News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

සියත FM පිරිවර සහභාගී වූ සියත ස්ටාර් වෝස් සම්පූර්ණ වැඩසටහන

Generic placeholder image

සියත FM සංවත්සරය වෙනුවෙන් සියත FM පිරිවර සහභාගී වූ සියත ස්ටාර් වෝස් විශේෂිත වැඩසටහන පහතින් ඔබට නැරඹිය හැක…


Nov
13

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමට ඉල්ලුම්පත් භාර ගන්නා දිනය අදින් අවසන්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාලව ජන්දය ප්‍රකාශ කිරීම සදහා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික හැදුනුම්පත් ඉල්ලුම් කිරීමට තිබු කාලය අදින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනවා.


Nov
13

වනාන්තර රැසක් දැවෙමින් සිඩ්නි නගරයට සමීප වන ලැව් ගිනි

Generic placeholder image

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත කිහිපයක වනාන්තර රැසක් විනාශ කරමින් පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ප්‍රධාන නගරයක් වන සිඩ්නි නගරයට මෙම ලැව් ගිනි පැතිර යන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ගිනිනිවන සේවකයන් විශාල පිරිසක් ගින්න මැඩ පැවැත්වීම සදහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර හෙක්ටයාර ලක්ෂයක පමණ භූමි ප්‍රදේශයක් දැනටමත් විනාශයට පත්ව තිබෙනවා.


Nov
13

විරෝධතාවක නිරත වන සිරකරුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොකරන බවට බලධාරින්ගෙන් තීරණයක්

Generic placeholder image

පසුගියදා ජනපති සමාව හිමිවුණු රෝයල් පාර්ක් සිද්ධිය සම්බන්දයෙන් මරණ දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත නමැති සිරකරු සේම තමන්ටද එලෙස ජනපති සමාව හිමිකරදෙන බවයි. මේ සමබන්දයෙන් අදහස් දක්වන බන්ධානාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ජනපතිවරයාට අයත් බලතල ප්‍රකාරව එම ජනපති සමාව හිමිවුණු බවයි. ඒ අනුව මෙලෙස බන්ධනාගාරය මත නැගී විරෝධතාවක නිරත වන සිරකරුවන් දෙදෙනා සමග කිසිදු සාකච්ඡාවක් […]


Nov
13

එක්සත් සාම සාධක හමුදාව සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක් මාලි රාජ්‍යට

Generic placeholder image

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක සෙබළුන් පිරිසක් අද මාලි රාජ්‍ය බලා යෑම සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සාම සාධක හමුදාවට එක්වන මෙම භට පිරිස් සදහා සුභ පැතුම් එක් කිරීමට ගුවන් තොටුපොල පරිශ්‍රය වෙත එක්ව සිටියා.


Nov
13

ප්‍රධාන ජනපති අපේක්ෂකයින් අද අවසන් ජන රැලි අමතයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාළව ප්‍රධාන අපේක්ෂකයින් තම ජනතාව අමතන අවසන් ජන රැළි ඇමතීමට ඔවුන් සුදානම්ව සිටිනවා. ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙන අතර ඒ අනුව පොදු ජන පෙරමුණෙ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද කැස්බෑවේදී සිය අවසන් ජන රැළියට සහභාගී වීමට සුදානම් වන අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස […]


Nov
13

දිල්ලියේ දූෂිත වායු අංශු හේතුවෙන් කොළඹට අද දැඩි බලපෑමක්

Generic placeholder image

ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැවතුනු වායු දූෂණයේ බලපෑම හේතුවෙන් අද සහ හෙට දිනයේ කොළඹ නගරයට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව වාර්තා වෙනවා. ඒ අනුව වයස්ගත පුද්ගලයින්, කුඩා දරුවන් සහ ස්වසන අපහසුතාවලින් පෙලෙන පුද්ගලයින් කොළඹ නගරය තුල මුඛ ආවරණ පැළඳ සිටීම තුලින් යම් තාක් දුරට හෝ ඒ තුලින් ආරක්ෂා වීමට හැකි බවයි පැවසෙන්නේ.


Nov
13

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා සියලු ජනපති අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් පසු සිදුකරන ප්‍රචාරක දැන්වීම් නීතිවිරෝධී බවයි එම කොමිසම වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
13

අදත් සවස් කාලයේ තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බවයි. මේ හේතුවෙන් නාවික ප්‍රජාව සහ ධිවර ජනතාව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Nov
12

ජනපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයන් කිහිපදෙනෙකු සමඟ පසුගිය දිනක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. මෙහිදී ජනාධිපතිවරයා පසුගිය වසර 5ක කාලයක් තුළ ගත් තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව කණගාටුව පළ කළ ඇති අතර ඒ සම්බන්ධ කරුණු ජනතාවට ලබන නොවැම්බර් […]


Nov
12

ඉතිහාසයේ සිදු නොවූ තරම් විනාශයක් කළ හැකි ප‍්‍රබළ සුළි කුණාටුවක් ලෝකය අභියස

Generic placeholder image

වඩාත් බලගතු සහ මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ තරම් විනාශයක් සිදු කළ හැකි ප‍්‍රබළ සුළි කුණාටුවක් ලෝකය අභියස ඇති බව විද්‍යාඥයින් අනතුරු අගවනවා. වසර සියයකට පෙර තිබූ තත්ත්වයට වඩා තුන් ගුණයකින් යුතු ප‍්‍රබළ සුළි කුණාටුවක් ඇති විය හැකි බවට ඔවුන් පෙන්වා දී තිබෙනවා. එහි ප‍්‍රබලත්වය මෙන්ම සිදු විය හැකි හානියද පුරෝකථනය කළ නොහැකි බව විදඥයින්ගේ අදහස […]


Nov
12

සුනඛයින් තිස් දෙදෙනෙකුගේ අධි ආරක්ෂාව යටතේ සිටි හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට

Generic placeholder image

කඩුවෙල, හෝකන්දර ප්‍රදේශයේ සුවිසල් නිවසක සුනඛයින් තිස් දෙදෙනෙකුගේ අධි ආරක්ෂාව යටතේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. සැකකරු දැනට කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය භාරයේ පසුවන බව එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. පසුගියදා සැකකරු රැදී සිටි නිවස වැටලීමට ලක්කළ අතර එහිදී එම නිවසට යාමට පොලිස් නිලධාරීන්ට නොහැකි වූයේ […]


News Articles
Latest Videos
Most Popular Post