වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබා දීම යළි අද සිට ආරම්භ කරනවා. ඒ, රෝහල් සහ එන්නත්කරණ මධ්‍යස්ථාන 6 කදී. ඒ අනුව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි. ඩී. එච්. රෝහල, අවිස්සාවේල්ල දිසා මහ රෝහල සහ විහාර මහා දේවී උද්‍යානයේදී එන්නත්කරණයට යොමු විය හැකි බවයි.
රුපියල් 500යේ ව්‍යාජ මුදල් නෝට්ටු 17ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුදුකුඩිඉරිප්පු සුගන්දිපුරම් ප්‍රදේශයේදී. අත් අඩංගුවට ගත් 41 හැවිරිදි කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දිවයින පුරා රෝහල් 600ක පමණ අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. ඒ සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල අනිවාර්යයෙන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිවයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 82ක් පෙරේදා (3) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,727ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) […]
ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඇඳන් පහසුකම් නොමැතිවීමෙන් බොහෝ දෙනෙකු බිම සහ ඉඩ තිබෙන සෑම තැනකම රැඳී සිටින අයුරු දැකගත හැකි බවයි පැවසෙන්නේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු (42) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සැකකරුවන් අතර පිරිමි 26 ක් සහ කාන්තාවන් 16 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. විරෝධතාවය අතරතුර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීමේ චෝදනාව යටතේ විරෝධතාකරුවන් පැමිණි වාහන 10 ක් ද […]
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,754 දෙනෙකු අද දිනයේ රෝහල් වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 284,524ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ඊයේ ආසාදිතයින් 2,450ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 311ක්.කොළඹින් 293ක් සහ කළුතර දිස්ත්‍රික්යෙන් ආසාදිතයින් 223ක් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 316,194 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
MV Asphalt Princess නෞකාව ඕමාන බොක්ක ආශ්රිත මුහුදු කලාපයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගැනීමකට ලක් කර තිබෙනවා. පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබියදී අදාල නෞකාව පැහැර ගැනීමකට ලක් කර තිබෙන අතර ඉරාන හමුදා විසින් මෙම පැහැරගැනීම සිදු කරන්නට ඇති බවටටී සැක පල කරන්නේ. කෙසේ වෙතත් ඉරානය අදාල පැහැරගැනීම පිලිබදව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. පැහැර […]
ලොව පුරා කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනයේ පමණක් ලොව පුරා රටවලින් නව කොරෝනා ආසාදිතයන් 5 97,114ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව ගෝලීයව වාර්තා වන කොවිඩ් ආසාදතයින් සංඛ්‍යාව 200,301,683 ලෙස ඉහල ගොස් තිබෙනවා. වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගැබට පැමිණි තිබෙනවා.