කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඉකුත් 6 වැනිදා සිට අමාත්‍යවරයා හමු වූයේ නම් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස වාසුදේව නානායක්කාර මහතා දැනුම් දෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එම නිවේදනයේ සඳහන්ව තිබූ කරුණු පහතින් : “ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම […]
අධිකරණයට අපහාස කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි ඇප කොන්දේසි සහිතව මුදා හරින ලෙස නියෝග කෙරුණා. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අජිත් ප්‍රසන්න මහතාව රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික […]
වනජීවී නිලධාරීන් විසින් ලුණුගම්වෙහෙර දෙමලිය ප්‍රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී මුව මස් සන්තකයේ තබා ගත් හමුදා සැරයන්වරයෙක් හා සෙබළුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී මුවමස් කිලෝ 58, වියළි මුව මස් කිලෝ 2, ක් හමුව තිබෙන අතර එම මස් විකිණීම සදහා සුදානම් කර තිබු බවට වනජීවී නිලධාරීන් සදහන් කරනවා. සැකකරුවන් පැමිණි යුධ හමුදා […]
පවතින අධික වැසි තත්ත්වය හමුවේ අනුරාධපුර, නාච්චාදූව ජලාශයේ වාන් දොරටු විවෘතකර තිබෙනවා. මල්වතුඔය පහළ කොටසේ වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ විමසිල්ලෙන් පසුවන ලෙසයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රදේශ කිහිපයක් දීර්ඝ කාලයක් හුදකලා කර තිබූ අතර මේ වන විට එම ප්‍රදේශ බොහොමයක් හුදකලා බව ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතාව විසින් රජය සහ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් වලට අනුව කටයුතු නොකරන්නේ නම් යලි එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවන බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ […]
බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෙෙරස් ප්‍රභේදය මෙරටිනුත් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෙෙද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ සිටින අයෙකුට එම වෙෙරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් පැවැත්වූ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී […]
සිර දඬුවම් හිමි වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීත්‍යානුකූලව අහෝසි වන්නේ තවත් මාස 6කින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවට අදාළ අවසන් තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා. අදාළ තීන්දුව මගින් ප්‍රකාශ කෙරුණේ බරපතල වැඩ සහිතව සිව් වසරක් සඳහා […]
පස් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අපයෝජනයට ලක් වූ දැරියගේ පියාට අයත් වතු යායක සේවය කළ අයෙකු වන අතර නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවක දැරියව රවටා ළඳු කැලෑවකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයකර ඇති බවයි පොලිසිය පැවසුවේ. දැරිය රක්වාන ප්‍රාදේශීය රාේහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහරෝහල වෙත […]
TNA පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ තවත් සැකකරුවන් 04 දෙනෙකු මඩකලපුව මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. .
ලොව කොරෝනා බලපෑම වැඩිම රට ලෙස තව දුරටත් ඇමෙරිකාව පෙරමුණ ගෙන තිබෙන අතර මේ අනුව ඊයේ දිනය තුල පමණක් එරට වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 4085ක්. මේ දක්වා එරට සිදුව තිබෙන සමස්ත මරණ ගණන 389,425ක් වේ. එමෙන්ම ආසාදිතයින් 212,404 දෙනෙකු නව ආසාදිතයින් ලෙස අලුතින් හදුනා ගැනුණා.
රුපියල් එක් කෝටියකට අධික මුදල් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ වැටලීමකදීයි. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, රුපියල් එක් කෝටි විසි හය ලක්ෂ හතලිස් තුන් දහසක මුදලක් ඔවුන් සතුව තිබී සොයා ගත් අතර එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් […]
පෙබරවාරි මාසය වනවිට කිසියම් හෝ කොරෝනා එන්නතක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.