මැතිවරණ සමය තුල දිවයිනේ සියලු සුරාසැල් ලබන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හිදී වසා තැබෙන බව සූරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මැතිවරණ කොමිසම විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි. ඒම නීති කඩන පුද්ගලයින්ව වැටලීම් සිදු කිරීමට නිලධාරින් පිරිසක්ද යොදවා තිබෙන බව සුරාබදු කොමසාරිස්වරයා සදහන් කරනවා.
ඉදිරි මැතිවරණ කාල සිමාව තුල සමාජ ජාලා අවහිර නොකරන බවට ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.සමාජ ජාලාවල දැන්වීම් ඉවත් කිරීම සදහා සිය කොමිසම සමාජ මාධ්‍ය දැනුවත් කර ඇති බවත් ඊට අවනතව සියලු සහය දැක්විය යුතු බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
2019 ජනපතිවරණය ලබන 16 වෙනිදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද මැතිවරණ කටයුතු වෙනුවෙන් සුදානම් කිරීමට නියමිතව තිබෙනවා. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම මත ජනපතිවරණය හේතු කොටගෙන හෙට දිනයේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංය සදහන් කරනවා.
2019 ජනපතිවරණයේ මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ මැදියම් රැයෙන් අවසන් වුණා. ඒ අනුව ජනපතිවරණය අදාල නිහඬ කාලය තුළ නීති උල්ළංගනය කරන පක්ෂයන්ට හා එම පුද්ගලයින්ට එරහිව දැඩිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළා.
වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රැදවියන් 284 දෙනකුට ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව සදහන් කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රි දුෂණ, ළමා අපචාර,මත්කුඩු ජාවාරම් ඇතුළු වැරදි 40කට සම්බන්ධව වැරදිකරුවන් නොවූ පිරිසකටයි මෙලෙස ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට සුදානම් බවයි.
අද සවස් කාලයේත් දිවයින පුරා තද වැසි අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන් ම මි.මී. 50 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර […]
පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් අද මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. උන්වහන්සේ එහිදී සදහන් කරන්නේ මේ රට ගොඩනැගිය හැකි එකම නායකත්වය පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.
ලෝකයේ ගංගාවල් අතර ජනප්‍රිය සහ දුෂිතම ගංගාවක් වන යමුනා ගංගාවේ එක් කලාපයක විශාල වශයෙන් පෙණ පිඩු නිර්මාණය වී ඇති බව දක්නට ලැබෙනවා. මෙම සිදුවීම එම ප්‍රදේශයේ ජනතාව සලකන්නේ දේව හාස්කමක් ලෙසයි. එය දැක බලා ගැනීමට බොහෝ ජනතාවක් පැමිණෙන බවත් එසේ මහත් භක්තියෙන් එම ගංගාවට බැස වන්දනාමාන කරන බව වාර්තා වෙනවා . කෙසේ වෙතත් මෙසේ විශාල […]
ඉකුත් ඉරිදා දින ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ආරම්භ කරන ලද උපවාසය තව දුරටත් අද පැවැත්වෙනවා. උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කලේ අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි ඉල්ලමින්.
පසුගිය කාලය පුරාවට දේශපාලන වේදිකාවේ බොහෝ කතා බහට ලක් වුනු චරිත අතර ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ද වෙනවා. ඔහු කුමන දේශපාලන පක්ෂයකට සිය සහය පල කරන්නේද යන්න පිලිබදව බොහො දෙනාගේ අවධානය යොමුව තිබුණා. බොහෝ සමාජ මාධ්‍ය පුවත් මවමින් ඔහුගේ සහය පිලිබදව කතා කළා. නමුත් අද ඔහු සිය ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් සදහන් කරන්නේ […]
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹෙන නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිදුවන ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් සිදුකරනවා.. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ලිඛිතව අදාල ඉල්ලීම සිදු කිරීමට පියවර ගත් බවයි. ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් […]
ඉදිරි ජනපතිවරණය සදහා ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා සිය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා සිදු කරනු ලබන වියදම මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 1518 ක් පමණ වන බවත් එමෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රුපියල් මිලියන […]