2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 16යි. 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබ තිබෙනවා. මෙම සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණා.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු විය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද […]
මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුණුවන්ගේ සිත්, දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් සුබ පැතුම් […]
ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍ය මරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය. උන්වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ ඉවසීමේ හා අවබෝධයේ ඉගැන්වීම් මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදු […]
කොත්තමල්ලි ගෙන්වන මුවාවෙන් මෙරටට ගනේ වූ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව අද සිය භාරයට ගත්තා. අදාළ අපද්‍රව්‍ය තොගය යුක්‍රේනයේ සිට ආනයනයකර ඇති අතර ඒවා බහාලුම් 28ක දමා තිබියදී සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ, යුක්‍රේනයේ Agronika Trade LLC නමැති ආයතනයක් මගින් එම බහාලුම් ආනයනයකර ඇති බවයි. අදාළ බහාලුම්වලින් බහාලුම් 8ක් පසුගිය 10වැනිදා […]
තවත් කොරෝනා මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. අගලවත්තේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති අතර එම පුද්ගලයා ඉකුත් 20 වැනිදා පිඹුර මූලික රෝහලට ඇතුළත්කර තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවට තොරතුරු වාර්තා වී ඇති බවයි. එම පුද්ගලයාගේ […]
තවත් කොරෝනා ආසාදිතයින් 182 හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 588ක් ලෙසයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 35,548 දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය […]
අද සහ හෙට කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව අද රාත්‍රී සහ හෙට උදෑසන නත්තල් දේව මෙහෙය පැවැත්වෙන දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදාළ ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 388 දෙනෙක් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 18 දෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
ජනවාරි පළමුවැනිදා සිට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ආරම්භ කරන නව බස් රථ සේවාවක් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා අද සියත FM Morning Show වැඩසටහනට එක් වෙමින් පැවසුවා. ඔහු පැවසුවේ, ‘සිටි රයිඩ්’ නැමැති අදාළ සේවාවේ නියමු ව්‍යාපෘතිය මෙලෙස ලබන පළමුවැනිදා සිට ඇරඹෙන අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හරහා එය ක්‍රියාත්මක වන […]
අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස්බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සීමාකර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට කොළඹ – කොටුවේ සිට වග දුම්රිය ස්ථානය දක්වා සීමාකර ඇති බවයි. ඒ අනුව හෙට සිට කඩුගොඩ, කොස්ගම, පුවක්පිටිය සහ අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන නැවත දැනුම් දෙනතුරු විවෘත නොවන බව ද […]