තවත් නව ආසාදිතයින් 539 දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 67,739ක්. මේ අතර අද දහවල් තවත් කොවිඩ් රෝගීන් 591 දෙනෙකු පූර්ණ සුවය […]
හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ තවත් ප්‍රදේශයක් මේ මොහොතේ සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා බවින් ඉවත් කරන බවයි. ඊට අදාළ නිවේදනය පහතින් :
දකුණු අප්‍රිකාවේ 80 හැවිරිදි පුද්ගලයෙකු විසින් 29 හැවිරිදි දියණියක් විවාහ කරගෙන තිබෙන පුවතක් වාර්තා වෙනවා. මිට වසර හතරකට ඉහතදී දැන හදුනාගෙන තිබෙන මෙම යුවළ මාස කිහිපයකින් පසු ඔවුන්ගේ සම්බන්ධය පසු ආදර කතාවක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම 80 හැවිරිදි පුද්ගලයාට විවාහ කරගත් තරුණිය මෙන් මිණිබිරියන් සිටින අතර මොවුන්ගේ විවාහයේ සාක්ෂිකරිනිය ලෙස අත්සන් කර ඇත්තේ […]
ගම්පහ, දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා වර්ගයේ ශාකය මහා සංඝරත්නය විසින් චීවරයක් පළඳවා සාංඝික කර තිබෙනවා.ගස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම ශාඛය සඟ සතුකළ බවයි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උදස්ගිරියේ සමිත හිමියන් සදහන් කරනවා.
ඊයේ දිනයේදී මෙරටින් මේ දක්වා හමු වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. වන අතර එම ගණන 252 ක් වනවා. ඊට අමතරව ගම්පහ 227 ක් ද මහනුවරින් නව ආසාදිතයින් 150 ක් ද හමුව තිබෙන බවයි පැවසෙන්නේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 87ක්, රත්නපුර 49ක්, කුරුණෑගල 48ක්, ගාල්ල 27ක්, […]
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට පියවර ගැනීමත් සමඟ මැද පෙරදිග ගුවන් සේවා ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. බහරේනයේ ජාතික ගුවන් සේවය, ගල්ෆ් එයාර් ශ්‍රී ලංකාව වෙත නැවතත් ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව එළඹෙන 15 […]
කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබෙනවා. අගමැතිවරයා මේ බව සදහන් කලේ රීති ප්‍රශ්නයක් නගමින් සමගී ජනබල වේගය පක්ෂයේ එස්.එම් මරික්කාර් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්
මියන්මාර නායිකා අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලය එරට හමුදාව විසින් වටලා විනාශ කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.ඊයේ රාත්‍රී කාලයේදී මෙලෙස හමුදාව විසින් බලහත්කාරයෙන් පක්ෂ කාර්යාලය වෙත කඩා වැදී තිබෙනවා. හමුදා පාලනයට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතා පැවැත්වෙන අතරතුර මේ ආකාරයට හමුදාව විසින් එම විරෝධතා නොතකමින් එම පක්ෂ මුලස්ථානය සම්පුර්ණයෙන් විනාශයට පත් කර […]
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පියෙකු වන රජිව් කපූර් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.ජනප්‍රිය රංගන ශිල්පී රාජ් කපූර්ගේ වැඩිමල් පුත්‍රයා ද වන ඔහු මියයනවිට ඔහු 58 හැවිරිදි වියේ පසුවුවා.
යාපනය ශික්ෂණ රෝහලේදී පළමු වරට කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වී තිබෙනවා. ඒ ලිංගික සංක්‍රාන්ති සැත්කම සිදු කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පැවසෙන්නේ. මෙම සැත්කම සදහා පැය 12 ක් පමණ කාලයක් ගත වී තිබෙන බවයි පැවසෙන්නේ.
මෙරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණ ඇත. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, අදාළ බඳවා ගැනීම් සහ පීඨවල ඒ සඳහා ඇති සූදානම පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා […]
ඕමන්ත ප්‍රදේශයේ ළිදක තිබී හත් හැවිරිදි පාසල් දරුවෙකුගේ සිරුරක් හමුව තිබෙනවා. අදාල දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමග උපකාරක පන්තියකට සහභගි වීම සදහා නිවසින් පිටව ගොස් ඇති අතර රාත්‍රිය වන තෙක් සිය දරුවා නිවසට නොපැමිණීම නිසා ඥාතීන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිදු කල සොයා බැලීමකදී අදාල දරුවාගේ මළ සිරුර අසල්වාසී නිවසක ළිදකට […]