News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 273ක් වෙයි

Generic placeholder image

මේ වනවිට පොලිස් නිලධාරීන් 273 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් 180 ක් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන්. එමෙන්ම නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1, 302ක්. මේ අතර වරාය සේවකයින් […]


Nov
5

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 443 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයෙන් 212 138 මට්ටක්කුලිය මෝදර උයනින්කොළඹ වරායෙන් 11 දෙනෙක්කොළඹ උතුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 21බත්තරමුල්ල 05,හංවැල්ල 08,කොළොන්නාව 06,මෝදර 06,අතුරුගිරිය 03අංගොඩ 03මාළඹේ 02අවිස්සාවේල්ල 02මොරටුව 02දෙහිවල 01රත්මලාන 01පිළියන්දල 01රාජගිරිය 01කඩුවෙල 01 ගම්පහ දිස්ත්‍රික්කයෙන් 62 ගම්පහ 18, මහර 08, කටාන 07 මීගමුව 07 බියගම 11 සහ කැළණිය 11 කළුතර දිස්ත්‍රික්කයෙන් 20 අගලවත්ත 05, වාද්දුව 09 සහ හොරණ 06 කුරුණෑගල […]


Nov
5

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අවුරුද්දයි මාස දහයේ දැරියක් මිය යයි – කොරෝනා මරණයක් දැයි පරීක්ෂණ

Generic placeholder image

බදුරලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 01 යි මාස 10 ක් පමණ වයසැති කුඩා දරුවෙක් හදිස්සියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. මෙම හදිසි මරණය කොරෝනා මරණයක් ද යැයි සැක පිට මිය ගිය දරුවාගේ ජෛව සාම්පල් ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණය සදහා යොමු කිරීමටද පියවර ගෙන […]


Nov
5

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් – සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අධික වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආපදා කළමණකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පැවසුවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවදානම් ප්‍රදේශ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත, රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවදානම් ප්‍රදේශ ඉලක්ක කර […]


Nov
5

21 හැවිරිදි විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ 05 දෙනෙක් අල්ලයි

Generic placeholder image

ඉමදුව ප්‍රදේශයේ 21 හැවිරිදි විවාහක තරුණියක් සමූහ දූෂණය කිරීම පිලිබදව පුද්ගලයින් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.අදාල තරුණිය විවාහ වී ටික දිනකින් ගමේ වෙනත් තරුණයෙකු සමග අනියම් සම්බන්ධයක් ගොඩ නගා ගෙන තිබෙන අතර එහිදී අදාල තරුණයා සමගඅඹු සැමියන් ලෙස හැසිරි ඇති බවත් එම අවස්ථාව තවත් අයෙකු වීඩියෝගත කර තිබෙන අතර ඊට පසු පස් […]


Nov
5

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් තාවකාලිකව වැසේ

Generic placeholder image

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා. තැපැල්පතිවරයා පැවසුවේ, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අදාළ තීරණය ගෙන ඇති බවයි.


Nov
5

ගවයන් ප්‍රවාහනය කළ රථයක් පසුපස හඹා යාමේදී අනතුරට ලක් වූ ආණමඩුව ට්‍රැෆික් ඕ.අයි.සී මරුට

Generic placeholder image

ඊයේ මධ්‍යම රාත්‍රිෙය්දී සිදු වූ රිය අනතුරකින් ආණමඩුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  කොට්ටුකච්චිය ප්‍රදේශයේ ගොවිපොලකින් අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුක් මත එම ස්ථානාධිපතිවරයා තවත් නිලධාරියෙකු සමග අදාළ රථය පසුපස හඹා ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ, නිලධාරියාට රථය පාලනය කරගත නොහැකිව ආණමඩුව ඔරලෝසු කණුවේ ගැටී මෙම අනතුර සිදුව තිබූ බවයි. අනතුරින් […]


Nov
5

අමෙරිකානු ජනපතිවරණ සටනේ ජෝ බයිඩ්න් පෙරමුණේ

Generic placeholder image

ඇමෙරිකානු ජනපතිවරණ සටනේ මේ වන විට වත්මන් ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂක ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඞ්න් පැහැදිලි ජයක් අත්පත් කර ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්. එහි දී ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගැනීමට […]


Nov
5

ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් 04 දෙනෙකුට කොරෝනා

Generic placeholder image

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රියැදුරන් සිව් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාත් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. එමෙන්ම එම සංස්ථාවේ 37 දෙනකුට සිය නිවසේ සිට ස්වයං නිිරෝධායනයට ලක්වෙන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Nov
5

සඳුදාට පසුව ඇඳිරි නීතිය ඉදිරියට දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් නෑ – යුධ හමුදාපති කියයි

Generic placeholder image

මේ වන විට බස්නාහිර පළාතට පනවා තිබෙන ඇදිරි නීතිය ලබන සදුදා සඳුදා උදෑසන 5.00 න් පසුව තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමේ අදහසක් නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී රට වසා දැමීමට කිසිදු අදහසක් ජනපතිවරයාට නොමැති බව සදහන් කළා. […]


Nov
4

සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

සහල් මිල සඳහා නව පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ඇති. අදාළ ගැසට් නිවේදනය පහතින් :


Nov
4

මියගිය තවත් පුද්ගලයෙකුට කොරෝනා – එය කොරෝනා මරණයක් ලෙස නොසළකන බව සෞඛ්‍ය අංශ කියයි

Generic placeholder image

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු නිවස තුළ ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පසුගිය 2 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මියගොස් තිබෙනවා. ඔහුගේ දේහය සම්බන්ධයෙන් අද දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මියයාමට ආසන්නතම හේතුව අනුව එම මරණය […]


News Articles
Latest Videos
Most Popular Post