News Line| Off Air
Generic placeholder image

May
13

අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිසිය කියයි

Generic placeholder image

අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිසිය සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා සියලුම කඩ සාප්පු ව්වෘත කිරීමට අවසර නොමැති බවයි.


May
13

Sputnik V එන්නත් මාත්‍රා 185,000 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට

Generic placeholder image

රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත් මාත්‍රා 185,000 ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරනවා. මීට පෙර එම එන්නතේ මාත්‍රා 15,000 ක් මේ වන විටත් දිවයින ලැබී ඇති අතර ඒවා ජනතාවට ලබාදීම පසුගිය දා සිදු කෙරුණා.


May
13

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් වතුර නෑ

Generic placeholder image

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව බොපේ – පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.


May
13

ඊයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 18ක්

Generic placeholder image

ඊයේ තවත් කොවිඩ් මරණ 18ක් සිදුව තිබෙන අතර ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
13

දිවයිනේ සියලු තැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත වෙයි

Generic placeholder image

දිවයිනේ සියලුම තැපැල් සහ උපතැපැල් කාර්යාල අද සිට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පමණක් විවෘත කිරීමට තීරණය කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරනවා. කෙසේ වෙතත් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල තැපැල් පත් බෙදා දීමේ කටයුතු සීමා කර තිබෙනවා.


May
13

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100 ට වැඩි තද වැසි

Generic placeholder image

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් […]


May
13

දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අදත් හුදකලා කෙරේ

Generic placeholder image

අදත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයේ,පාළුගහවෙල ගාල්ල දිස්ත්‍රික්කය අහංගම පොලිස් බලප්‍රදේශයේ,කරදුන්ගොඩගෝවියපානකහවන්නගමදොම්මන්ගොඩ හබරාදූව පොලිස් බලප්‍රදේශයේ,ලණුමෝදරබොනවිස්ටාකටුකුරැන්ද රත්නපුර දිස්ත්‍රික්කය පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ,දෙනවක පාතකඩදිප්පිටිගල කුරුවිට පොලිස් බලප්‍රදේශයේ,කුරුවිටදෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශය හුදකලා බව ඉවත් කළ ප්‍රදේශකොළඹ දිස්ත්‍රික්කය පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ,උග්ගල්ල අම්පාර දිස්ත්‍රික්කය දෙහිඅත්තකණ්ඩිය […]


May
12

හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි

Generic placeholder image

හෙට සිට මැයි 31 දක්වා අතවශ්‍ය නොවන කටයුතු සදහා නිවෙස්වලින් පිටතට යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුවයි. ඒ අනුව අවසාන අංකය 2,4,6,8 හෝ 0 සහිත පුද්ගලයන්ට ඉරට්ටේ දිනයකදී නිවෙස්වලින් පිටතට යා හැකි වන අතර අවසාන අංකය 1,3,5,7 හෝ 9 සහිත පුද්ගලයන්ට ඔත්තේ දිනයකදී නිවාසවලින් පිටතට යාමට අවසර හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති […]


May
12

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 300 දෙනෙකු ද කළුතරින් 417දෙනෙකු ද වාර්තා වනවා. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 131,098 දෙනෙකු වනවා. මේ අතුරින් 106,641 නෙකු සුවය ලැබුවා. 23,607 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.


May
12

හෙට රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ තහනමක්

Generic placeholder image

හෙට රාත්‍රි 11 සිට ( 17) සදුදා අලුයම 4 දක්වා දිවයිනට බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එහෙත් බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බවයි.


May
12

අද සිට මැයි 31 දක්වා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක්

Generic placeholder image

අද සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක් පැනවීමට තීරණය කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව අද රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා සියලුම පුද්ගලයින්ට නිවෙස්වල හෝ ඔවුන් සිටින ස්ථානයේ රැඳී සිටීමට සිදුවන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් […]


May
12

විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කෙරේ

Generic placeholder image

විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post