News Line| Off Air
Generic placeholder image

Nov
11

ජනපති මෛත්‍රීට උපහාර පිදීම 14වැනිදාට

Generic placeholder image

සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පවත්වන උපහාර උළෙල එළැඹෙන 14දා ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව රජයේ නිල පුවත් සේවය සඳහන් කරනවා. පෙ.ව. 11.00ට ආරම්භවීමට නියමිත මෙම උපහාර උළෙල ජනපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන අතර එහිදි ජනපතිවරයාට උපහාර දැක්වෙන අතර ජනපතිවරයා විසින් එම කාර්යාලයේ සේවක සේවිකාවන්ද ඇගයීමට ලක් කරනවා.


Nov
11

යාපනය සිට චෙන්නායි හා ට්‍රිචි දක්වා ගුවන් ගමන් අද සිට

Generic placeholder image

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අද චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාවේ “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාවක් අද පෙරවරුවේ යාපනය ගුවන් තෙටුපොළට පළමු වාණිජ ගුවන් ගමන සිදුකිරීමට සුදානම් වෙනවා.


Nov
11

ශ්‍රී පාද අඩවිය පූජා භූමියක් ලෙස නම් කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

Generic placeholder image

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව වාර්තා වෙනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ ශ්‍රී පාද සමබන්දයෙන් පැවති රැස්වීමකට එක් වෙමිනි.


Nov
11

විපක්‍ෂ නායකවරයා සහ මන්නාරම රදගුරු අතර සාකච්ඡාවක්

Generic placeholder image

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මන්නාරම රදගුරු මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හමුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ මන්නාරම රදගුරු නිවසේදීය. මෙම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.


Nov
11

ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත අයිස් බිත්තර වලින් හැඩ වෙයි

Generic placeholder image

ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත මේ වන විට දුර්ලභ කාලගුණික විපර්යාසයක් නිසා හැමදෙනාගේම අවධානය දිනාගෙන තිබෙනවා. හයිලුඔටෝ දුපතේ වෙරල තිරයේ සුළගේ සහ ජලයේ බලපෑමෙන් දුර්ලභ ලෙස බිත්තර හැඩති අයිස් බෝල බවට පත්ව තිබෙනවා. ඒ අනුව මෙම වෙරල තිරයේ මෙම සිදුවීම මීටර් 30 ක් පමණ ප්‍රදේශයට පැතිර ගොස් තිබෙන බව එම පිදුම සහගත සිදුවීම ඇසින් දුටුවන් සදහන් කරනවා. […]


Nov
11

ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ඇති වූ ගින්නෙන් වාහන රැසක් විනාශ වෙයි

Generic placeholder image

ඊයේ රාත්‍රියේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ගින්නක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් එහි තිබු යතුරු පැදි 47 ක් පමණ විනාශයට පත්ව තිබෙන බව වෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර ඒ සම්බන්දයෙන් පරීක්ෂණ ක්‍රියාත්මයි.


Nov
11

වැලිකඩ සිරකරුවන් දෙදෙනෙක් වහලය මතට නැග විරෝධතාවයක

Generic placeholder image

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැගී විරෝධතාවක නිරත වන සිරකරුවන් දෙදෙනෙක් පිලිබදව වාර්තා වෙනවා. අද උදැසන මෙලෙස මොවුන් දෙදෙනා විරෝධතාවයක නිරත වෙන බවයි පැවසෙන්නේ.


Nov
11

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ එක් එක් මංතීරුවක් ජනතා ගමනට විවෘත කෙරේ

Generic placeholder image

පසුගිය දා නායයෑම් හේතුවෙන් ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පස් හා ගල් කඩා වැටීමෙන් මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා එල්ල වුණා. කෙසේ වෙතත් මේ වන විට එම කඩාවැටුණු ගස් ගල් බොහෝ දුරට මාර්ගයෙන් ඉවත් කර ඇති අතර ඒ අනුව මේ ප්‍රධාන මාර්ගයේ එක් මන්තිරුවක් ධාවනට විවෘත කර තිබෙනවා.


Nov
11

ජනපතිවරණයට තව දින 5 – මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනපතිවරයා තෝරන ජනපතිවරණයට ඇත්තේ තව දින 05 ක කාලයක් පමණි. මේ වන විට සියලු දේශපාලන පක්ෂ තම මැතවරණ ප්‍රචාරක කටයුතු අවසන් අදියරේ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව ලබන 13 වෙනිදායින් පසු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ජනපති […]


Nov
11

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කථානායක කරු ජයසුරිය මහතා අද විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ අද පෙරවරු 11.30 ටයි. මේ පිලිබදව අදහස් දක්වමින් සභා නායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කලේ මෙහිදී ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සදහා වූ නව කෙටුම්පතක් විවාදයට ගැනෙන බවයි.


Nov
11

සවසට තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද සවස් කාලයේ තද වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ තද තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන්. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං සහ සිදුවන අකුණු අනතුරු අවම […]


Nov
10

සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි

Generic placeholder image

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 03 දෙනෙක් අද නාවික හමුදා බාරයට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මොවුන් පිලිබදව වැඩිදුර විමර්ශන කටයුතු සදහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිත බව නාවික හමුදාව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post