News Line| Off Air
Generic placeholder image

Nov
19

පිටරට පුරවැසිකමක් නෙමෙයි මේ රටේ උන්ට නියෝජ්‍ය ඇමතිකමක් දුන්නොත් අම්මා තාත්තත් පාවලාදෙයි – ගීතා කුමාරසිංහ කියයි | Audio

Generic placeholder image

පසුගිය කාලයේදී මන්ත්‍රී ධූරය අහිමි වූ ගාලු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මාධ්‍ය හමුවකට එක්වෙමින් තමන්ගේ වසර 37ක විවාහ ජීවිතය අවසන් බව කියා සිටියා. ඊට හේතු දක්වමින් ඇය දැක්වූ අදහස පහතින්…


Nov
19

මහසෝන් බලකා ප්‍රධානියත් සී.අයි.ඩී යට

Generic placeholder image

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


Nov
19

අගමැති පත්කරන්නත් ඉවත් කරන්නත් කථානයකට බලයක් නෑ – දිනේෂ්

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. “මේක තමයි අපි කිව්වේ නිවරුදිව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ගෙනි යමු කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවට යෝජනාව ගෙන ආ හැකි වන්නේ සභානායකතුමත්, සංවිධායකතුමත් දැනුම් දීම තමයි පිළිවෙත. එය ආපසු හැරවීමට උත්සාහ කිරීම ස්ථාවර නියෝග […]


Nov
19

ලංකාවට අාධාර දීම IMF අත්හිටුවයි – බිලියන 30ක විදෙස් ආයෝජනත් අහිමිවෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැන නැගී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශ කර තිබෙනවා. 2016 වසරේ ජූනි මාසයේ දී ජාත්‍යන්තර […]


Nov
19

බොදු බලයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Generic placeholder image

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටියා. මේ වන […]


Nov
19

අගමැති මහින්දට එරෙහිව තවත් යෝජනාවක්

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා. එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පවසා තිබේ. මෙම යෝජනාව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මහ […]


Nov
19

අගමැතිට වෙඩි නොවදින කාර් දෙකක් ?

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇණවුම් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. මේ දක්වාම අග්‍රාමාත්‍යවරයාට අලුත් වාහන ඇණවුම් කර නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍යය නිවේදනය පහතින්.


Nov
19

සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා සජිත් කියයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් තිබුණ විට මන්ත්‍රීවරුන් වන සතුන් මෙන් හැසිරුණ බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා. වනයේ සතුන්ටත් වඩා අන්ත ලෙසයි හැසිරුණේ. එය වනයේ සතුන්ටත් කරන නිග්‍රයක්”තමන්ට බහුතරයක් නොතිබුණානම් තමන් නොපැකිළිව ධූරයෙන් ඉවත් වන බවද ඔහු සඳහන් කලා. පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ.


Nov
19

වත්මන් ආණ්ඩුව වලංගු නෑ – රුවන් විජයවර්ධන

Generic placeholder image

නීතිවිරෝධී රජයක් විසින් ලබාදෙන නීතිවිරෝධී තීන්දු ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය රජයක් පවත්වූ විට ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසා තිබෙනවා. රජයට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාව සම්මත වූ හෙයින් තවදුරටත් වත්මන් ආණ්ඩුව වලංගු නොවන බවද ඔහු එහිදී සඳහන් කළා.


Nov
19

රජය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ හෙයින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව පැවැසීය. ඒ අනුව අමාත්‍යාංශවල වැඩ කටයුතු වලත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩටකටයුතුත්, ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Nov
19

දැන් ආණ්ඩුවක් නෑ | හකීම්

Generic placeholder image

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විශ්වාසභංග යෝජනාවට අදළ ඡන්දය ලබාගැනීම විවිධ ක්‍රියාමාර්ග හරහා කල් දමමින් සිටින බව ශ්‍රී ලංකා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි. “ජනපතිතුමා ඉල්ලා සිටි පරිදි ඊනියා ආණ්ඩුව එකඟවෙනනාවනම් විශ්වාසභංග යෝජනාව නමින් ඡන්දය ගැනීමට හෝ විද්‍යුත් ක්‍රමයට ලබාදීමට එකඟ බව කියා සිටියා. නැවත වරක් මේ උප්පරවැට්ටියක් ලෙස […]


Nov
19

කතානායක අද පාර්ලිමේන්තු ආවේ නැත්තේ ඇයි…? දිනේෂ් ගුණවර්ධන හෙළි කරයි

Generic placeholder image

පාර්ලිමේන්තු තුළ එක්සත් ජාතික පක්ෂයට වඩා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම වැඩි බවට කථානායකවරයා විසින් පිළිගත් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා පවසනවා.අද(19) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මේ අතර කථානයකවරයාට මුහුණ දිය නොහැකි තත්ත්වයක් නිසා අද සභා ගර්භය වෙත නොපැමිණි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා සඳහන් කළේය.කථානායකවරයෙකුට අගමැතිවරයෙක් […]


News Articles
Latest Videos
Most Popular Post