ප්‍රසිද්ධ පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා යන දෙදෙනා 2020 වසරේදී විවාහ වීමට තිරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම විවාහය ඉතා ඉක්මණින් සිදුවීමට නියමිත බවත් තවමත් දින නියමයක් නොමැති බවත් අර්ජූන් කපුර්ගේ පාර්ශවයෙන් වාර්තා වනවා. මලෙයිකා හැඩ ගන්වන රූපලාවන්‍ය ශිල්පිනිය කියා සිටියේ මෙය සුදු වෙරළ මංගල උත්සවයක් වනු ඇති […]
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට චෙන්නායි බලා යන පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද(11) ආරම්භ වුණා. ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා එයාර් ඉන්දියා ඒඑල් 9 102 මගී ගුවන් යානයෙන් පියාසර කර තිබෙනවා. මෙම නව ගුවන්තොටුපළ දෙරට අතර නව සබඳතා මෙන්ම වෙළඳ සබඳතා ඇති කරනු ඇතැයි තමන් […]
රත්නපුර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකට අදාළව නාය යාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත මෙම නාය යාමේ අවදානම නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද නාය යාමේ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ගෙවී ගිය […]
ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගතවූ සතිය තුළ ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 62 යි ශත 51 ක් ලෙසින්. මේ වසර තුළදී ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් මිල සියයට 26 කින් සහ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් මිල සියයට 17 කින් ඉහළ ගොස් තිබෙනවා. තෙල් මිල පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 40 ක් දක්වා […]
ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍ය ආයතන වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්බන්ධයෙනි. ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කල සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා. -උපුටා ගැනීම- රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 34 […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කැඳවීමකට අනුව පාර්ලිමේන්තුව අද පෙරවරුවේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට ගැනීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව රැස්වුණා. කෙසේ වෙතත් ඝනපූර්ණය නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පෙන්වාදීමෙන් අනතුරුව මන්ත්‍රිවරුන් කැඳවීමේ සීනුව නාද කෙරුණා. ඉන් අනතුරුව ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සිටීම හේතුවෙන් විවාදය ඉදිරියටත් පවත්වාගෙන යාමට කථානායකවරයා […]
තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
බෙන්තොට – කහල්ල ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් විසි එක්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී මත්පෙති, ගංජා, හෙරොයින් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් 21 දෙනා අතර මත්පෙති සන්තකයේ තබාගෙන සිටි 13 දෙනෙකු සහ ගංජා සන්තකයේ තබාගෙන සිටි පස්දෙනෙකු වන බව […]
රත්නපුර දිස්ත්‍රික්කයේ මේ දිනවල තේ වගාවට පැතිර යන දිලීර රෝගයක් හේතුවෙන් අමු තේ දළු අස්වැන්න 60 % කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව කුඩා තේ වගාකරුවන් සඳහන් කරනවා. මේ තත්ත්වය ඕපනායක, බලංගොඩ, වතුකාරකන්ද, රාවණාකන්ද, තෝරවෙල කන්ද, ගල්ලෙන කන්ද, කට්ටඩිකන්ද යන ප්‍රදේශවල තේ වගාවන් හි බහුලව පවතින බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම මේ සදහා තවමත් […]
නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නාමයෝජනා භාරදුන් දිනයේ සිට මෙම පැමිණිලි ලැබී තිබෙනවා. මෙම පැමිණිලි අතරින් පැමිණිලි 3387ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වලට අදාළ වන අතර ප්රචණ්ඩ ක්‍රියා 26 ක් හා වෙනත් පැමිණිලි 106ක්ද සමස්ත පැමිණිලි 3519 […]
ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව කථානායක කරු ජයසූරිය මහතා කැදවනවා.
සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පවත්වන උපහාර උළෙල එළැඹෙන 14දා ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව රජයේ නිල පුවත් සේවය සඳහන් කරනවා. පෙ.ව. 11.00ට ආරම්භවීමට නියමිත මෙම උපහාර උළෙල ජනපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන අතර එහිදි ජනපතිවරයාට උපහාර දැක්වෙන අතර ජනපතිවරයා විසින් එම කාර්යාලයේ සේවක සේවිකාවන්ද ඇගයීමට ලක් කරනවා.