මේ වන විට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා එහිදී ඔහු සමග ගත් සෙල්ෆි ජායා රූපයක් සිය fb ගිණුමට එක් කර තිබීම පිලිබදව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාරගත කල පුද්ගලයෙකු සමග මෙලෙස ජායා රූපයකට පෙනී සිට එය සිය […]
ගිනියා රාජ්‍ය යේ අගනුවර ඉකුත් දා සිදුවූ පිපිරීම් මාලාවෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වන විට 98ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ප්‍රහාර මාලාවෙන් හමුදා මූලස්ථානයක් ද විනාශ වුණ අතර නොසැලකිලිමත් ලෙස ගබඩා කර තිබූ ඩයිනමයිට් තොගයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා .
විදේශ ගතව සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 118 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කුවේට් හි සිට විශේෂ ගුවන් යානයකින්. මෙලෙස පැමිණි පිරිස නිරෝධායනය කටයුතු සදහා යුධ හමුදාව විසින් යොමු කර තිබෙනවා.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි අවුරුදු 21ක තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා අදාල තරුණයා විසින් සිය ඥාති සොහොයුරා වෙනුවෙන් පෙනී සිට ඇති බවයි පැවසෙන්නේ. මේ අනුව මේ පුද්ගලයාට ලංකාවේ අපරාධ නීතිය අනුව මෙන්ම විභාග නීතිය අනුව ද චෝදනා ගොනු කළ හැකි බවයි පොලිසිය සදහන් කරන්නේ.
ඊයේ පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අධික වර්ෂාවක් පතිත වූ අතර ඒත් සමගම මීරිගම ප්‍රදේශයට හා ඉන් අවට ප්‍රදේශ වලට අයිස් වර්ෂාව පතිත වී ඇති බව වාර්තා වෙනවා. විනාඩි 15 කට ආසන්න කාලයක් මෙමෙ වර්ෂාව ඇද හැලුණු බවයි ප්‍රදේශවාසින් සදහන් කරන්නේ.
දිනෙන් දින ලෝකය පුරා පිලිකා රෝගීන් බහුලව වාර්තා වන පසුබිමක ශ්‍රී ලංකාව තුල ද දිනකට පිලිකා රෝගීන් දිනකට 80ක් අලුතින් වාර්තා වන බව ජාතික පිලිකා මර්දන ඒකකය සදහන් කරනවා. ඒ අතර වැඩියෙන්ම වාර්තා වන්නේ කාන්තාවන්ගේ පියයරු පිලිකා බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ මහත්මිය සදහන් කරන්නේ.
කොළඹ, වේල්ල වීදිය, ප්‍රදේශයේ දී හමුවු හිස නොමැති තරුණියකගේ මළ සිරුරේ ලබා ගත් DNA සාම්පල සහ ඇයගේ මවගේ සහ සහෝදරයාගේ ලබාගත් DNA සාම්පල එකිනෙකට ගැළපෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා. රජයේ අතිරේක රස පරීක්ෂක D H L W ජයමාන්න මහතා විසින් මෙම වාර්තාව නිකුත් කර ඇති අතර ඔහු එම ඝාතනය වු […]
ඉකුත් දා කුරිරු ලෙස ඝාතනයට ලක් වුණු කුරුවිට තරුණියගේ ඝාතනයට කළ බවට සැක කරන උප පොලිස් පරීක්ෂකවරයා ගේ කරේ එල්ලා තිබු බෑගය පුළුස්සා ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ බව අනාවරණය වී තිබෙන්නේ පොලිසිය විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී විමර්ශනය කරන ලද තොරතුරු මතයි. උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී එම බෑගය සහ ඔහු විසින් […]
2013 වසරේ දී කුඩා දරුවෙකු විහාරස්ථානයක් තුළදී අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 36 ක සිර දඬුවමක් අධිකරණය විසින් ලබා දී තිබෙනවා. අදාල පුද්ගලයා විහාරස්ථානයේ බිතු සිතුවම් ඇඳීමෙහි නිරතව සිටි චිත‍්‍ර ශිල්පියෙකු වන අතර ඔහු විසින් කුඩා දරුවෙකු වරින් වර විහාරස්ථානය තුළදීම අපයෝජනයට ලක් කර තිබෙනවා.
රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමාත් වුණා. මෙය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලැබූ තුන්වැනි ජයග්‍රහණය වනවා.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කල අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් […]
ඊයේ දිනයේත් මෙරටින් තව්ටැහැ කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මේ දක්වා කොරෝනා ආසදිතව මියගිය පුද්ගලයින් ගණන 507 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයෙත් නව ආසාදිතයින් 344 දෙනෙකු අලුතින් හදුනාගෙන තිබෙනවා.
මධ්‍යම,සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක තද වැසිද ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් […]