News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන්

Generic placeholder image

මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රී 12න් අවසන් වනවා. ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියළුම පාසල් අනිද්දා පාසල් වේලාවෙන් පසු අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීන් වෙත ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව දිවයින පුරා දැඩි ආරක්ෂාවක් යෙදවීමට කටයුතු […]


Nov
12

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සදහා විශේෂ වැඩසටහනක්

Generic placeholder image

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,856 ක් සඳහා එක් ඡන්ද මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් දෙදෙනකු බැගින් යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. ඊයේ (11) ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. බහුතරයක් ඡන්ද පොළවල් සඳහා පිරිමි නිලධාරීන් දෙදෙනෙක් වශයෙන්ද, ඇතැම් ඡන්ද පොළවල් සඳහා […]


Nov
12

බංග්ලාදේශයේ දුම්රිය අනතුරකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට – 58 කට තුවාල

Generic placeholder image

නැගෙනහිර බංග්ලාදේශයේ කස්බා නගරය ආසන්නයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 58 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඩකා අගනුවර වෙත ගමන් ගත් නගරාන්තර සීග්‍රගාමී දුම්රියක්, චිතගොං නගරය වෙත ගමන් ගත් දුම්රියක ගැටීමෙන් අද අලූයම මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එහිදී දුම්රියේ මැදිරි 3ක් පීලි පැනීමට ලක්ව ඇති අතර, අනතුරට හේතුව […]


Nov
12

ඉන්දියාවේ අලි ඇතුන් සඳහා අනුස්මරණ උද්‍යානයක්

Generic placeholder image

ඉන්දියාවේ පළමු අලි ඇතුන් අනුස්මරණ උද්‍යානය පසුගියදා විවෘත කෙරුණා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිවි අහිමිවූ අලි ඇතුන් උදෙසා, ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ පිහිටි මතුරා නගරයේ මෙම අනුස්මරණ උද්‍යානය ඉදිකර තිබෙනවා. උද්‍යානය නිර්මාණය කිරීමට මූලිකවී කටයුතු කළේ මතුරාහි වනජීවී සංරක්ෂණ මධ්‍යස්ථානයයි. එම උද්‍යානය ඉකුත් සිකුරාදා සිට ජනතාවට විවෘතකර ඇති බව සදහන්. මිනිස් ක්‍රියාකාරකම් වලින් දිවි අහිමිවූ අලි ඇතුන්ගේ […]


Nov
12

මෙරට පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණයට ඕස්ටේ‍්‍රලියාවේ සහය දිර්ඝ කෙරේ

Generic placeholder image

මෙරට පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝග නිවාරණය සඳහා ඕස්ටේ‍්‍රලියාවේ සහයෝගීතා වැඩපිළිවෙල තවත් වසර දෙකකින් දීර්ඝ කර තිබෙනවා. වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සහ ඕස්ටේ‍්‍රලියාවේ න්‍යාෂ්ඨික විද්‍යා හා තාක්ෂණ සංවිධානය මේ සදහා දායකත්වය ලබා දෙනවා. 2017 වසරේ මැයි මස 25 වන දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අතර […]


Nov
12

ජනාධිපතිවරණයේ විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද සහ හෙට දිවයිනට

Generic placeholder image

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද සහ හෙට යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, මාලදිවයින සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වන බව සදහන්. පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ අවසන්.


Nov
12

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි – සමනල වැව පිටාර මට්ටමට

Generic placeholder image

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම වසර 14කට පසු සමනළ වැව ජලාශයේ ජල මට්ටම පිටාර […]


Nov
12

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Generic placeholder image

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අද යි. ශී‍්‍ර ලාංකික බෞද්ධ බැතිමතුන් සැමට ඉතා වැදගත් පොහොය දිනයක් වන මෙහි වැදගත්කම් රැසක් තිබෙනවා. මෛතී‍්‍ර බෝධිසත්වයන් ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ අද වගේ පොහෝ දිනකයි. එමෙන්ම ප‍්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප‍්‍රචාරය සදහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම, පසුවස් ප‍්‍රචාරණය කළ […]


Nov
11

ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවෙයි

Generic placeholder image

මේ මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බවත් පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කළ මිලට සමාන මිලකට ඉන්ධන අලෙවි කරන බව මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වෙනසක් සිදු නොවූ බැවින් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුනොකරන බව එම ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියා. සෑම මසකම 10 වන දින ලෝක වෙළදපලේ මිල ගණන් අනුව […]


Nov
11

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

නවකවදය ලබාදීමේ සිද්ධියකට අදාළව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේවාසිකාගාරවලින් එළියට රැගෙන ගොස් සහ ආපනශාලාව ඇතුලු ස්ථාන කිහිපයකදී පහරදී වද දුන් බවට සිසුන් 04 දෙනෙකු විසින් කරන ලද පැමිණිලි අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. පහරදීම් නිසා තුවා ලැබූ සිසුන් බදුල්ල මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර […]


Nov
11

අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා විවාහයට සැරසෙයි

Generic placeholder image

ප්‍රසිද්ධ පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලේයිකා ආරෝරා යන දෙදෙනා 2020 වසරේදී විවාහ වීමට තිරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මෙම විවාහය ඉතා ඉක්මණින් සිදුවීමට නියමිත බවත් තවමත් දින නියමයක් නොමැති බවත් අර්ජූන් කපුර්ගේ පාර්ශවයෙන් වාර්තා වනවා. මලෙයිකා හැඩ ගන්වන රූපලාවන්‍ය ශිල්පිනිය කියා සිටියේ මෙය සුදු වෙරළ මංගල උත්සවයක් වනු ඇති […]


Nov
11

යාපනය ගුවන්තොටුපලේ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද

Generic placeholder image

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට චෙන්නායි බලා යන පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද(11) ආරම්භ වුණා. ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා එයාර් ඉන්දියා ඒඑල් 9 102 මගී ගුවන් යානයෙන් පියාසර කර තිබෙනවා. මෙම නව ගුවන්තොටුපළ දෙරට අතර නව සබඳතා මෙන්ම වෙළඳ සබඳතා ඇති කරනු ඇතැයි තමන් […]


News Articles
Latest Videos
Most Popular Post