News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

2021 අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Generic placeholder image

2021 වසර සඳහා වන අයවැය තුන්වැනිවර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එහිදී ඊට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 54ක් පමණයි. ඒ අනුව වැඩි ඡන්ද 97කින් 2021 අයවැය තෙවැනිවර කියවීම සම්මත වී තිබෙනවා.


Dec
10

කොරෝනා දේශීය ඔසුව මැති සබයටත්

Generic placeholder image

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා දේශීය ඔසු කිහිපයක් යොදා ගනිමින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන බව පැවසෙන ඖෂධය අද පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවා. ඒ, එය නිෂ්පාදනය කළ ධම්මික බණ්ඩාර මහතා විසින්. අනතුරුව එය කථානායකවරයාට සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද පානය කිරීම සඳහා දී ඇති බවයි වාර්තා වන්නේ. පසුගියදා අදාළ ඔසුව කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ […]


Dec
10

නව ආසාදිතයින් 300ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන්ගෙන් 279 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍යය වෙළඳපොළ ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 21 දෙනා හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන්. එමෙන්ම මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7670ක්. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව දැක්වෙන්නේ 22,261ක් ලෙසයි.


Dec
10

මහර සිද්ධියෙන් මියගිය සියලු රැඳවියන් හඳුනා ගැනේ

Generic placeholder image

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය රැඳවියන් සියලු දෙනාගේ මෘත ශරීර මේ වනවිට හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. අදාළ සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මින් පෙර අවස්ථා කිහිපයකදී ඥාතීන් විසින් මියගිය රැඳවියන් 8 දෙනෙකුගේ මෘත ශරීර හඳුනා ගත්තා. අද දිනය වනවිට […]


Dec
10

රසවත් ගී රැසකින් ජන හදවත් මුසපත් කළ “ක්‍රිස්ටෝ” අද..

Generic placeholder image

විවිධ ශෛලීන්වලට ගීත ගායනා කරමින් ජන හදවත් ඇද බැඳගත් ජ්‍යේෂ්ඨ සම්මානනීය ගායනවේදී “ක්‍රිස්ටෝ” නොහොත් ක්‍රිස්ටෝපර් පෝල් මහතා මතකයේ රැඳෙන ගීත, සංගීත ලොවට තිළිණ කළ ගායකයින් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි වන ගායන ශිල්පියෙක්. ක්‍රිස්ටෝපර් පෝල් මහතා මේ වසරේ මුල් දින කිහිපයේ දැඩි ලෙස රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ජනවාරි මස 2 […]


Dec
10

ඉතාලියේ ලෝක පාපන්දු ශූරයෙක් වන පාඕලෝ මියයයි

Generic placeholder image

1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට වැඩි වෙහෙසක් දැරු ක්‍රීඩකයෙක් වන පාඕලෝ රෝස්සි මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. පාඕලෝ මිය යන විට 64 වියෙහි පසු වූ අතර ඔහුගේ බිරිඳ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් මේ පිලිබදව සදහන් කර ඇති නමුත් පාඕලෝගේ මරණයට හේතුව පිලිබදව අදහස් දක්වා නොමැත.


Dec
10

කථානායකවරයා භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

Generic placeholder image

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටිනවා. මේ පිලිබදව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කලේ ඒ සදහා යන වියදම කොරෝනා පාලනය කිරීම සදහා වන වැඩ පිළිවෙලට යොදවන්නේ නම් යහපත් වන බවයි.


Dec
10

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 5කට සංචරණ සීමා

Generic placeholder image

මාතර , වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5කට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවනු ඇති. ඒ ඊයේ දිනය තුල වැලිගම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනකු හදුනාගැනීමත් සමගයි.


Dec
10

කොරෝනා වෛරසයට සිංහයනුත් ගොදුරු වෙයි

Generic placeholder image

මිනිස් ප්‍රජාවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට සත්වයින් හටද අසාදනය වන බවට හදුනාගෙන තිබෙනවා. මේ අනුව ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතර සිංහ ධේනුවන් තිදෙනෙක් ද වනවා.


Dec
10

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයින් 150 දෙනකු අද pcr පරික්ෂාවට

Generic placeholder image

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තෝරාගත් පුද්ගලයින් 150 දෙනකුගේ pcr පරීක්ෂණ අද ආරච්චිකට්ටුව සතිපොළ භූමියේදී සිදු කර තිබෙනවා. ඒ අතර බිංගිරිය ඇගළුම් කම්හලක සේවකයින් පිරිසක් ද සිටින බවයි වාර්තා වන්නේ. මිට පෙර එලෙස සිදු කරන ලද 100 දෙනෙකු සම්බන්ධ කරගගෙන සිදු කරනු ලැබූ pcr වාර්තා අනුව 31 දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබුණා.


Dec
10

වසර 800කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක්

Generic placeholder image

මෙවර වසර 800 කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක් උද වී තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයින් වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වීමෙන් ඇතිවන දර්ශනය නත්තල් තරුව ලෙස හදුන් වන අතර මෙවර එය වඩාත් සමීපව මේ මස 16 වෙනිදා සිට 25 වෙනිදා දක්වා අතර කාලය තුල ලෝක වාසි ජනයාට දැකගත හැකි […]


Dec
10

ෆයිසර් එන්නත කැනඩාවත් පිළිගනී

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා ලොව පුරා රවටල් ඉතා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කර තිබෙන පසුබිමක ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත එම එන්නත් අතර ඉදිරියෙන් ම සිටිනවා. මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක් මෙම එන්නත සදහා අනුමැතිය ලබා දී තිබෙන අතර අද දිනයේ කැනඩාව ද ආදාල එන්නත සිය රට තුල භාවිතා කිරීම සදහා අනුමැතිය එරට සෞඛ්‍ය බලධාරීන් […]


News Articles
Latest Videos
Most Popular Post