News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

බීමතින් රිය ධාවනය කළ පුද්ගලයින් 350ක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

උත්සව සමයේ සියළු දෙනාගේ ආරක්‍ෂාව සඳහා රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙන පොලිසිය සදහන් කරන්නේ. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 9000ක් පමණ යොමු […]


Dec
24

කොරෝනා මැද ලොව පුරා ජනතාව නත්තලට සැරසෙයි

Generic placeholder image

ලොව පුරා ජනතාවට මෙවර නත්තල් උත්සවයට සැරසෙන්නේට සිදු වන්නේ සිමා සහිත පසුබිමකය. නිදහසේ නත්තල් සැමරීමට කොරෝනා වෛරසය හේතුවෙන් නොහැකි වුවත් රටවල් රැසක වීදි අලංකාර කරමින් නත්තල් සැරසිලි සිදු කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. දැඩි පීඩාවකට ලක්ව තිබෙන ඇමෙරිකාව ද වීදි අලංකාර කරමින් නත්තල් සැරසිලි සිදු කර තිබෙනවා. මෙවර ඒ අතර නත්තල් සීයාද විදුරු […]


Dec
24

අනියම් ප්‍රේම සබදතාවයක් හේතුවෙන් කාන්තාවක් විසින් පුද්ගලයෙකුව ඝාතනය කරයි

Generic placeholder image

අනියම් ප්‍රේම සබදතාවයක් දුරදිග යාමෙන් හෝමාගම මාකුඹු ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අතර ණ්ඩුවක් අතරතුරදී අදාළ කාන්තාව විසින් පිරිමි පුද්ගලයාගේ ගෙල වයරයක් ආධාරයෙන් හිරකර ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයට ලක්වූ පුද්ගලයා 26 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Dec
24

දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක්

Generic placeholder image

බස්නාහිර පළාත තුළ කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා මේ උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් ගම් බලා පිටත් වන හෙයින්දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක් කරනවා. මේ අනුව හදුනා නොගත් කොරෝනා ආසාදිතයින් සමාජය තුල සැරිසැරීම හේතුවෙන් වැඩි අවදානමක් පවතින බව PHI සංගමය වැඩි දුරටත් සදහන් කරනවා.


Dec
24

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 580ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 580 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 228කි. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයින් 108ක් , කළුතර දිස්ත්‍රික්කයෙන ආසාදිතයින් 68 දෙනෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා. පසුගිය පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වූවා.


Dec
24

කොවිඩ් වෛරසය ට අදාළ තවත් විකෘති වෛරසයක් දකුණු අප්‍රිකාවෙන්

Generic placeholder image

කොරෝනා වෛරසයට සමාන තවත් ව්කෘති වෛරසයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී තිබෙනවා. මෙවැනිම වෛරසයක් මේ වන විට බ්‍රිතාන්‍යයෙන් ද වාර්තා වී තිබෙන අතර ඒ අනුව රටවල් 40 ක් පමණ බ්‍රිතාන්‍යය ට සංචරණ තහනමක් පනවා තිබෙනවා. දකුණු අප්‍රිකාවෙන් මේ වාර්තා වන දෙවන නව වෛරසයක් සමග බ්‍රිතාන්‍යය දකුණු අප්‍රිකාවට සංචරණ තහනමක් පනවා තිබෙනවා.


Dec
24

ලක්සද සෙවණ නිවාස සංකීර්ණය හුදකලා බවින් ඉවතට

Generic placeholder image

වැල්ලම්පිටිය ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ හුදකලා තත්ත්වය අද උදෑසන 6 සිට ඉවත් කරනු ලබන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.


Dec
24

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි කරයි

Generic placeholder image

නිරෝධායන නීති රීති කඩ කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරෝධායනය නීති කඩ කරමින් හිටගෙන මගීන් ප්‍රවාහනය කරන බස්රථ රියදුරුන් හා කොන්දොස්තරවරුන් ඒ අනුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමට පියවර ගැනීමට සිදු වන බව ද මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩි දුරටත් සඳහන් කළා.


Dec
24

උත්සව සමයේ අලුතින් සීමා පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව යුධ හමුදාපති කියයි

Generic placeholder image

මේ උත්සව සමයේ අලුතින් තහංචි හෝ සීමා පැනවීමට බලාපොරොත්තු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් අවදාරණ කරන්නේ ජනතාවට උත්සව සමයේ සෞඛ්‍ය නීති රීති හැකි උපරිම අයුරින් පිළිපදින ලෙසයි


Dec
24

ත්‍රිකුණාමලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අබේපුර සහ මුර්ගපුරි ග්‍රාම සේවා කොටිඨාශය අද උදෑසන 6.00 සිට හුදකලා කරනු ලබන බව හමුදාපති පවසනවා.


Dec
24

වැසි තත්වයේ අඩුවීමක්

Generic placeholder image

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරිදින කිහිපයේදී (දෙසැම්බර් මස 25 සහ 26 දින යන්හිදී ) බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌවපළාත්වලත්නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්පමණපසුවතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවන අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල ඇතැම්ස්ථානවලටමි.මී. 100 ටවැඩිතදවැසිද ඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]


Dec
23

‘කොරෝනා මෘත දේහ ගැන තීරණයක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි’ – රනිල් වික්‍රමසිංහ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ සියලු ජන කොටස් සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින්. මෘත දේහ ආදාහනය කරන්නේ ද, භූමිදාන කරන්නේ ද යන්න පිළිබඳ තීන්දු […]


News Articles
Latest Videos
Most Popular Post