News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

ඩොල්ෆින් මත්ස්‍යයින් 100 කට අධික ප්‍රමාණයක් පානදුර වෙරළට ගොඩ ගසයි

Generic placeholder image

ඩොල්ෆින් මත්ස්‍යයින් 100කට අධික ප්‍රමාණයක් පානදුර මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් යලිත් මුහුදට යොමු කිරීමට පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකාය විසින් උත්සහ ගනිමින් සිටින බව සදහන් වෙනවා.


Nov
2

අද මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා මරණයක් ලෙස නොසැළකීමට තීරණය කෙරේ

Generic placeholder image

අද දහවල් වාර්තා වූ පානදුර රෝහලේදී මියගිය පුද්ගලයාගේ මරණය, කොරෝනා මරණයක් ලෙස නොසැළකීමට වසංගත රෝග විද්‍යා අංශය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 21ක් ලෙසයි. එම නිවේදනය පහතින් :


Nov
2

පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කෙරේ

Generic placeholder image

ලබන 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම්ව එම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. සිසුන් එම සති දෙක තුළ කළ යුතු කටයුතු කලාප කාර්යාල හරහා සැපයීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.


Nov
2

ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවලට විශේෂ උපදෙස් මාලාවක්

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය Alert Level 3 ලෙස සැළකෙන බවත් එම තත්ත්වය වරින්වර වෙනස් වීම්වලට ලක්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ හේතුවෙන් පොදු මහජනතාව අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් මාලාවක් එම අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, පුද්ගල දුරස්ථභාවය, පුද්ගලයින් ඒකරාශී වීම් නොමැත, නිවසේ රැඳී සිටීම ශ්වසන ආචාර විධි විෂබීජහරණ ක්‍රියා […]


Nov
2

තවත් ආසාදිතයින් 164ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ, නිරෝධායන මධ්‍යස්ථානවලින් 43 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 121 දෙනකෙු වශයෙන්. එම නව ආසාදිතයින් 164 දෙනා වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,224ක් දක්වා ඉහළ ගියා.


Nov
2

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයටත් කොරෝනා

Generic placeholder image

කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහායක කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ ආශ්‍රිතයින් ද මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර ඇති බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ. එම සටහන පහතින් :


Nov
2

සංචාරක නිවාස සහ කඳවුරු බිම් තාවකාලිකව වැසෙයි

Generic placeholder image

සිංයලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වනජීවි සංරක්ණ දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පැතිර යන වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එම ස්ථානවල සංචාරක පහසුකම් වෙන්කර ගත් සංචාරකයින්ට විකල්ප දින වෙන් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ද […]


Nov
2

හොරණින් මාළු මිලදී ගත් පාරිභෝගිකයන්ට නොපමාව ඉදිරිපත් වන්නැයි දැනුම් දීමක්

Generic placeholder image

පසුගිය මස 17 න් පසු කාලයේදී හොරණ ඇතුළු ප්‍රදේශයන් හි මාළු වෙළෙඳුන්ගෙන් මාළු මිලදී ගත් පාරිභෝගිකයන් නොපමාව ඉදිරිපත් වන්නැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා. ඒ හොරණ මාළු වෙලදාම් කරන පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් කොරෝනා රෝගීන් ලෙස වාර්තා වීමයි.


Nov
2

කහතුඩුවේ කරනවෑමියෙකුට සහ ත්‍රිකුණාමලයේ වෛද්‍යවරයෙකුට කොරෝනා

Generic placeholder image

ත්‍රිකුණාමාලය රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. අදාළ වෛද්‍යවරයාට හදිසියේ මතු වූ රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු පසුගිය දා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වි ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා. ඒ අනුව ඔහු සමග සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර […]


Nov
2

කෑගල්ලෙන් ආසාදිතයින් 104ක් – ඇඳිරි නීතිය පනවන්නැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලයි

Generic placeholder image

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 104 දෙනෙකු වාර්තා වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේක්ම් මහින්ද වීරසූරිය මහතා පවසනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 26ක්. එමෙන්ම බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 14 දෙනෙකුත්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 දෙනෙක් හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් 12දෙනෙකු වශයෙන් ද ආසාදිතයින් වාර්තා […]


Nov
2

පූර්ණ සුවය ලැබූවන් 5000 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව අද 5000 ඉක්මවා ගියා. ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 344 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ වනවිට මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5249ක්. සමස්ත ආසාදිතයින් ගණන 11,060ක් වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,789ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙරටින් වාර්තා වන කොරෝනා […]


Nov
2

සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ ඇණවුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමේ රජයේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කෙරුණා. ඊට අමතරව එම ජනතාවට සුපිරි වෙළඳසැල්වලින් ද භාණ්ඩ ලබාගත හැකි අතර ඒ සඳහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව පවතින බව සුපිරි වෙළඳසැල් ජාල පවසනවා. එම සුපිරි වෙළඳසැල් පෙන්වා දෙන්නේ මින් පෙර කොරෝනා […]


News Articles
Latest Videos
Most Popular Post