News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතුළත්කර ගැනීම කල් යයි

Generic placeholder image

2020 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය අනුව පාසල්වලට සිසුන් ඇතුළත්කර ගැනීම මසකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙස බලකරමින් අද උදෑසන “පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය“ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ද පැවැත්වුවා. පසුව එම පිරිස පා ගමනින් ජනාධිපති ලේකම් […]


Feb
1

බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

Generic placeholder image

බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන පළමු පියවර අද රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී ආරම්භ වුණා. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.


Feb
1

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපති අතට

Generic placeholder image

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිතව තිබෙනවා. 2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය. වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය […]


Feb
1

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 864ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 864ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. එයින් ආසාදිතයින් 27 දෙනකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් වන අතර අනෙක් ආසාදිතයින් 837දෙනා විදේශීය මෙරටින් හදුනා ගත් කොරෝනා රෝගීන් වේ. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362ක් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනකු ද රත්නපුරෙන් 81 ක් හමුව තිබෙනවා.


Feb
1

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කෙරේ

Generic placeholder image

තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිට එරෙහි චෝදනා ගැන කල පරීක්ෂණයකින් පසු ඔහු ධුරයෙන් පහ කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


Feb
1

මියන්මාරයේ පාලන බලය එරට හමුදාව අතට

Generic placeholder image

අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය මියන්මාර හමුදාව අතට පත් වී තිබෙනවා.මීට පැය කිහිපයකට පෙර මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගත් අතර මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.


Feb
1

අගමැති හා වරාය සේවකයින් අතර අද විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

අද දිනයේ වරාය සේවකයින් හා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විමට නියම්තව තිබෙනවා.නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වරාය සේවකයින් මෙම සාකච්ඡාවට එක්වෙයි. විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි පැවසෙන්නේ.


Feb
1

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 75 පමණ තද වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත […]


Jan
31

තවත් කොවිඩ් මරණ තුනක් පිළිබඳ තොරතුරු

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එම මරණ වාර්තා වන්නේ කොළඹ 8, කඩුවෙල සහ අඟුරුවාතොට යන ප්‍රදේශවලින් වන අතර එලෙස මියගිය තිදෙනා අවුරුදු 38, 68 සහ 69 යන වයස්වල පසු වූවන්. ඒ සමග මෙරට කොවිඩ් මරණ ගණන 316 දක්වා ඉහළ ගියා. අදාළ […]


Jan
31

පානදුර ඝාතනයේ තොරතුරු හෙළි වෙයි

Generic placeholder image

පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගියදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තොරතුරු රැසක් හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා. වැලිකඩ බන්ධනාගාර භාරයේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘සුද්දා’ නමැත්තා අදාළ ඝාතනයේ සැළසුම මෙහෙයවනු ලැබ ඇති බව අනාවරණ වී තිබෙනවා. ඝාතනය සඳහා යොදා ගත් ටී 56 ගිනි අවිය, පතරොම් 17ක් සහ මැගසිනයක් ඉකුත් […]


Jan
31

තවත් ආසාදිතයින් 486ක් හඳුනා ගැනේ

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 486 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 10 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාරා ආශ්‍රයෙන් වන අතර සෙසු 476 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනා ගැනුණා. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවල සමස්ත […]


Jan
31

නව ආසාදිතයින් 351 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 351 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 63,644 ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post