News Line| Off Air
Generic placeholder image

Jun
27

මෙරටට බාල බස්රථ ගෙන්වීම වළක්වනවා – අර්ජුන රණතුංග කියයි

Generic placeholder image

මෙරටට බාල බස්රථ ගෙන්වීම වළක්වමින් ඉදිරියේදි නව නීති පනවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ගෙන්වනු ලැබු අධි සුඛෝපභෝගි බස්රථ ඩිපෝ අතර බෙදාදීමේ උත්සවයට අද(27) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ශ්‍රී […]


Jun
27

ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (27) උදෑසන 9.00 ට පමණ ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසුවා. මෙම ඉන්දීය ජාතිකයා නිතර ගුවන් මගින් ව්‍යාපාරික කටයුතු සිදු කරන […]


Jun
27

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්නගේ අත්සනින් යුතුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතෙහි දෙවැනි වගන්තියට ප්‍රකාරව මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය […]


Jun
27

අල්ලස් කොමිසමෙන් මහින්දානන්දට නඩු

Generic placeholder image

2014 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ […]


Jun
27

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සදහා ජනාධිපතිගේ ක්‍රියාමාර්ගය ඕමල්පේ සෝභිත හිමි අගයයි

Generic placeholder image

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සදහා ජනාධිපතිවරයා ගෙන යන ක්‍රියාමාර්ගය අගය කරන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ දි මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව උපරිම දඞුවම් ලබාදීමට පියවර ගත යුතු බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ රටේ ප්‍රශ්න විසඳීම සදහා වෙනත් කිසිදු පාර්ශවයක සහය ලබාගැනීම යෝග්‍ය නොවන බවයි.


Jun
27

දකුණු අපි‍්‍රකානු ජනාධිපති සිරිල් රමපෝසා දිවයිනට

Generic placeholder image

දකුණු අපි‍්‍රකානු ජනාධිපති සිරිල් රමපෝසා කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. ජී විස්ස සමුළුව සදහා සහභාගිවීමට ජපානයේ ඔසාකා වෙත යන අතරතුර අද පෙරවරුවේ ඔහු කටුණායක ගුවන් තොටුපලට පැමිණි බවයි වාර්තා වන්නේ. දකුණු අපි‍්‍රකානු ජනාධිපතිවරයා පිළිගැනීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා ගුවන්තොටුපලට පැමිණ ඇති අතර එහිදී ඔවුන් සුහද පිළිසදරක නිරතව සිට තිබෙනවා.


Jun
27

රෝහිතට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු 30 යළි අරඹයි

Generic placeholder image

හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුව අද(27) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. එහිදී විනිසුරුවරයා නියම කළේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 30 වනදා […]


Jun
27

පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Generic placeholder image

රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීම් කටයුත්තක් අතර තුර පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය පැවසුවා. කම්කරුවන් පිරිසක් අදාළ පාසලේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා බිම සකස් කරමින් සිටියදී පස් කන්ද කඩා වැටී ඇති අතර එහිදි ඉන් එක් අයෙකු ඊට යටවී ඇති අතර අනෙක් […]


Jun
27

ආහාර පනත 2020 සිට ක්‍රියාත්මකයි

Generic placeholder image

ගුණාත්මක ආහාර වේලක් තිරසර ජිවිතයක් සහ යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සදහා ආහාර සුරක්ෂිතතාවය පිළිබද නව නිර්ණායක සහ රෙගුලාසි 2020 ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලෝක ආහාර සුරක්ෂිතතා දින ජාතික උත්සවය […]


Jun
27

තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප

Generic placeholder image

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණා. කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ මෙම අධිචෝදනා බාරදුන් අතර විත්තිකාර අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් බැගින් වූ ශරීර ඇප […]


Jun
27

නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා භාරයට

Generic placeholder image

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (26) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක ‍යාත්‍රාවක් මඟින් කච්චතිව් දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් […]


Jun
27

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව අද

Generic placeholder image

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවනු ලබනවා. එහිදී වෛද්‍යවරයා විසින් සිදු කරනු ලැබූ බව පැවසෙන වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළ චෝදනා සහ අයථා ලෙස වත්කම් උපයා ගැනීමට අදාළ චෝදනා විභාග කරනු ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]


News Articles
Latest Videos
Most Popular Post