක් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු කියයි

Generic placeholder image

අද (19) ජනපතිගේ ගැසට් නිවේදනය තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අදාළව මැදිහත්කාර පාර්ශවයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලිඛිත විරෝධතා ගොනු කළා. මැදිහත්වීමේ පෙත්සම් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පාර්ශවකරුවන් 05දෙනෙකු මෙම විරෝධතා ගොනු කළ බවයි වාර්තා වෙන්නේ. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති […]


Nov
19

පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ආදර්ශය ජනතාවත් ක්‍රියාත්මක කරයි

Generic placeholder image

සීගිරිය ඉනාමලුව පොලිසියට වෙළඳසැලක ගංජා ඇති බවට ලැබුණ තොරතුරකට අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී වෙළඳසැල් හිමියන් විසින් පොලිසියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.  ඉන් අනතුරුව පොලු වලින් ප්‍රහාරද එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.


Nov
19

ඊශ්‍රායාලයේ බල පෙරලියක ?

Generic placeholder image

ඊශ‍්‍රායලය තුළද මේ වන විට දේශපාලන අර්බුදයක් හට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් පාලක සන්ධානයේ බලය ගිලිහී යාමේ අවදානමක් මතුව තිබෙන බවයි. මෙම තත්ත්වය මතුවූයේ එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි. ඒ සමගම අග‍්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පවතින්නේ විපක්ෂයට වඩා එක් ආසනයකින් පමණක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. […]


Nov
19

කථානායක කියන්නෙ හරියට මගේ තාත්තා වගේ – රන්ජන් රාමනායක

Generic placeholder image

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍යය හමුවකදී තම අදහස් පල කර තිබුණා. එහිදී අදහස් දක්වමින් එම මහතා සඳහන් කර සිටියේ කථානායකවරයා තමන්ගේ පියා වගේ වන බවත් තමා එදා එම අවස්ථාවේ එතන සිටියේ කථානායකතුමා ආරක්ශා කිරීමට බවත්ය. එම අවස්ථාවේදී එල්ල කරන ලද ප්‍රහාර වලින් දෙක තුනක් තමාටද එල්ල වූ බවත් […]


Nov
19

පාර්ලිමේන්තුවට එදා ආවේ පොලිස් නිළධාරීන්ද කියා දන්නේ නැහැ – ඒ නිළධාරීන් බැජ් එකක්වත් ගහලා හිටියේ නැහැ – ප්‍රසන්න රණවීර කියයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා නිවේදනයක් නිකත් කරමින් පාර්ලිමේන්තුවේ ඇතිවූ සියලු දෝෂ සහගත තත්ත්වයන් තමන්ගේ කර පිටින් යවා අනෙකුත් පාර්ශ්වයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත උත්සායක් පවතින බව පවසනවා. එසේම තමා අනුගමය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් රජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන්ට කිසියම් අපහසුතාවක් වී නම් ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ එතුමා විසින් […]


Nov
19

මේ දින වල කවුරුත් කතා කරන රටේ නායකයින්ගේ ඔබ නොදුටු කුඩා කළ ඡායාරූප

Generic placeholder image

මේ දවස් වල රටේ හැම කොණකින්ම ඇහෙන්නෙ දේශපාලනය.  ඒ තරමටම රටේ දේශපාලනය හරිම උණුසුම්.  හැමෝම කතාවෙන මේ දේශපාලනයෙ නායකින් වුණත් මේ දවස් වල හැමෝගෙම කතා බහට ලක් වෙනවා වැඩියි.  ඒ අය අතරෙ මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ යන අය ප්‍රධාන තැනක් ගන්නවා.  මේ තියෙන්නේ ඒ නායකයින්ගෙ පොඩි කාලෙ පින්තූර කිහිපයක්.


Nov
19

දිලුම් අමුණුගම ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති වූ කලහකාරී සිදුවීම අතරතුර කථානායකවරයාගේ මක්‍රෆෝනය ඇදීමට ගොස් තමන්ගේ අත තුවාල කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම රෝහල් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මේ ඔහු පිටව යන අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූපයකි.


Nov
19

ජනපතිතුමාට දැන් බෝලේ පාස් කරන්න බෑ

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරමින් කියා සිටියේ මේ වන විට සියලුදේම සිදුවන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ හෙයින් ඔහුට වෙන කෙනෙකුට වගකීම් පැවැරිය නොහැකි බවයි. ඇය මේ බව සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි . එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවීම් ලබාදීම පසුපස සිටින්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන […]


Nov
19

ගුවන් හමුදාවේ ආරක්ෂාවත් එක්ක එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් හදිසියේ මන්නාරමට යයි | PHOTO

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. එංගලන්ත රජයේ ආධාර මත මැග් නැමති බිම්බොම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් මන්නාරම් පෙරියමඩු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් […]


Nov
19

බොදු බලයට පහර දීලා තියෙන්නෙ ජනපති නියමයෙන් නෙමෙයි අණ දුන්නේ කවුද ? වහාම සොයන්න ජනපති නියෝග කරයි

Generic placeholder image

සිරගත කර සිටින පුජ්‍ය ගලගොඩ ඇත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බොදුබල සංවිධානයේ භික්ෂුන් වහන්සේලාට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කිරීමට නියෝග කළේ කවුදැයි සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ නියෝජිතයින් පිරිස ජනාධිපතිවරයා හමුවී ඔවුන්ගේ සංදේශය භාරදුන් බවත් එහිදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් […]


News Articles
Latest Videos
Most Popular Post