ඇෆ්ගනිස්ථානයේ කාබුල්, කලඊෆතුල්ලාහි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මහමඟදී වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉකුත් ඉරිදා ඔවුන් කුලී රථයකින් සේවය සදහා යමින් සිටියදී සැඟව සිටි තුවක්කුකරුවන් පිරිස පාළු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. සිද්ධියෙන් අදාළ රථයේ රියදුරු ද තුවාල ලැබුවා. ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයින් ඉලක්කකර ගනිමින් […]
අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මේ අනුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම ඔවුන් ඇසුරු කල ආශ්‍රිතයින් 12 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීම හා සම්බන්ධ වීම යන චෝදනා මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබූ දුරකතන 5ක් ද පොලිස් භාරයට ගැනුණු අතර එහි දත්ත විශ්ලේෂණයේදී අදාළ පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට පත් වූ පොලිස් පරීක්ෂකවරයා අද අනුරාධපුර අධිකරණයට […]
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමු කෙරුණු අතර එහි රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්තකර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කළේ, දෛනික […]
සෞඛ්‍ය නීතී උල්ලංඝණය කරමින් මැදිරිගිරිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 52 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. තරුණියන් 13ක් ද ඒ අතර වන බවයි පොලිසිය වැඩ්දුරටත් පවසන්නේ. මොවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ උපත් පාලන කොපු සොයාගැනීමට ද හැකිව තිබෙන බව වාර්තා වන අතර නිරෝධායන නීති යටතේ මොවුන්ට […]
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට තරඟයේ 5වැනි දින උදෑසන සමත් වුණා. තරඟය පැවැත්වුණේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඔවුන් එමගින් යහපත් ප්‍රථිපල අත්පත් කර ගන්නා බවයි.
මෙම සතිය තුළ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට පමණක් සීමා කිරීමට අද රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. ඒ, කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව අදාළ රැස්වීම් හෙට සහ අනිද්දා පමණක් පැවැත්වෙනු ඇති.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා. ඒ, මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවකට අදාළවයි. අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් […]
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ෂෙහාන් ජයසුරිය සහ ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අතර සීතල යුද්දයක් ඇති ව තිබෙනවා. ඒ ෂෙහාන් ජයසුරිය විසින් අමෙරිකාවේ සිට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් කියා පුවත්පතකට සදහන් කර තිබෙන්නේ තමන්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ස්ත්නයක් නොලැබුණේ තිසර පෙරේරා සහ ඔහුගේ බිරිද නිසා බවයි. මෙයට තිසර […]
කිළිනොච්චිය – පූනෙරිය, තෙලිකරෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳගේ ගෙල කපා ඝාතනයකර තිබෙනවා. පොලිසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයා එලෙස සිය බිරිඳගේ ගෙල කපා ඇයව ඝාතනයකර ඇති බවයි. සිද්ධියෙන් මිය ගියේ 36 හැවිරිදි තිදරු මවක්. ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොරෝනා ආසදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා සුව වී නැවත සිය වැඩ බිමට පැමිණි පසු සිය ම්තුරන් ඔහුව කොන් කිරීම නිසා සිත් තැවුලට පත්ව සිය දිවි නසාගෙන තිබෙනවා. අතුරුගිය සතිපොළේ වැඩ කරන ලද කම්කරුවෙක් එම ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලී මෙලෙස සිය දිවි නසාගෙන තිබෙන අතර අදාල මිය ගිය තැනැත්තා විවාහක බිරිදගෙන් වෙන් වී […]