කොරෝනා වෛරසය ආසාදනයයෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල ආශ්රිත ව සොයා ගත් පළමු ආසදිතයා ඉකුත් ඔක්තෝබර් 3වැනිදා හදුනාගත් අතරඒ අනුව නිර්මාණය වුණු මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආසාදිත ගණන 7856ක් ලෙස මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම කොරෝන පොකුර මර්දනය කිරීමට තව දින ගණනාවක් ගත වෙනු ඇති බවයි පැවසෙන්නේ.
මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් අතරින් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් දින 14 ක කාලයක් ගිය පසු යලිත් pcr පරීක්ෂණය සදහා යොමු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ගෙන් යලි බාහිර සමාජයට කොරෝනා වෛරසය අසාදනය වීමේ අවදානමක් නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩි […]
අධ්‍යාපන අමාත්‍යාංශයේ බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, එම ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගත් බවයි.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අයත් මගුරුමස්විල හා මාකලන්දාව පදිංචි පුද්ගලයින් දෙදෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව සදහන් වෙනවා. මාකලන්දාව ප්‍රදේශයෙන් වාර්තා වූ මිට පෙර වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා හටද මෙම වෛරසය අසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමග එම එකම පවුලේ පස් දෙනාටම මෙම වෛසරය අසාදනය වී ඇති බව වාර්තා වෙයි.
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ඇතුළු ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත එම ආයතනවල සේවකයින්ට භාවිත කළ හැකි ඇඳිරි නීති බලපත්‍ර සහ අදාළ ආයතන සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ආයතනවල සේවකයින්ට තම සේවා හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග ආයතන ප්‍රධානියා නිකුත් කරන ලද සේවයට […]
රටේ පවතින වත්මන් ත්ත්තවය හමුවේ කර්මාන්ත ක්ෂේත්රය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැළැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඒ අනුව කර්මාන්තකරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සෘජු දුරකනත අංක තුනක් හඳුන්වා දීමට පියවර ගත් බවයි. ඒ සඳහා නව අධ්යක්ෂවරුන් තිදෙනෙකු ද පත්කර තිබෙනවා. එමගින් ඒ ඒ කර්මාන්තයට […]
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුරෙන් අද උදෑසන වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7857ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 6816 දෙනා එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.
කොරෝනා වෛරසය අසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහය භුමිදානය නොකර ආදාහනය කිරීම නිරෝධායනය නීති අනුව තර්ක නොවන කරුණක් වුවද, මේ පිලිබදව දැඩි කතා බහක් පසුගිය කොරෝනා පළමු රැල්ලේද මතු වූ අතර ඒ පිලිබදව විවිධ පාර්ශ්ව ඊට පක්ෂව හා විපක්ෂව සිය මතය පළ කළා. කෙසේ වෙතත් නැවත වතාවක් මෙම කරුණ මතුව තිබෙන පසුබිමක සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා […]
මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 431 දෙනකෙු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවත් වාර්තා වී ඇත්තේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වන අතර එම සංඛ්‍යාව 109ක්. එමෙන්ම මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 57ක්, හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 47ක් සහ පානදුර ප්‍රදේශයෙන් 41 දෙනෙකු වාර්තා වන බවයි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය […]
මෙරට මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ලංකාව තුල මර්ධනය වන්නේ නම් තමා මුහුදට පවා බිලිවීමට සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. එතුමිය මේ පිලිබදව සදහන් කලේ සදහන් කලේ පසුගියදා තමා ඇතුළු පිරිසක් සහභාගී වූ ආගමික කටයුත්තකට ඇතැම් සමාජ මාධ්‍ය තුල පළ වූ ප්‍රකාශ පිලිබදව සිය අදහස් දක්වමින්
මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කරනවා. එලෙසෙ මිය ගොස් ඇත්තේකොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව වැඩි දුරටත් ඒ මහතා සදහන් කරන්නේ . මිය ගොස් තිබෙන අදාල කාන්තාවන් දෙදෙනා කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංච්කරුවන් බවයි පැවසෙන්නේ.
කොවිඩ් නයින්ටීන් වසංගතය තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ලොව බලවත් රාජ්‍යයක් ලෙස අමෙරිකාව සැලකෙනවා. එවන් මොහොතක අමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ නායකයා තෝරන ඇමෙරිකා ජනපතිවරණය අදයි. ඇමෙරිකානු ජනපතිවරණ ඉතිහාසයේ 59 වැනි ජනාධිපතිවරණය අද දින පැවැත්වෙන අතර රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්රටික් පක්ෂය නියොජනය කරන ජෝ බයිඩන් මෙවර අපේක්ෂකයින් ලෙස […]