ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරනවා. සංචරණ සීමා පැනවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට ඇති අපහසුතා සැලකිල්ලට ගෙන මෙම සහනය ලබා දීමට සැලසුම් කර ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2976 දෙනෙකු වාර්තා වූ අතර එයින් වැඩිම ගණනක් වාර්තා වුයේ ගම්පහින්, එම ගණන 805 ක්. දෙවැනියට වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වූ අතර එම ගණන 589ක්.
නව අධිවේගයේ ඉදිකිරීම් අද සිට ආරම්භ වෙනවා. මෙම නව අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සැකසෙන අතර එහි ඉදිකිරීම් කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණා.
සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කරනවා. අත්‍යවශ්‍ය සේවාවලට අයත් නොවී වාහනයක් පදවන්නේ නම් යම් අයෙක් නිරෝධායනය රීති කඩ කරන බව පිලිබදව අනාවරණය වුවහොත් ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලීසිය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා නිසා පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා. මේ අතර පවුල් 67,000කට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 271,110 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සදහන් කරන්නේ.
කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ මැයි 17 සිට ජුනි 5 දක්වා කාලය තුලයි. ඊයේ (6) දිනයේ මෙරටින් කොව්ඩ් මරණ වාර්තා වී නැත. ඒ අනුව මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,742ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන […]
හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පවතින සංචරණ සීමාවලට යටත්වයි. ඒ අනුව දිස්ත්‍රික්ක 11 ක ග්‍රාම නිලධාරී වසම් 77 ක් හුදකලා බව ඉවත් කර තිබෙනවා.
අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 1,921ක් අලුතින් හදුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 204,278ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. ඒ අනුව එම ජලාශය ආශ්රිත ප්‍රදේශ වල පහත බිම්වල වෙසෙන ජනතාව ඒ පිලිබදව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.
සන්නද්ධ ප්‍රහාරයකින් බර්කිනා ෆාසෝ රාජ්‍යයේ සිවිල් වැසියන් 130 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙනවා. ෆාසෝ රාජ්‍යයේ සොල්හාන් ගම්මානයට එල්ල කර ඇති මෙම සන්නද්ධ ප්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සදහන් කරනවා.
සමගි ජන බලවේගයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්