අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අයි.ඩී.එච් රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ, ඇනිජියෝග්‍රෑම් (Angiogram) පරීක්ෂණයක් සඳහායි. ශානි අබේසේකර මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වූ අතර ඔහු බන්ධනාගාර රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබුවා. ඔහුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවුණේ ඉන් අනතුරුවයි.
හෙට අලුයම 2 සිට බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන කිසිදු ගුවන් යානයක් මෙරටට ඇතුළු විය නොහැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළා. ඒ, බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය හේතුවෙන්. යළි ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කරනු ලබන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ. බ්‍රිතාන්‍යය තුළ […]
බිළිදු මළ සිරුරු දෙකක් මාරු වී මිහිදන් කළ මළ සිරුරක් යළි ගොඩ ගැනීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පානදුර පොලිසියට ඒ පිලිබදව ලද පැමිණිල්ලකට අනුවයි. පසුගියදා පානදුර රෝහලේ දී මළ දරු උපතක් සිදු වී ඇති අතර ඒ බිලිදු මළ සිරුර පානදුරට මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරබ තිබෙනවා. එදිනම තවත් කාන්තාවකට මළ දරු […]
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය තවත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම කොමිසමේ කාලය ලබන වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බවයි අදාළ ගැසට් නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය බලපෑ ලොව පුරා රටවල් අතරින් තෙවන තැනට පත්ව තිබෙන බ්‍රසීලය මේ වන විට කොරෝනා වෛරසයේ අවදානම නොතකමින් අගනුවර රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරයට එක්රැස් වෙමින් සිටින බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම එරට ගිම්හාන කාලයත් සමග එරට ජනයා ලෝක වසංගත තත්වය අමතක කර ඇති ආකාරයක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය […]
එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා දකුණු අප්‍රිකානු කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ජැක් කලිස් එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස පත්කර තිබෙනවා. ටෙස්ට් තරග දෙකකට සහභාගිවිම සදහා එංගලන්ත කණ්ඩායම ලබන ජනවාරි මස 3 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි. ටෙස්ට් තරග පිටියේ අත්දැකීම් බහුල කී‍්‍රඩකයෙකු වන ජැක් කලිස් ටෙස්ට් තරග 166කට කී‍්‍රඩා කරමින් ලකුණු 13,289ක් […]
ඉදිරි සතිය තුල එනම් උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පිලිබදව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවත් යම් හෙයකින් යම්කිසි අවදානම් ප්‍රදේශයක් පැවතුනහොත් ඕනෑම අවස්ථාවක එසේ පැනවීමට ක්‍රියා කරනු ලබන බවත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ සෞඛ්‍ය අංශ ගන්නා තීරණය අනුව […]
උත්සව සමයත් සමග ජනතාව බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත යා හැකි බැවින් එම පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාව බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට යෑම තුළින් වෙෙරසය පැතිර යාමේ විශාල අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් ජනවාරි පළමු වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසයි මහජන සෞඛ්‍ය […]
පසුගියදා කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවට අනාවරණ වී තිබෙනවා. ගින්න හට ගැනීමෙන් පසු සිදු කළ පරික්ෂාවෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. එම ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා කළ පරීක්ෂණයේ වාර්තාව ද මෙතෙක් නිකුත් වී නැහැ. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ සේවකයින් […]
ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් පහළොස් හැවිරිදි දැරියක් සිය සිරුරට ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ දැරිය ඇගේ නැන්දණියගේ පුත්‍රයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට විරුද්ධ වූ නැන්දණිය නිරන්තරයෙන් ඇයට බැණ වැදී තිබුණා. ඒ හේතුවෙන් කනස්සල්ලට පත් දැරිය සිය නිවස තුළදීම සිරුරුට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. බරපතල පිළිස්සුම් තුවාල ලැබූ දැරිය කලවාන […]
පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියේ ගමන් ගත් අඹු සැමි යුවලක් සහ ඔවුන්ගේ සිවු හැවිරිදි දරුවා අනතුරට ලක්ව තිබෙන අතර එහිදී පියා සහ දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පිළියන්දල පොලිසිය සදහන් කරනවා. මව බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙන අතර අදාල අනතුරෙන් මිය ගොස් තිබෙන්නේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහුගේ පුතු වන […]
අධික වැසි සමග පොළොන්නරුවේ සිට මඩකලපුව දක්වා මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ හේතුවෙන් අදාළ මාර්ගය හරහා කුඩා මෝටර් රථ ධාවනය කිරීම තාවකාලික නවතා දමා ඇති බවයි. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් […]