මෙවර ජනපතිවරණයට අදාල නිල ජන්ද පත්‍රිකා බෙදාහැරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන බව තැපැල් දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. කෙසේ වෙතත් දැනටමත් තමන්ට හිමි නිල ජන්ද පත්‍රිකා නොලැබුණු ජන්ද දායකයින් හට තම අනන්‍යතාවය තහවුරු කොට තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව තැපැල්පතිවරයා වැඩි දුරටත් සදහන් කලා.
අදට දී තිබෙන මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂ්සකයින් වන මාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්ලාම් බැතිමතුන් උදෙසා සිය සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. රටේ සියලු ජනකොටස් සමග සහෝදරත්වයෙන් සිටීම වැදගත් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් නිවේදනයේ සදහන් කර තිබෙන අතර සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කරන්නේ නබි […]
මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර ඒ නිසාවෙන් ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් මෙය සැමරීමට කටයුතු කරනවා. මේ පිලිබදව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති හා අගමැති තුමන් සදහන් කරන්නේ අන්තවාදයන් පරදවා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඉස්ලාම් බැතිමතුන්ට නබි නායකතුමාගේ ඉගැන්වීමට අනුව හැකි බවයි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ හෙට පෙරවරු 11.30 ටයි. මේ පිලිබදව ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගිය දිනක නිකුත් කරනු ලැබුවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජනරාල් නිළයට උසස් කර තිබෙනවා. සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ඊයේ අදාල උසස් වීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළා.
මීගොඩ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. තරුණයන් 21ක් හා තරුණියන් 9ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සියලුම සැකකරුවන් නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කර සිටි බව පොලීසිය ප්‍රකාශ කළා. අවුරුදු 18-25 අතර වයස්හි පසුවන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර […]
ඇමරිකානු නාසා ආයතනය මගින් මුළුමනින්ම විදුලිබලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානයක් ප්‍රථමවරට හඳුන්වා දී තිබෙනවා. මැක්ස්වෙල් එක්ස් – 57 ලෙස නම් කර ඇති මෙම යානය කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයක අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය ලබන වසරේ සිට වාණිජ ගුවන් ගමන් සඳහා යොදා ගැනීමට හැකි වනු ඇති බව නාසා ආයතනය අදහස් කර තිබෙනවා. විදුලි […]
ජනාධිපතිවරණයේ අවසන් සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලුම තේරීම්භාර නිළධාරීන් අද දිනයේදී කොළඹට කැඳවා තිඛෙනවා. මේ සදහා නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ද කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී හේරත් මහතා කියාසිටියා. ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම/ ආරක්ෂාව/ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රථීඵල ප්‍රකාශ කිරීම වැනි කටයුතු සම්බන්ධයෙන් අද පෙරවරු 11 ට ආරම්භ වන මෙම […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. බස්නාහිර සහ දකුණ පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත මඟින් තරඟ පාවාදීම්, තරග පාවාදීමට අනුබල දීම වැනි තොරතුරු වසන් කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නීති උපදේශක පණ්ඩුකාභය හර්ෂ කීර්තිනන්ද මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍යංශයේ ඊයේ (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසුවා. ඊයේ (07) දිනයේ යම් ප්‍රමාදයක් මත ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට […]
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්ව තිබෙනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පොලොනනරුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා එක්ව ඇති බව සදහන්. තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවසා සිටීමේ […]