News Line| Off Air| Games
Generic placeholder image

Feb
28

සුපිරි ක්‍රීඩක මෙසී ට සම්මානයක්

Generic placeholder image

2022 ෆිෆා සම්මාන උළෙල පැරිසියේදී පැවැත්වුණා. එහිදී 2022 වසරේ හොඳම පිරිමි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත් වුණා. 35 හැවිරිදි මෙසී මෙම සම්මානය දිනා ගනු ලැබුවේ දෙවන වරටයි.


Feb
28

කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

Generic placeholder image

කැනඩා රජය විසින් සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම තහනම් කර තිබෙනවා. කැනේඩියානු රජය පවසන්නේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව සඳහා පිළිගැනීමට බැරි මට්ටමේ අවධානමක් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.


Feb
28

හයිලෙවල් යන බස්වලට දැනුම්දීමක්

Generic placeholder image

‍හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.


Feb
28

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.


Feb
27

ඉතාලියේ ඛේදවාචකය

Generic placeholder image

ඉතාලියේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සංක්‍රමණිකයින් ගමන් ගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් ගණන 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සංක්‍රමණියන් 200කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර 30දෙනකු තවදුරටත් අතුරුදන්ව තිබේ.


Feb
27

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය බලා පිටත් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ටෙස්ට් තරග 02 කට, එක් දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහායි.


Feb
24

රුසියා යුක්‍රේන යුධ ගැටුමට අදට අවුරුද්දයි

Generic placeholder image

සියත ප්‍රවෘත්ති විදෙස් පුවත් අද විශේෂිත මං සලකුණක් සටහන් කළා. ඒ වසරක කාලයක් පුරා අඛණ්ඩව රුසියා යුක්‍රේන යුද්ධය පිලිබඳ තොරතුරු වාර්තා කරමින්. අදට රුසියානු යුක්‍රේන යුධ ගැටුමට වසරක් සපිරෙනවා. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ පසුගිය වසරේ පෙබරවාරි 24 වනදා සිට මේ දක්වාම එම යුද්ධය පිළිබඳව තොරතුරු අප වාර්තා කරමින් සිටිනවා. විශේෂයෙන්ම යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි අද […]


Feb
24

රාත්‍රී නින්දට පෙර නොකළ යුතු දේවල් ගැන ඔබ දැනුවත්ද?

Generic placeholder image

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීමට සමබල ආහාර රටාවක්, ක්‍රියාශීලී දිවිපෙවෙතක් මෙන් ම රාත්‍රියේ සුව නින්දක් ද ඉතාම අත්‍යාවශ්‍ය කරුණක්. එය ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වයට, මානසික තත්ත්වයට මෙන් ම හෝමෝන ක්‍රියාකාරිත්වයට ද බලපාන කරුණක්. සුව නින්දක් ලැබීමට බාධාවන නිසා නින්දට පෙර නොකළ යුතුම දේවල් කිහිපයක් පිලිබඳවයි අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ. නිදාගැනීමට පැයකටවත් පෙර ඩිජිටල් […]


Feb
23

ජපානය මවිතයට පත්කළ අභිරහස් වස්තුව

Generic placeholder image

ජපානයේ එන්ෂුහාමා වෙරළට ගොඩගසා ඇති විශාල ලෝහමය වස්තුවක් හේතුවෙන් එම ජනතාව විමතියට පත්ව ඇති බව විදෙස් වාර්තා කළා. මීටර 1 දශම 5ක් පමණ පළල මෙම ගෝලය මතුපිට මළ බැදී ඇති බවයි ජපාන වාර්තා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් එය කුමක් ද යන්න මෙතෙක් හදුනාගෙන නැහැ.


Feb
23

ටජිකිස්ථානයේ චීන දේශ සීමා ආසන්නයේ භූ කම්පනයක්

Generic placeholder image

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් එකක 7.3ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එම භූ කම්පනයෙන් විනාඩි 20 කට පසුව තවත් මැග්නිටියුඩ් එකක 5 ක පසුකම්පනයක් ද වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. භූ කම්පනය හේතුවෙන් ජිවිත හා දේපල හානි කිසිවක් තවම වාර්තා වී නොමැත.


Feb
21

බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරින් 9ක් රෝහලේ

Generic placeholder image

ඇඟලුම් සේවක, සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. ඒ ගාල්ල, උඩුගම, ගල්ලන්දල, රිලාපාලුව ප්‍රදේශයේදී. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙනුයි අනතුර සිදුව ඇත්තේ. අනතුරින් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.


Feb
21

අමෙරිකානු ජනපති බයිඩ්න් යුක්‍රේන සංචාරයක

Generic placeholder image

පෙර දැනුම්දීමක් සිදු කරන්නේ නැතිවම අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊයේ දින යුක්‍රේනයේ සංචාරයක නිරත වුණා. බයිඩ්න්ගේ මෙම සංචාරය ඊයේ දින විදෙස් මාධ්‍ය රැසකම ප්‍රධාන පුවත බවට පත් වුණා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර වසරක් සම්පූර්ණ වීමට තව ඇත්තේ දින දෙකක් පමණයි. යුද්ධය ආරම්භ වී වසරක් සම්පූර්ණ වීම පදනම් කරගෙනයි බයිඩ්න් මෙලෙස යුක්‍රේනයේ සංචාරයක නිරත වී ඇත්තේ. […]


News Articles
Latest Videos
Most Popular Post