කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 393 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 729ක්. එමෙන්ම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා අද දහවල් පුද්ගලයින් 894 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගියා. […]
කොවිඩ් 19 වෛරසය වැළඳී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එම තොරතුරුවලට අනුව මිය ගොස් ඇත්තේ කොළඹ 3, නාවල, බගවන්තලාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක්. ඔවුන් අවුරුදු 63ත් 89ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 336 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ එලෙස හඳුනා ගත් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 63,456ක් ලෙසයි.
හෙට උදෑසන 6 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මීගමුව, ගල්කන්ද මංසන්ධිය වසා තබන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ කොටස වසා තැබෙන බවයි. එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය සිදු කෙරෙන්නේ ද කටුනායක දක්වා පමණක් බවත් පොලිසිය දැනුම් දෙනවා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 894 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ එලෙස රෝහල්වලින් පිටව ගිය පිරිස සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461 දක්වා ඉහළ ගිය බවයි.
හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝෂියස් යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. රවි කරුණානායක මහතාට අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරන සමාගමක් නිකුත් කළ මුදල්වලින් නිවසක් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව අද කැඳවූවා. එහිදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා. අරවින්ද ද සිල්වා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනෙකුත් සාමාජිකයින් වනවා.
ඉන්දියවේ කාන්නඩ ප්‍රාන්තයේ නිවසක වැසිකිළියක් තුලට පැමිණි සිටි දිවියෙක් සමග එම නිවසේ සිටි සුනඛයා ද සිර වී සිට ඇති අතර නිවැසියන් සිය නාන කාමරයේ සිටි දිවියා දැක අදාල කාමරය අගුලු දමා තිබෙනවා. එම කාමරයේ සිටි සුනඛයා ද මේ හේතුවෙන් එළියට ඒමට නොහැකිව සිරව තිබෙනවා. එම සුනඛයාට මරණ බියෙන් තැතිගෙන සිටින ආකාරයක් එම සිද්ධිය රූගත කරන […]
අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ 82 හැවිරිදි කාන්තාවක් දූෂණයකර පළා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ දරුවන් දෙදෙනා වෙනත් නිවෙස්වල පදිංචිව සිට ඇති අතර ඇය වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තනිව වාසයකර තිබුණා. එම කාන්තාවගේ නිවස අසල පිහිටි කුඩා කඩ කාමරයක් කුලියට දීමට ඇති බවට පළකර තිබූ දැන්වීමකට අනුව ඒ පිළිබඳ තොරතුරු දැන […]
ලෝක වෙළෙදපොලේ රන් මිල පහල ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල සියයට 2.44 කින් පහල බැස තිබෙන අතර මේ වන විට ලෝකවෙළෙදපොලේ රන් අවුන්සයක මිල පවතින්නේ 1,790, 33 ලෙසයි.
සඳුදා සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණයකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බව අමාතයවරයා වැඩ්දුරටත් පැවසීය. රතු කැකුළු 1Kg – (නව මිල) රුපියල් 93 – (පැවැති මිල) රුපියල් 106සුදු කැකුළු 1Kg – (නව මිල) රුපියල් […]
වයස අවුරදු 18 ක් වූ සිය සොහොයුරා අතින් දිගු කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක් වුණු 15 හැවිරිදි නැගණිය දරුවෙකු බිහිකර තිබෙනවා. දරුවා ලැබීමට එම 15 හැවිරිදි දැරිය රෝහලගත කිරීමට යාමේදි මේ බව කරුණු අනාවරණය වී තිබෙන්නේ. පොලිසිය විසින් අදාල 18 හැවිරිදි සොහොයුරා අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඊයේ දිනයේ අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.